Friday, August 29, 2025

කබරගල ගවේෂණය - 2025

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ 26/25 හත්වන ගවේෂණය ලෙස කබරගල ගවේෂණය 2025.08.10 දින සිදු  කරන ලදී.

 


දිනය ; 2025/08/10

 

ගවේෂණ අංකය ; 07

 

ගමන් මාර්ගය ; පේරාදෙණිය-ගම්පොල-නාවලපිටිය-කබරගල-නාවලපිටිය-ගම්පොල-පේරාදෙණිය

 

පිහිටීම ;

 

හැඳින්වීම ;

 

සිතියමක y අකුරක හැඩයෙන් දිස්වන දොලොස්බාගේ කඳුවැටිය ප්‍රධාන කඳුවැටි දෙකකින් සෑදි ඇත. එහි ඊසන දෙසින් පිහිටි කබරගල, දොලොස්බාගේ කඳුවැටියේ උසම කඳු මුදුන ලෙස සැලකෙන අතර එය මුහුදු මට්ටමේ සිට 1506m උසකින් පිහිටා ඇත. එය ආසන්නයේ පිහිටි 1438m උසකින් යුත් රාක්ෂගල කන්ද කඳුවැටියේ දෙවන උසම කඳු මුදුන වේ.

මෙය සංචාරකයන්ගේ ඉමහත් ආකර්ෂණයට පසුගිය වසර කිහිපයේදී බඳුන් වී ඇති අතර එහි සතිඅන්තයේදී කඳවුරු බැඳගත් කඳු නගින්නන්  සුලබ දසුනකි.

සාමාන්‍යයෙන් තරණය කිරීමට පහසු සහ දර්ශනීය දර්ශන පථය හේතුවෙන් මෙය කඳු නගින්නන් අතර

 

ප්‍රචලිත වන්නට ඇත.                             

 

දැකිය හැකි සත්ත්ව විශේෂ ;

 

කඳුකර පරිසර තත්ව නිසා ජීවත්වන විශේෂ සංඛ්‍යාව අවම වේ.

කඳු ආශ්‍රිත පක්ශීන් විශේෂ

කටුස්සන්, සර්පයන් වැනි උරග විශේෂ

ගෝනුස්සන්, පත්තෑයන් වැනි සත්ත්වයන්

බඹරුන්, මී මැස්සන් වැනි කෘමි විශේෂ

ඕලුමුවන්, ඌරන්, දිවියන්, කුළුමීහරක් වැනි ක්ෂීරපායින්

 

දැකිය හැකි ශාක විශේෂ ;

 

ලයිකන, පාසි ආදිය බැඳුණු ඇඹරුණු ශාක විශේෂ

මානා වර්ග

 

දර්ශන පථය ;

 

දෙවනගල

අම්බුලුවාව

නකල්ස් කඳු වැටිය

හන්තාන කඳු වැටිය

දොලොස්බාගේ කඳු ප්‍රදේශය

වවුල්ගල  

කොටගල

 

ශ්‍රීපාදය

මොනරගල

පිදුරුතලාගල

ග්‍රේට් වෙස්ටර්න්

මහවැලි මහා සෑය

 

මානව ක්‍රියාකාරකම් ;

 

ශ්‍රී ලංකාවේ කබරගල හි මානව ක්‍රියාකාරකම් ප්‍රධානවශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ එහි ප්‍රචලිත කඳවුරු බැඳීම නිසාවෙනි. මානව ක්‍රියාකාරකම් දේශීය ශාක හා සත්ත්ව විශේෂවල වාසස්ථාන අහිමි වීමට හේතු වී තිබේ. කඳදුරු බැඳීම් හේතුවෙන් කඳුකර ගිනි තැබීම් වැනි තත්ත්වයන්ද එසේම විධිමත් කසල කලමණාකරණයක් නොවන බවද මෙහිදී දැක ගත හැකි විය. ඍණාත්මක බලපෑම් අවම කිරීම සඳහා දේශීය ප්‍රජාවන් සම්බන්ධ කරගැනීමට සහ තිරසාර සංචාරක පිළිවෙත් මෙහෙයවීමට උත්සාහ ගැනීම මෙම පරිසර පද්ධතිය ඉතිරි පරම්පරාවන් වෙනුවෙන් ඉතිරි කර ගැනීමට වැදගත් වේ.

