ගවේෂණ අංකය : Event No 01
දිනය : 2023 / 08 / 06
ගමන් මාර්ගය : පේරාදෙණිය ➡️ හන්තාන ➡️ පේරාදෙණිය
පිහිටීම : https://goo.gl/maps/qRRgggjE79ob6fbBA
හැදින්වීම :
හන්තාන කඳු වැටිය මහනුවර නගරයට නිරිත දෙසින් පිහිටා ඇති ප්‍රසිද්ධ කඳු පන්තියකි. 2010 වසරේ පෙබරවාරි මාසයේදී ජාතික පරිසර පනත යටතේ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය ප්‍රකාශයට පත් කර ඇත. මෙය අඩි 3800 (~1158m)ක පමණ උසකින් යුක්ත වන අතර මනා දර්ශන පථයක් සපයයි.
කඳු මුදුන් 7කින් සමන්විත වන බැවින් මෙයට හන්තාන යන නම පටබැදුනු බව ජනප්‍රවාද වල සදහන් වේ. එම කඳු මුදුන් අතරින් ඌරා කෙටූ ගල උසම කඳු මුදුන වේ.
පරිසර පද්ධතිය : කඳුකර ලඳු කැලෑ (Cloudy Forest)
දැකිය හැකි සතුන් :
කඳුකර පරිසර තත්ව නිසා ජීවත්වන විශේෂ සංඛ්‍යාව අවම වේ. කඳු ආශ්‍රිත පක්ෂින් විශේෂ, කටුස්සන් ඇතුලු උරඟ විශේෂ, කෘමීන් විශේෂ , ඕලු මුවන්,ඌරන්,දිවියන්,කුළු මීහරක් වැනි ක්ෂිරපායින් දැකගත හැකිවේ. වැසි කාලෙයේදී කූඩැල්ලන් බහුලවය.මෑත කාලීනව හන්තාන ආශ්‍රිත බඹරුන්ගේ ගැවසීම ඉහල ගොස් ඇත.

Brown Spotted CricketPhylum : ArthropodaClass : insectaOrder :- orthoptera
Bracket fungi / scale fungi - ( කඳන් හතු )
Kingdom : fungiGroup - basidiomycota
දිරාපත් වෙන, මියගිය ශාක කඳන් මත වර්ධනය වේ.
දර්ශන පථය :
දර්ශන පථය :
Peacock Hills, ගම්පොළ , කබරගල (Highest Peak of Dolosbage Mountain), කඩුගන්නාව, අලගල්ල , මහවැලි ගඟ, බතලේගල , ඌරා කන්ද, පිදුරුතලාගල කඳු පන්තිය , කුකුලාගල, නකල්ස්, හුන්නස්ගිරිය, Wilshire, ඇටිපොල කන්ද, ශ්‍රී පාදය ,අම්බුලුවාව
ගවේෂණ සටහන :
2023/24 නව ගවේෂණ වාරයේ ආරම්භය සනිටුහන් කරමින් විශ්වවිද්‍යාලීය ගවේෂකයන්ගේ සංගමයේ අපි, අපේ පළමු ගවේෂණය ලෙස හන්තාන කඳු මුදුන තරණය කිරීමට සූදානම් වුනා. ගවේෂණයට ලොල් ගවේශකයන් රැසක්ම අගෝස්තු මස 06 වන ඉරු දින විද්‍යා පීඨ පරිශ්‍රයට රැස්ව සිටියේ නව ගවේෂණ වාරයේ ආරම්භය සුබදායි කරන්නටයි. වියළි කාලගුණයක් ඇති මේ මාසය අපේ ගවේෂණය බාධාවකින් තොරව කරගෙන යෑමට හැකි වීම අපිට මහත් අස්වැසිල්ලක් වුනා.
උදෑසන 8.50 වගේ වන විට හන්තාන ගවේෂණයට ලක ලෑස්ති වූ 70ක් පමණ වූ ගවේෂණකයන් සමඟ අප ගමන ආරම්භ කලේ නව ගවේෂණ වාරයේ අප සංගමයේ සභාපති සහෝදරයාගේ කෙටි දැනුවත් කිරීම් වලින් පසුවයි. ගමන ආරම්භයට පෙර කණ්ඩායම් 04කට බෙදී කන්ඩායම් ගත වූ අපිට සතුන්, ශාක, භූ විශමතා, කන්දේ පිහිටීම පිළිබඳ තොරතුරු සෙවීමට හා චායාරූප ගත කිරීමට උපදෙස් ලැබුනි.
විද්‍යා පීඨයෙන් පිටවූ අපි රජවත්ත, බෝවලවත්ත මාර්ගය ඔස්සේ ගොස් ආරණ්‍ය සේනාසනය හරහා හන්තාන තරණයට සූදානම් වුනෙමු. කඳු පාමුලදී අපගේ හිස්ව තිබූ ජල බෝතල් පුරවා ගත් අපි මාන පඳුරු අතරින් ඉදිරියටම ගමන් කර, අපගේ ගමනාන්තය වන ගල් පොත්තට පැමිණියෙමු. එහිදී අංශක 360ක දර්ශනීය දර්ශනපතයක් දැක ගැනීමට අපට හැකි විය.

ගල්පොත්ත මත සිට දහවල් ආහාරය ගත් අපේ ඊළඟ කර්තව්‍යය වූයේ ගවේෂණයට සහභාගී වූ සියලු දෙනා හදුනා ගැනීමයි. පසුව එදින අප හා ගවේෂණයට සහ සම්බන්ධ වූ විශ්වවිද්‍යාල ගවේශකයන්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික සහෝදර සහෝදරියන් ඔවුන්ගේ අත්දැකීම් අප සමඟ බෙදා හදා ගත්හ.
ඝන මීදුම අතරින් සුළං කපොල්ල, CP2 තේ වත්ත, මාන කැළෑ අතරින් පයිනස් කැළය පහුකර ඉහළ හන්තාන නිකේතනය හරහා පැමිණි අපි උඩ පේරාදෙණිය පාර ඔස්සේ නැවතත් විද්‍යා පීඨයට පැමිණියේ අපේ පළමු ගවේෂණයේ අවසානය සනිටුහන් කිරීමටයි.

අපි නැවත පැමිණෙන විට රසවත් බීම කෝප්පයක් අප වෙනුවෙන් සකස් කර තැබීමට ගවේශකයන්ගේ සංගමයේ සහෝදර සහෝදරියන් වෙහෙස මහන්සි වී තිබුනි. බීම කෝප්පයෙන් විඩා නිවා ගත් අපි සුපුරුදු පරිදි ගීත දෙක ගායනා කර විසිර ගියේ ඉදිරි දිනයකදීද හමු වී තවත් නව ඉසව්වක ගවේශනයකදී හමුවන බලාපොරොත්තුවෙනි.
සඳමිණි මධුරෝශිකා (Science 19 - මල් පෙත්ති )
තොරතුරු :
හංසක දිසානයක (Science 18 - මගුරා)
අවිශ්කා ඉඳුමිණි (Art 19 - ටීගෝ )
No comments:
Post a Comment