Saturday, July 13, 2019

*ගවේශණය*:- උතුවන්කන්ද

*ගවේශණ අංකය*:- 05

*දිනය*:- 2019/07/14

*පිටත් වන වේලාව*:- 0730h

*නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමට බලාපොරොත්තු වන වේලාව*:-1900h

*මාර්ගය*-:-පේරාදෙණිය ➡️මාවනැල්ල➡උතුවන්කන්ද➡️සරදියෙල් ගල➡️උතුවන්කන්ද➡️මාවනැල්ල➡️පේරාදෙණිය

*පිහිටීම*:-මාවනැල්ලත් හැරමිටිපානත් අතර
Uthuwankanda
https://maps.app.goo.gl/LC5JvEr6GaAZWo9L7
80.42 Latitude : 7.25 Altitude

*බලාපොරොත්තු වන කාලගුණය*:-වියළි කාලගුණයක්

*හැදින්වීම*:-උතුවන්කන්ද ප්‍රසිද්ධ වන්නේ එහි විසූ දීකිරිකෙවාගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල් නිසාය.ඔහු ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් මෙහෙයවූ කැරලි කරුවෙකි.ඔහු සිහිවීමට උතුවන්කන්දේ මුදුන සරදියෙල්ගේ ගල ලෙස නම් කර ඇත.අංශක 90° ක ආනතියක් ඇති තරමක් අසීරු කන්දකි.උස මීටර් 431 පමණ වේ.සරදියෙල්ව සිහි කිරීමට ගම්මානයක් එම යුගයේ ආකාරයට ප්‍රතිනිර්මාණය කර ඇත.

*පරිසර පද්ධතිය*
ශුෂ්ක කටු කැලෑ

*දැකිය හැකි සතුන්,ශාක*
වියළි පරිසර තත්ව නිසා ජීවත්වන විශේෂ සංඛ්‍යාව අවම අතර කටුස්සන්,තලගොයින් ඇතුලු උරඟ විශේෂ ද දැඩි ශුෂ්ක පරිසරයට හැඩගැසුණු කෘමීන්,කුළු හරක්,ඌරන් වැනි ක්ෂීරපායින් ඇතුලු සත්ව හා ශාක විශේෂ ඇත.

*දර්ශන පථය*
මාවනැල්ල ප්‍රදේශය, කෑගල්ල ප්‍රදේශය, හඳුරු කන්ද, ඉදුල්ගොඩ කන්ද, ඌරා කන්ද(Ashrof), නුවර- කොළඹ පාර, අලගල්ල, බතලේගල, දොලොස්බාගේ කඳු ප්‍රදේශය

*ගවේශණයේදි ලබාගත හැකි අත්දැකීම්*:-කඳු නැගීම්,ජායාරූපගතකරණය

*රැගෙන ආ යුතු දෑ*:-වතුර බෝතල්,පුද්ගලික බෙහෙත්,දිවා ආහාරය,හිස් වැසුම්

*විශේෂ කරුණු*:-බඹර වඳ ඇති බැවින් කෑ ගැසීමෙන් වළකින්න.
කඳු නැගීමට සුදුසු සැහල්ලු ඇදුමකින් පැමිණීම
ඔබට පහසු වේ.(Bottum,Tshirt,Shoes)
හිස් ආවරණ පැළදීමෙන් ඔබට හිරු එලියෙන් එන පිලිස්සීම් අවම කරහැක.
පොලිතින් ප්ලාස්ටික් රැගෙන යාම අවම කරයුතු අතර රැගෙන යන දෑ නැවත ගෙන ආ යුතුය.
වියළි කාලගුණය සහ හිරු රශ්මිය අධික නිසා වැඩිපුර වතුර පානය කිරීම සුදුසුය.

*වැඩිදුර විස්තර*
කල්ප(හබලා)0713866193
දසුන්(ඩාබා)0714985497

https://m.facebook.com/peraexplorers/

Type :- follow @peraexplorers
Send to 40404

No comments:

Post a Comment