 

 

ගවේෂණ සටහන ;

 

විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ 25/26 ගවේෂණ වාරයේ 07වන ගවේෂණය ලෙස කබරගල

 

ගවේෂණය සිදු කරන ලදී. 2025. 08.10 දින උදෑසන 7 වන විට ගවේෂකයන් හතලිහකට අධික ප්‍රමාණයක් විද්‍යා පීඨය වෙත පැමිණ සිටි අතර පෙ.ව.8.00 පමණ ගවේෂකයන් විශ්වවිද්‍යාලයෙන් පිටත් විය. ගමන ආරම්භ කිරීමට පෙර සියලු දෙනා  කණ්ඩායම් 4 කට බෙදුන අතර එක් එක් කණ්ඩායම් එක් එක් මාතෘකා යටතේ ගවේෂණය කිරීමට වගකීම් බාරගන්නා ලදී. මෙලස ගවේෂණය ආරම්භ කල ගවේෂකයන් ගම්පොල හරහා නාවලපිටියට බස් රථයෙන් ගමන් කර ඉන් පසු නාවලපිටිය-දොලොස්බාගේ බස් රථයකින් අපගේ ගවේෂණ ආරම්භක ස්ථානය වන පරගල හන්දියට ලඟාවුණි. ඉන්පසු එතැන් සිට ශ්‍රී ජේතවනාරාමයට වන මාර්ගය ඔස්සේ ගවේශකයන්ගේ මංපෙත වැටී තිබිණි.

උදෑසන 10.30 පමණවන විට අපි එම ස්ථානයට ලඟා වුණෙමු. ආරම්භක මාර්ගය පැහැදිලි මාර්ගයක් වූ අතර මෙම මාර්ගය පංසල පිටුපසින් පෞද්ගලික ඉඩම් හරහා වැටී තිබූ අතර 500m පමණ එහි ගමන් කිරීමෙන් පසු අප තේ වත්තක් වෙත ලඟා වූ අතර එය කඳු පන්තියෙහි පහළ කොටස විය. ඉන්පසු අපගේ ගමන් මාර්ගය කුඩා අඩිපාරක් වූ අතර එය කඳු පන්තියේ දාරය දිගේ වැටී තිබිණි. අපගේ ගමන මධ්‍යයේදී අපට නැවත කඳු පන්තියේ ආරම්භය වෙත ලඟාවෙමින් සිටින කඳවුරු බැඳගත් ගවේශකයන් ද මුණගැසුනි. ක්‍රමයෙන් අප කඳු මුදුන වෙත ලඟාවෙමින් සිටින අතරමග කඳු වැටියෙන් පිටතට නෙරා පිහිටා කලු ගලක් දකගත හැකි වූ අතර එය මනරම් දසුනක්

 

මවයි. මෙය ඇතැම් තැනෙක "පහල බලන ගල" ලෙසද හඳුන්වා දී ඇත. මෙය මුදුනට තරමක් පහලින් වුවද මෙම ස්ථානයේ ද ගවේෂකයන් කඳවුරු බඳින බවට සාක්ෂි විය. මෙතැන් සිට මාර්ගය මදක් දුෂ්කර වූ අතර අප කුඩා පයිනස් කැලෑවක් තුලින්  ගමන් කර අවසන කඳු මුදුන වෙත ලඟා විය. කඳු මුදුනෙහිද කඳවුරු බඳින බවට පැහැදිලි සාක්ෂි විය. දහවල් 1.00 පමණ වන විට අපි කබරගල මුදුනට පැමිණ දහවල් ආහාරය ලබා ගන්නාලදී.

 

සියලු දෙනාම ආහාර ගැනීමෙන් පසු එකිනෙකා හඳුනා ගන්නා ලදී. මේ වන විට මීදුම නොතිබූ හෙයින් අපට පැහැදිලි දර්ශන පථයක් තිබූ අතර ගවේෂකයන්ගේ සංගමයේ සාමජිකයෙකු විසින් දර්ශන පථය හා ආවේණික ශාක පිලිබද විස්තර කරන ලදී. ගවේශකයන් ඡායාරූප ගනිමින් සිටියදී දර්ශන පථය මුලුමනින්ම මීදුමින් වැසී ගිය අතර එය ද වෙනස් අත්දැකීමක් විය. සියලුදෙනා ඡායාරූප ගැනීමෙන් පසු අපි නැවත ගමන් ආරම්භ කළෙමු. අපගේ ගමන පුරාවටම දැකගත හැකිවූ දෙයක් නම් පැහැදිලි පරිසර දූෂණයක් සිදුවෙමින් පවතින බවයි. මෙහි සුලබව කඳවුරු බඳින නිසාවෙන් මෙය සිදුවන්නට ඇත. එහෙයින් අපගේ ගමන පුරාවට අපට සැලකිය යුතු කසල ප්‍රමාණයක් එකතු කිරීමට විය. එසේම මෙම ගමන් මාර්ගයේ කිසිඳු තැනක පිරිසිදු දිය කඩිති දැකගත නොහැක. එහෙයින් ජලය අරපිරිමැස්මෙන්

