ලොව අනෙකුත්
රටවල් හා සසඳා බලන විට විශාල ජෛව විවිධත්වයක්
ඇති දූපතක් ලෙස ශ්‍රී ලංකාව සැලකේ. මේ නිසා දේශීය පමණක් නොව විදේශීය සංචාරකයන්
දැඩිසේ ඇලුම් කරන තෝතැන්නකි. අද වන විට කඳු තරණයට හා කඳවුරු බැඳීමට විශාල නැඹුරුතාවයක්
ඇති වී අත්තේද ශ්‍රී ලංකාවේ මනස්කාන්ත කඳු පන්තීන් නිසාය. මේ ලෙස කඳු තරණයට පමණක්
නොව කඳවුරු ගැසීමට වඩාත් සුදුසු ස්ථානය බොහොමයක් ඇති නිසා ඌව පළාතේ මධ්‍යම කඳු පන්තියට
විශාල තැනක් හිමිවේ. උඩ දියළුම ,
මඩොල්සිම , නමුණුකුල කඳු පන්තිය,
නාරංගල, ඇල්ල ඒ අතරින් ප්‍රසිද්ධ ස්ථාන
කිහිපයකි. නමුත් සංචාරයේදී බොහෝ දෙනෙක් තම සතුට ගැන සිතනවා විනා පරිසරයේ ආරක්ෂාව
පිලිබඳව ඉතා අඩ සැලකිල්ලක් දක්වති. මෙහි අවසානය පරිසරය දූෂණයට ලක් වීමයි.
පසුගිය අවුරුදු
කිහිපය තුළ අප ඉහත සඳහන් කල ස්ථාන අතරින් උඩ දියළුම ප්‍රදේශයට අවධානය යොමු කළහොත්
එහි පරිසරයට හා ජල ප්‍රවාහයන්ට වේගවත්ව අහිතකර බලපෑම් සිදු වී ඇති බව නිරීක්ෂණය කල
හැකිය. 2016 වර්ෂ යේදී අපට එකඳු ප්ලාස්ටික් බෝතලයක් හෝ පොලිතීන් කවරයක් දැකගත වූ නොහැකි නමුත් අද වන විට පරිසරයට හා ජලයට
සැලකිය යුතු හානියක් සිදු වී ඇති අයුරු දකින ඕනෑම කෙනෙකුට පෙනේ.
දියළුම දිය ඇල්ල
දියළුම දිය ඇල්ල උසින්
220m(720ft) වන ලංකාවේ දෙවෙනි උසම දිය ඇල්ලයි. එයට
උස අනුව ලෝකයේ 361 වන ස්ථානය හිමිවේ. බදුල්ල
දිස්ත්‍රික්කයේ වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ කොස්ලන්ද සිට 6 km දුරින් පිහිටා ඇත. පුන්ගල ඔයෙන් පෝෂණය වී නිර්මාණය වන මෙය අවසානයේ කුඩා
ඔය ට හා කිරිඳි ඔය ට එක්වේ.
උඩ දියළුම දිය ඇල්ල
මෙය මස්කෙලිය-පුන්ගල වතුයායේ
පිහිටා ඇත. බණ්ඩාරවෙල - පුන්ගල මාර්ගයේ (~21
km) හා පුන්ගල - කොස්ලන්ද මාර්ගයේ (6 km) හෝ වැල්ලවාය - කොස්ලන්ද මාර්ගය හා කොස්ගල - පුන්ගල මාර්ගය භාවිතා කර
එතනට ලඟා විය හැක. පුන්ගල වතුයායේ වාහන නවතා පැයක පමණ පා ගමනකින් පසුව ප්‍රධාන දියළුම
ඇල්ල වෙතට ළඟා විය හැක. මඳක් ඉහලට ගමන් කිරීමෙන් පසු උඩ දියළුමට ළඟා විය හැක.
ජෛව විවිධත්වය :
උඩ දියළුම පරිසර පද්ධතිය
සැලකීමේදී අතරමැදි දේශගුණික කලපයට හා තෙත් කලාපීය දේශගුණයට අයත් වේ. භූ ලක්ෂණ සැලකීමේදී
ඌව පළාතේ දකුණු කඳුකරයට අයත් වේ. මූලික වශයෙන් පාංශු පැතිකඩ ලෙස රතු පැහැයට හුරු දුඹුරු
පස සහ නොමේරූ දුඹුරු ලෝම සහිත කඳුකර හා බෑවුම් සහිත භූමියක් ලෙස නිරීක්ෂණය කල හැක.
පෙර සඳහන් කල පරිදි හෙක්ටයාර 88408 ක් පෝෂණය කරමින් 10% කට ආසන්න ජල ප්‍රමාණයක් පළාතේ
පරිභෝජනය උදෙසා ලබා දෙමින් කිරිඳි ඔය ට ගලා යයි. පොදු ලක්ෂණයක් ලෙස නැගෙනහිර පහත් බිම්
වල මල් වර්ගද මෙහිදී හඳුනා ගත හැක. එලෙසම ප්‍රදේශය පුරාවටම තෙත් හා සදාහරිත වනාන්තර
වල ඇති ගස් වලින් පිරී ඇත. වැදගත්ම කරුණ නම් ශ්‍රී ලංකා රජය විසින් මෙය වන ජීවී සංරක්ෂණ
ප්‍රදේශයක් ලෙස නම් කර තිබීමයි.
