Wednesday, November 1, 2023

බතලේගල ගවේෂණය - 2023

 

විශ්වවිද්‍යාල ගවේශකයන්ගේ සංගමයේ 23/24 ගවේෂණ වාරයේ, දෙවන ගවේෂණය වන බතලේගල(Bible Rock) ගවේෂණය 13/08/2023 දින සිදු කරන ලදී. ගමන් මාර්ගය

ගවේෂණ අංකය :  Event No 02

දිනය : 2023 / 08 / 13

ගමන් මාර්ගය :  පේරාදෙණිය - මාවනැල්ල - ගැවිලිපිටිය - බතලේගල - ගැවිලිපිටිය - මාවනැල්ල - පේරාදෙණිය

පිහිටීම: https://maps.app.goo.gl/hQ9GPtrwALoPZhrz9

     මුහුදු මට්ට්මේ සිට මීටර් 798 උසින් පිහිටා ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ආසන්නයේ පිහිටා ඇත.

     අක්ෂාංශ - 7.188835

     දේශාංශ - 80.434759 

     පරිසර පද්ධතිය:    කදුකර ලදු කැළැ (cloud forest)

     දර්ශන පථය:

     දකුණු අන්තය - සාමසර කන්ද, අසුපිනි ඇල්ල, අම්බුලුවාව, උතුවන් කන්ද, දෙවනගල, කබරගල, රාක්ෂාව කන්ද, ශ්‍රිී පාදය

     උතුරු අන්තය - අලගල්ල, හන්තාන කදුවැටිය, කඩුගන්නාව, කබරගල, නකල්ස්, කොලඹ නුවර ප්‍රධාන මාර්‍ගය, මධ්‍යම සානුව

     දැකගත හැකි වූ සතුන් :

සමනල් විශේෂ

1).  Red Pierrot (Talicada nyseus)


සමනලයාගේ පියාපත් සෙන්ටිමීටර 3 සිට 3.5 දක්වා වේ. පසුපස පියාපත්වල පහළ කෙළවරේ විශාල තැඹිලි පැහැති කොටසක් හැර එහි පියාපත්වල ඉහළ කොටස කළු ය. යටි පැත්තේඉදිරිපස පියාපත් සුදු පැහැති වන අතර මායිම දෙසට කළු ලප ඇත. ඔවුන් ඉන්දියාවේ අර්ධද්වීපයේ බහුලව දක්නට ඇති අතරමහාරාෂ්ට්‍රකර්නාටකපන්ජාබ් සහ ඔඩීෂා යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත. ඔවුන් ඊසානදිග ඉන්දියාවේ සහ උතුරු මියන්මාරයේ කඳුකර ප්‍රදේශවල ද දක්නට ලැබේ.

 2). Gladeye Bush Brown (Mycalesis patina)

Gladeye Bush Brown හෝ ​​Mycalesis patina දුඹුරු සමනල පවුලට අයත් වන අතර නිවර්තන සහ අර්ධ නිවර්තන සදාහරිත වනාන්තරවල සහ උණ බම්බු වනාන්තරවල බහුලව දක්නට ලැබේ. Gladeye Bush Brown හි ඉහළ පැත්ත දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර එහි නම සංකේතවත් කරයි. පියාපත් දෙකේම දීප්තිමත් කහ ආන්තික රේඛා ඇත.  

      3).  Marbled White Moth(Nyctemera coleta)  

     Marbled White Moth යනු Erebidae පවුලේ සලබ විශේෂයකි. එය ලස්සන සුදු සහ දුඹුරු-කළු පැහැති සලබයෙකුවන අතර එය සමනලයෙකු ලෙස පහසුවෙන් වරදවා වටහා ගත හැකිය. විශේෂයෙන්එහි පියාපත් විවෘතව ඇති විට. එසේම දිවා කාලයේ ද දැකිය හැකි සලබ විශේෂයකි. සාමාන්‍යයෙන් සලබයන් ක්‍රියාශීලී වන්නේ රාත්‍රී කාලයේදී පමණි.                                                

      පක්ෂි විශේෂ   


ශ්‍රී ලංකා අළු කෑදැත්තා (Ocyceros gingalensis) යනු ශ්‍රී ලංකාවේ බහුලව පැතිරී ඇති සහ බහුලව දක්නට ලැබෙන ආවේණික නේවාසික අභිජනනය කරන්නෙකු වේ. Hornbills යනු පැරණි ලෝකයේ දක්නට ලැබෙන නිවර්තන ආසන්න passerine කුරුල්ලන්ගේ පවුලකි.

අනෙකුත් සත්ත්ව විශේෂ

  1) ගැඩවිලා (Earthworm) Lumricana


2) දිමියා (Weaver Ant) Oecophylla


3) පලා කටුස්සා


දැක ගත හැකි වූ ශාක : 

 බතලේගල යනු තෙත්කලාපිය පෙදෙසක පිහිටා ඇති කන්දක් වේ.මේ අනුව මෙම   කන්ද තරණදී කන්ද පාමුල සිට යම් දුරක් තුල තෙත් කලාපය තුල දක්නට ලැබෙන   ශාක වලින් යුක්ත වීය.