 

භාවිතා කිරිම මෙම ගවේෂණවෙදී අනිවාර්ය විය. මෙහිදී අපි පැමිණි මාර්ගය ඔස්සේම ගමන් කළ අතර නැවත පරගල හන්දිය වෙත 3.30 වන විට ලඟාවිය. ඉන්පසු අපි දොලොස්බාගේ-නාවලපිටිය බස් රථයකින් නාවලපිටියට ලඟාවී එතැන් සිට පේරදෙණියට දුම්රියෙන් ගමන් කළෙමු.  අප නැවත විශ්වවිද්‍යාලයට පැමිණෙන විට හවස 7.30 පමණ විය. නැවත පැමිනීමෙන් පසු ගීත ගායනා කල සියලු දෙනා නැවත විසිර ගියේ අලුත් ගවේෂණයක් නැවත ආරම්භ කිරිමේ නැවුම් බලාපොරොත්තුවක් හා අලුතෙන් හඳුනාගත් මිතුරු කැලක්ද සමගිනි.


https://www.facebook.com/share/p/1BBT8sELKv/?mibextid=wwXIfr

Written by - Tharushi jayasekara




Wednesday, August 20, 2025

හදුරුක්කන්ද ගවේෂණය 2025

හදුරුක්කන්ද ගවේෂණය 2025/26

ගවේෂණ අංකය : 04

දිනය : 2025.07.27

ගමන් මාර්ගය: පේරාදෙණිය → මාවතගම → තැම්පාන → මාවතගම → පේරාදෙණිය

පිහිටීම: තැම්පාන

https://maps.app.goo.gl/3sqb6MjZGpXJCCmY7

 


 

හැදින්වීම:

වයඹ පළාතේ උසින් වැඩිම කඳු අතරින් දෙවැනි තැන ගන්නා හඳුරුක්කන්ද වටිනා ජෛව විවිධත්වයක් දැකගත හැකි සුන්දර රක්ශිතයකි. මෙම කන්ද මුහුදු මට්ටමේ සිට උස මීටර් 790ක් පමණ වේ. එමෙන්ම එක් දිනක් තුල තරණය කල හැකි අතර කුරුණෑගල නගරයේ සිට 16 km ක් පමණ දුරකින් පිහිටා ඇත. උස් කන්දක් වුවද මෙය සාපේක්ෂව පහසු මට්ටමේ සංචාරයකි. හඳුරුක්කන්ද වටා පවතින භූමිස්වභාවය, කඳුකර දර් ශන පථය, තේ වතුයාය සහ වනාන්තර වලින් යුක්ත වූ අලංකාර ස්වභාවික පරිසරයකි. මෙහි පැමිනෙන්නෙකුට ඒ ආසන්නවම පිහිටා ඇති තැම්පාන ජලාශයද නැරඹීමට හැකියාව ඇත.

පරිසර පද්ධතිය : කඳුකර ලදු කැලෑ ( Tropical Montane Forest)

 




දැකිය හැකි සතුන් - :

 

 





 

කඳුකර පරිසර පද්ධතියක් හඳුනාගත හැකි අතර මෙහි ජීවත් වන සත්ව විශේෂ කිහිපයකි. කඳු ආශ්‍රිත පක්ෂි විශේෂ කිහිපයක් ද, කටුසු විශේෂ සහ උරග විශේෂ ලෙස සර් පයින්ද මෙහි දැක ගත හැකිය. වැලි මුවන්,මී මින්නන්, වල් ඌරන්, කබල්ලෑවන්, ඉත්තෑවන් වැනි සතුන් මෙන්ම සමනලුන් ද දැකගත හැකිය. මද වැසි සහිත සහ තෙත් කලාපීය පරිසර පද්ධතියක් නිසාවෙන් කුඩැල්ලන් බහුල ලෙස හමු වේ.