මිරිදිය මත්ස්‍ය විශේෂ
•Anguilla bicolor (කළු අඳා/මඩ ආඳා)
• Anguiila bengalensis (පොල්මල් ආඳා/වයිරන් ආඳා)
• Channa kelrtii (පරඩැල් කනයා/කනයා)
• Channa striata (ලූලා)
•Etroplus suratensis (කොරලියා/මල් කොරලියා)
• Clarias brachysoma (මගුරා)
• Dawkinsia singhala (දම් කොළ පෙතියා) (Endemic)
• Devario malabaricus (දම් කොළ සාලයා) (Indigenous)
• Garra ceylonensis (ගල් පාඩියා) (Endemic)
• Puntius “bimaculatus”(ඉපිලි කඩයා) (Indigenous)
• Rasbora microcephalus (කිරි දංඩියා) (Indigenous)
• Systomus timbiri (ශ්‍රී ලංකා පෙතියා) (Endemic)
• Awaous melanocephalus (බලි වැලිගොව්වා) (Indigenous)
කුරුළු විශේෂ
• Francolinus pictus (තිත් උස්වටුවා)
• Columba torringtoniae (ශ්‍රී ලංකා කොබෙයියා)
• Treron Phoenicopterus (රන් පා බටගොයා)
• Psittacula calthrapae (ශ්‍රී ලංකා අළු ගිරවා)
• Cuculus varius (උකුසු කෝකිලයා)
• Caprimulgus indicus (අළු බිම් බස්සා)
සමනළ හා බත්කූරු විශේෂ
• Talicada nyseus (Red pierrot)
• Graphium Agamemnon menides (Tarled jay)
• Blue Mormon (Papilio ploymnestor parinda)
• Common rose (pachliopta aristalachiae ceylonicus)
• Common bushbrown (Mycalesis perseus typhlus)
ක්ෂීරපායින්
Elephas maximus
maximus (ශ්‍රී ලංකා අලියා) (ගම් වාසීන්ට අනුව මෙම අලියා සාමාන්‍ය අලියාට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා හා
පසූපස පාදයට වඩා ඉදිරි පස පාද කෙටිය.)
වෙනත්
a Freshwater crabs (indigenous)
මිනිස් ක්‍රියාකාරකම්
මැද වර්තමාන උඩ දියළුම :
මෙය මස්කෙලිය-පුන්ගල වතුයායේ පිහිටා ඇත. බණ්ඩාරවෙල - පුන්ගල මාර්ගයේ (~21 km) හා පුන්ගල - කොස්ලන්ද මාර්ගයේ (6 km) හෝ වැල්ලවාය - කොස්ලන්ද මාර්ගය හා කොස්ගල - පුන්ගල මාර්ගය භාවිතා කර එතනට ලඟා විය හැක. පුන්ගල වතුයායේ වාහන නවතා පැයක පමණ පා ගමනකින් පසුව ප්‍රධාන දියළුම ඇල්ල වෙතට ළඟා විය හැක. මඳක් ඉහලට ගමන් කිරීමෙන් පසු උඩ දියළුමට ළඟා විය හැක.
සමනළ හා බත්කූරු විශේෂ
ක්ෂීරපායින්
වෙනත්
2017 වර්ෂයට පෙර ඔබ මෙහි සංචාරය කර ඇත්නම් පොලිතීන්, ප්ලාස්ටික්, බියර් ටින්, බිඳුනු වීදුරු බෝතල් වැනි කෘතීම දෑ බොහොමයක් අද වන මෙහි සෑම තැනම දැකගත හැක. මෙලෙස තැන තැන දමායන පරිසරය විනාශ වන අපද්‍රව්‍ය බොහොමයක් මේ වන විට දැක ගත හැකිය. එපමණක් නොව ඔබ ගඟ දෙපස ඇවිද බැලුවොත් මිනිස් අපද්‍රව්‍ය බොහොමයක් දැක ගත හැක්කේ දැනුවත් කිරීමේ පුවරුද නොසලකා හරිමිනි. කරුණාකර මේ වටිනා පරිසරය සුරැකීම සඳහා ඔබේ අවධානය යොමු කරන්න.
2017 වර්ෂයට පෙර ඔබ මෙහි සංචාරය කර ඇත්නම් පොලිතීන්, ප්ලාස්ටික්, බියර් ටින්, බිඳුනු වීදුරු බෝතල් වැනි කෘතීම දෑ බොහොමයක් අද වන මෙහි සෑම තැනම දැකගත හැක. මෙලෙස තැන තැන දමායන පරිසරය විනාශ වන අපද්‍රව්‍ය බොහොමයක් මේ වන විට දැක ගත හැකිය. එපමණක් නොව ඔබ ගඟ දෙපස ඇවිද බැලුවොත් මිනිස් අපද්‍රව්‍ය බොහොමයක් දැක ගත හැක්කේ දැනුවත් කිරීමේ පුවරුද නොසලකා හරිමිනි. කරුණාකර මේ වටිනා පරිසරය සුරැකීම සඳහා ඔබේ අවධානය යොමු කරන්න.
No comments:
Post a Comment