Interview with Dr. H.M.D.R. Herath
හන්තාන කඳු පන්තිය තුරුලේ පහස ලබන, මහවැලි ගං කොමළියගේ නෙක හැඩ රටාවන්ගෙන් විභූෂිත වූ, පේරාදෙණිය සරසවියේ විද්‍යාර්ථයන් තුළ, පරිසරය, තුරුලතා, ඇළ දොළ ගංගා කෙරෙහි ඇත්තේ අපමණ ලෙන්ගතුකමක්. ඒ ආහ්ලාදජනක හැඟීම සිය ඇටමිදුළු දක්වා ම කා වැදුණු විද්‍යාර්ථයන් පිරිසක්, එදා හැත්තෑව දශකයේ මුල්භාගයේ, තවත් විශ්වවිද්‍යාලීය සහෘදයන්ට, ඔවුන් ලද අත්දැකීම් සමීප කරනු වස් ගොඩනැගුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ගවේෂකයන්ගේ සංගමය නැමැති කුඩා දිය දහරාව, දශක ගණනාවක් ඔස්සේ විශ්වවිද්‍යාලීය ප්‍රජාව තමා වටා ඒකරාශී කර ගනිමින්, සුමුදු වැලි තලාවන් මතින් මෙන්ම ගල් බොරළු පිරි බාධක හමුවේ, නොනැවතී නොනැසී විසල් ගංගාවක් දක්වා සිය භාරය පුළුල් කර ගනිමින් වර්තමානය දක්වාම ගලා ඇවිත්.
peraCHAMPS School Orientation - 2020
ඉර පායන පැත්තට හැරෙන සූරියකාන්ත මල් වගේ අපිත් හොයාගන්නව කොහොමහරි හිත්වලට ලෙංගතු දේවල්
ජීවිතේ විඳින්න, හුස්ම ගන්න අපිට ඕන විදිහට.
ඉතිං එහෙම, කන්දක් නගින්න, පරිසරය විඳින්න, එහෙ මෙහෙ දුවන අතරෙ පේන මේ ඇස් ඉස්සරහම තියන
අපිට මග හැරෙන ලෝකය සැහැල්ලුවෙන් නිදහසේ විඳින්න වගේම මේ පය ගහල ඉන්න බිමට දෙයක් කරන්න
පුළුවන් තැනක අපි හුස්ම ගන්නව.
මේ උඩ දියලුම සංරක්ෂණයට යොමු විය යුතුම කාලයයි.....!
ලොව අනෙකුත් රටවල් හා සසඳා බලන විට විශාල ජෛව විවිධත්වයක් ඇති දූපතක් ලෙස ශ්‍රී ලංකාව සැලකේ. මේ නිසා දේශීය පමණක් නොව විදේශීය සංචාරකයන් දැඩිසේ ඇලුම් කරන තෝතැන්නකි. අද වන විට කඳු තරණයට හා කඳවුරු බැඳීමට විශාල නැඹුරුතාවයක් ඇති වී අත්තේද ශ්‍රී ලංකාවේ මනස්කාන්ත කඳු පන්තීන් නිසාය. මේ ලෙස කඳු තරණයට පමණක් නොව කඳවුරු ගැසීමට වඩාත් සුදුසු ස්ථානය බොහොමයක් ඇති නිසා ඌව පළාතේ මධ්‍යම කඳු පන්තියට විශාල තැනක් හිමිවේ. උඩ දියළුම , මඩොල්සිම , නමුණුකුල කඳු පන්තිය, නාරංගල, ඇල්ල ඒ අතරින් ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකි. නමුත් සංචාරයේදී බොහෝ දෙනෙක් තම සතුට ගැන සිතනවා විනා පරිසරයේ ආරක්ෂාව පිලිබඳව ඉතා අඩ සැලකිල්ලක් දක්වති. මෙහි අවසානය පරිසරය දූෂණයට ලක් වීමයි.

"Raja Kapuru" - Stage Drama
The drama " Raja Kapuru" which was organized by the University Explorers club was held at the prof. Ediriweera Sarathchandra Open Air Theater yesterday (2017-04-25). The drama "Raja Kapuru" which was a history for about 29 years staged for the first time at the open air theater and the air theater was filled with a huge crowd.
Read More>>
පේරාදෙණියේ ධවල සිහිනය
ඔවූහු තාරුණ්‍යයේ පෙරළිකරුවෝය. තාරුණ්‍යය සැබැවින්ම උකහා ගත්තෝය. ඔවුනට කල නොහැකි යමක් ඇත් නම් ඒ අරුත්සුන් යමක් හෝ අනර්ථ වූවක් පමණි. මොවූහු නම් අන් කිසිවෙකු නොව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගවේෂකයින්ගේ සංගමයේ සමාජිකයින් ම ය.
"ඇවිදීමයි ජීවිතය(Walking is living )" කරගත් මේ තරුණ නඩයේ සමාජිකයින්ගේ ගවේෂණයට හසු නොවූ මායිමක් නැති තරම්ය. ප්‍රධානව ම ලංකාව පුරා කඳු , දිය ඇලි, තරණය කරමින් ගවේෂණය සිදු කරනුයේ තවත් බාලපරම්පරාවක් හැඩ ගසමිනි. අයෙකු ගහකොල සතා සීපාව ගවේෂණය කරද්දී, අයෙක් ඒවා ඡායාරූපකරණයට නංවති. අයෙක් ඒවායින් ලේඛන කලාව ප්‍රගුණ කරති. කුමන කලාවක් ප්‍රගුණ කිරීමටත් නවමු අදහස් හා ඒවා අත් හදාබැලීමේ අභියෝගය භාර ගත යුතු වෙයි. සොබාදහම මේ සියලු ආකාරයේ ගවේෂණයන්ගේ තෝතැන්න වෙයි. ඔවුන ට ඔවුන්ගේ සංගමය මේකී නොකී සියලු ගවේෂණ සඳහා තෝතැන්නයි.
No comments:
Post a Comment