දැකිය හැකි ශාක -:

 

 




 

හදුරුක්කන්ද පරිසර පද්ධතිය තුල මීවන,වේ වැල්, පුස් වැල්, තිත්ත ඇට වැල් වැනි ස්වදේශීය (native) ශාක මෙන්ම ස්වදේශික (endemic) ශාකද දැක ගත හැකිය. එලෙසම ලංකාව තුල පමනක් පවතින හීන්බෝවිටියා ශාකයද බහුලව දැකගත හැකි වේ. එලෙසම ආක්‍රමණකාරී ශාක (invasive species) කිහිපයක්ම දැක ගත හැකි වේ. (කට කලු හීන්බෝවිටියා, Clidemia hirta, Mimosa pigra, Weddella trilobata) එලෙසම පහත් කුලයට අයත් පාසි, අං ශාක, අක්මා ශාක වර්ග කීපයක් ම දැක ගත හැකි වේ. (Lycopodium, Poganatum)

දර්ශන පථය -:

ඇතුගල,අදාගල,මරලුවාව, බිසෝගල, නැව්ගල, සැලගම, අලගල්ල,හුන්නස්ගිරිය





මානව ක්‍රියාකාරකම් :

 




 

 

කඳු බෑවුමට වන්නට මිනිසුන් අතළොස්සක් පමණ වන කුඩා ගම්මාන ඇත. කදු මුදුනට වන්න මෑතකදී ඉදිකිරීම් අරම්භ වූ නිවාස කිහිපයක් දැක ගැනීමට හැකි විය.පහල ප්‍රදේශයේ තේ වගාවක් පැවති අතර ඒවා ජෛව විවිධත්වයේ වෙනස්කම් සඳහා ද දායක වී ඇත. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දේශීය විශේෂවල වාසස්ථාන අහිමි වී ආක්‍රමණශීලී විශේෂ පැතිරීමට හේතු වී තිබේ. අනවසර ඉදිකිරීම් වැනි තත්ත්වයන්ද මෙහිදී දැක ගත හැකි විය.

ගවේෂණ සටහන :

විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමය විසින් 2025/26 ගවේෂණ වාරයේ 04 වන ගවේෂණය ලෙස හදුරුක්කන්ද තරණය කිරීමට තීරණය කළෝය. 2025.07.27 වන ඉරුදින උදෑසන 07.40 පමණ වන විට ගවේෂණය සඳහා සූදානම් ගවේෂකයන් 93 ක් විශ්ව විද්‍යාල විද්‍යා පරිශ්‍රයට සම්බන්ධ වී සිටියෝය. උදෑසන 08.20 පමණ වන විට හදුරුක්කන්ද ගවේෂණයට සියලුම ගවේෂකයන් සූදානම් විය. මෙහිදී සංගමයේ සභාපති සහෝදරයාගේ උපදෙස් මත ගමන් ආරම්භයට පෙර පිරිස කණ්ඩායම් 04 කට බෙදුණු අතර ඒ කණ්ඩායම් විසින් ගවේෂණයට අදාළ සතුන්, ශාක, භූ විෂමතාවය,

මානව ක්‍රියාකාරකම් හා ඒ මඟින් වර්තමානය වන විට ඇති වී ඇති වෙනස්කම්, බලපෑම් පිළිබඳව තොරතුරු සෙවීමට සහ ඡායාරූප ගැනීමට දැනුවත් විය.

 


  

 

මෙලෙස ගමනාරම්භ කළ අප මාවතගම පසු කර හඳුරුක්කන්ද තරණයට සූදානම් වූයේ පෙරවරු 10.20 ට පමණය. ආරම්භය තරමක් පහසු කඳු තරණයක් වූවත් මුදුනට ආසන්නව පැවති දැඩි බෑවුම් ගතියත් පොලවේ ලිස්සන සුලු ස්වභාවයත් අධික කූඩැල්ලන් ගහණයත් හේතුවෙන් අපගේ ගමනාන්තය වන හදුරුක්කන්ද මුදුනට පැමිනියේ පස්වරු 02.00ට පමනය. වටේට පැවති ගස්වැල් හේතුවෙන් දර්ශන පථය තරමක් අවහිර විය.

 


   

මුදුනේදී විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජික සහෝදර ස‌හෝදරියන් විසින් හඳුරුක්කන්ද සම්බන්ධ විස්තර කථනයක් සිදුකළ අතර එහිදී පෙනෙන දර්ශන පථය, මෙහි පවතින ස්වභාවික හඳුරුක්කන්ද පරිසරය, භූ විෂමතාවය, ශාක හා සත්ව ප්‍රජාව පිළිබඳව මෙන්ම වර්තමානයේ සිදු කෙරෙන මානව ක්‍රියාකාරකම් හා එහි බලපෑම් පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ලබා දුන්හ. කඳු මුදුනේ සිට ඡායාරූප ගැනීමටද අවස්ථාව ලබා දුන්නේ සියලුම සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව

සැලකිලිමත් වෙමිනි.

කඳු මුදුනේදී මුහුණ පෑමට සිදු වූ ඉඩ අඩු තත්වය හේතුවෙන් නැවත කන්ද බැසීමට සිදු විය. පහලට බැසීමේදී හමුවුනු කුඩා අම්බලමක් වැනි ඉදිකිරීමක් තුල සිට දිවා ආහාරය ගත් අප ඉන් පසුව ගවේෂණයට සහභාගී වූ සියලු දෙනාම හඳුනා ගැනීම සිදු කළ අතර පසුව එදින අප ගවේෂණයට සහභාගී වූ විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජික සහෝදර සහෝදරියන් ඔවුන්ගේ අත්දැකීම් අප සමග බෙදාගත් හ. ඉන්පසුව ආ මග ඔස්සේම නැව කන්ද බැසීමු. මෙහිදී අපට දැකගත හැකි වූ විශේෂ නිරීක්ෂණයක් වන්නේ කඳු බෑවුමට වන්නට සුළු වශෙයන් පිරිස් කුඩා ගම්මාන ලෙස මෙහි පදිංචිව සිටින බවත් ය. මේවා නිරීක්ෂණය කරමින් අප නැවත බස් රථය වෙත පැමිණීමේදී පස්වරු 04.30 ට පමණ වූ අතර නැවත විශ්ව විද්‍යාලය වෙත පැමිණීමේදී 06.15 ට ආසන්නව තිබුණි. මෙලෙස හදුරුක්කන්ද ගවේෂණය සාර්ථකව අවසන් කළ අප සුපුරුදු ගීත දෙක ගායනා කර, පැමිණි සියල්ලන්ටම සතුටින් සමු දුන්නේ නැවත දිනකදී තව ඉසව්වක ගවේෂණයකදී හමු වන බලාපොරොත්තුවෙනි.

 




 

 

Photo Album :

https://www.facebook.com/share/p/15eXdA5hxG/?mibextid=wwXIfr

 

සටහන :

නුවංගි පෙරේරා (Science 21 nonstop)

හශ්නි කාවින්ද්‍ය (Science 21 ගම්මිරිස්)

 

 

Wednesday, July 30, 2025

බතලේගල ගවේෂණය – 2025

 බතලේගල ගවේෂණය – 2025

ගවේෂණ අංකය :- Event No 03

දිනය :-2025/07/20

ගමන් මාර්ගය :- පේරාදෙණිය ➡️ බතලේගල ➡️ පේරාදෙණිය

පිහිටීම :- බතලේගල

https://maps.app.goo.gl/aRGTRBnUfzVjR2dn6?g_st=aw 

 

 



හැඳින්වීම:-


මුහුදු මට්ටමේ සිට අඩි 2618ක් (මීටර් 798ක්) උසට නැගෙන බතලේගල කන්ද, සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක ආසන්නයේ පිහිටා  ඇත. බතල අලයක හැඩය නිසා    බතලේගලයන නාමය ලැබී ඇති අතර, බ්රිතාන් යටත් විජිත සමයේදී “Bible Rock” ලෙසද හැඳින්වුණි. සීගිරිය හැඩයට සමාන පෙනුමක් සහිත මෙම කන්ද, විශේෂයෙන්ම කඳු නගින්නන්ට වඩාත් ජනප්රිය ගමනාන්තයකි.

 

වැසි කාලයේදී අකුණු, මඩ සහ සුළඟ නිසා  මාර්ගය ලිස්සන සුලු වන අතර, ආරක්ෂාකාරීව ගමන් කිරීම වැදගත්ය. වර්තමානයේ බතලේගල කන්දේ ආසන්නයේ භික්ෂූන් වහන්සේලා    වැඩසටහන් කරන ආරණය සේනාසනයක්  දැකගත හැක. ජනප්රවාද වලට අනුව මෙය පැරණි රජවරුන්ගේ ආරක්ෂිත මධ්යස්ථානයක් ලෙසද භාවිත වූ බව සටහන් වේ.

දැකිය හැකි සතුන්


බතලේගල වනාන්තරයේදී පහත සතුන් නිරීක්ෂණය කළ හැක:

 ක්ෂීරපායීන්: රිලවා, මුවා, කලවැද්දා, වල්ඌරා, මුගටියා, උරුලෑවා, බලල්දිවියා, දඩුණේනා, කිරිවවුලා, නරියා, උරූමීයා, ඉත්තෑවා, හාවා, ලේනා

 පක්ෂීන්: කහකුරුල්ලා, බකමූණා, අලුකෑදැත්තා, කොට්ටෝරුවා, ඇටිකුකුලා, සර්පඋකුස්සා, වලිකුකුළා

 උරගයින්: කටුස්සන්, හිකනලුන්, හූනන්, මාපිලුන්, තෙලිස්සන්,    

 විවිධ කෘමීන්: වාසය කරයි

 

දැකිය හැකි ශාක වර්ග




මෙම කඳුකර ප්රදේශයේ වර්ධනය වන ප්රධාන ශාක වර්ග පහත පරිදි වේ:

ඇටඹ, වල්දෙල්, හල්මිල්ල, මිල්ල, බදුල්ල, කළුමැදිරිය, කිතුල්, භූකෙන්ද, අත්කෙන්ද, වල්කුරුදු, මහෝ, පුස්වැල්, රසකිඳ වැල්, සත්සඳ, කොතල, හිඹටු, අරත්ත, තෙඹු, ගඳපාන්, කොටකිඹුල, කැන්ද, හවරි නුග,

එමෙන්ම ලයිකන හා   පාසි වර්ගද දැකිය හැක.

දර්ශනීය ස්ථාන (360° දර්ශන පතය)


 දකුණූ අන්තය: සමසර කන්ද, අම්බුලුවාව, උතුවන්කන්ද, ඌරාකන්ද, දෙවනගල කන්ද, ශ්රී පාදය, කබරගල, රාක්ෂාව කන්ද, අසුපිනි ඇල්ල

 උතුරු අන්තය: අලගල්ල, නකල්ස් කදුවැටිය, හන්තාන කදුවැටිය, ඌරාකන්ද, කඩුගන්නාව, කොළඹ නුවර ප්රධාන මාර්ගය

 

ගවේෂණ සටහන :-


2025 ජූලි මස 20 වන දින, HIKE SEASON 2025/26 යටතේ පවත්වන ලද තුන්වැනි ගවේෂණය ලෙස බතලේගල කන්දට ගමන් ආරම්භ කරන ලදී. උදෑසන 8.00 පේරාදෙණියෙන් පිටත් වූ අපගේ සංචාරය, මාවනැල්ල, ගැවිලිපිටිය හරහා  බතලේගලට පැමිණියෙමු. ාද භූමියෙන් ආරම්භ කළ ගමන .. 1.00 පමණ අප බතලේ ගල මුදුනට ළඟාවිය.

අප ගමන් කළ මාර්ගය මධ්යස්ථ මට්ටමේ කඳු නැඟීමක් වීමෙන්, විශාල අභියෝගයක් නොවීය. කඳු මුදුනට ළඟාවීමෙන් පසුව අපට උතුරු හා  දකුණු අන්තයන්හි නිරීක්ෂණය කළ හැකි වූයේ නකල්ස් පන්තිය ඇතුළු ශ්රී පාදය, අලගල්ල, හන්තාන වැනි බොහෝ   ගිරිකන්දයන්ය. ගවේෂණය  වටින අත්දැකීම් සපයනු වුවද, කඳු නගීමේදී ආරක්ෂාව ප්රමුඛයෙන් සලකන අතර, පරිසරය ආරක්ෂා කිරීම අපගේ වගකීමක් ලෙස සැලකිය යුතුය. .







දහවල් ආහාරය ගත් පසු, අප ජේෂ්ඨ ගවේෂකයන්ගේ මඟ පෙන්වීම් යටතේ   .. 3.00 පමණ ගමන ආපසු ආරම්භ කර, .. 5.30 පමණ විද්යා පීඨයට ආපසු පැමිණිමෙන් අපගේ ගවේෂණය අවසන් විය. අවසන් වශයෙන්, මෙම ගමන පරිසරයට ආදරය කරන සෑම කෙනෙකුටම අමතක නොවන අත්දැකීමක්, සෙරිනිටි මතකයන්ගෙන් එකක් විය.


Album link - 

Written by - H.W. Dilmi senanayaka (Felmi - Agri 21)