කන්ද ඉහළට ගමන් කිරීමත් සමගම තරමක් කුරු ශාක දක්නට ලැබුණු අතර කන්ද මුදුනේදී මාන වැනි තෘණ ශාක වැඩි වශයේන දක්නට ලැබිණි.




තවද ගල ආසනයට වන්නට පතොක් විශේෂ කිපයකම දක්නට ලැබිණි.






 1) ඇහැල (Shower of Gold) - Cassia fistula





ඇහැල Fabaceae පවුලේ සපුෂ්ප ශාකයකි. මෙම විශේෂය ඉන්දියානු උපමහාද්වීපයට සහ අග්නිදිග ආසියාවේ යාබද ප්‍රදේශවලට ආවේණික වේ.

Cassia fistula නිවර්තන සහ උපනිවර්තන කලාපවල විසිතුරු ශාකයක් ලෙස බහුලව වගා කෙරේ. එය උණුසුම්, වියළි කාලගුණය තුළ වසන්තයේ අග භාගයේ ගිම්හානයේ මුල් භාගයේ මල් හට ගනී. මල් පිපීම බහුලයි, ගස් කහ මල් වලින් වැසී ඇත, බොහෝ විට පෙනෙන කොළ නොමැති තරම්ය. එය වියළි දේශගුණයක් තුළ හොඳින් වැ‌ඩේ.

2) නියගලා (Glory LilyGloriosa superba


නියගලා නිවර්තන වනාන්තර, තණබිම් සහ වැලි කඳු ඇතුළු බොහෝ වර්‍ග වල වාසස්ථානවල වැ‌ඩේ. එය පෝෂක-දුර්‍වල පස්වල වැඩිය හැක. මෙම ශාකය විෂ සහිතය. ශරීරගත වුවහොත් මිනිසුන් සහ සතුන් මරණයට පත් කිරීමට තරම් විෂ සහිත වේ. ශාකයේ සෑම කොටසක්ම විෂ සහිත වේ, විශේෂයෙන් අල රයිසෝමය.

3) ඉරමුසු (Indian Sarsaparilla) - Hemidesmus indicus


ඉරමුසු යනු දකුණු ආසියාවේ දක්නට ලැබෙන ශාක විශේෂයකි. ඉරමුසු ශාකය තුල මිනිස් සිරුරට හිතකර බලපෑමක් ඇති කරන බව සැලකෙන ශාක රසායනික ද්‍රව්‍ය රාශියක් අඩංගු වේ. මේ නිසාවෙන් දේශිය වේදකමෙහිදී මෙම පැලෑටිය බහුලව භාවිතා වේ.

4) මීවන (Fern) - Polypodiopsida Polypodiophyta

මීවන යනු බීජාණු හෝ මල් නොමැති බීජාණු හරහා ප්‍රජනනය වන සනාල ශාක සමූහයකි.

මීවන විශේෂයන් දුරස්ථ කඳු උන්නතාංශවල සිට වියළි කාන්තාර පාෂාණ මත, ජල කඳන් හෝ විවෘත කෙත්වතු වැනි ස්ථාන වලද දක්නට ලැබේ.


5) ගොරකා (Kokum butter oil tree) - Garcinia indica


6) තෙල් එඩරු(Castor) - Ricinus communis


7) බෝවිටියා (Eight stamen osbeckia) - Osbeckia octandra


ගවේෂණ සටහන :

එක් දින ගවේෂණය

බතලේගල යන ගමන අපි යොදාගෙන තිබුනේ අගෝස්තු 13 වෙනිදාට. ඉතින් අපි එදා බතලේගල නැත්නම් පුංචි සීගිරිය ලෙස හදුන්වන මේ කන්ද ගවේෂණයට යන ගමනට යන්න උදේ 7.30 පමණ වෙනකොට විද්‍යා පීඨයට එකතු වුනා. අපි බලාපොරොත්තු වුනාටත් වැඩියෙන් විශාල පිරිසක් හැම ෆැකල්ටියක්ම නියෝජනය කරමින් අපේ ගමනට එකතු වුනා. බතලේගල යනකොට අපිට හමුවුන දේවල් නිරීක්ෂණයේ පහසුවට අපි කණ්ඩායම් 4කට බෙදුණා. ඉතින් අපි නොහදුනන අනෙත් පීඨවල අය අදුරගන්නත් ඒක උදව්වක් වුනා. අපි මෙහෙම සූදානම් වෙනකොට ගමනට සූදානම් කරගත් බස් එක ආවා. ඉතින් අපි 8 පමණ වෙනකොට බස් එකට නැගලා බතලේගල යන්න පිටත් වුනා.


විද්‍යා පීඨය අසල දී

අපි කොළඹ-මහනුවර මාර්‍ගයේ ගමන් කර මාවනැල්ල-අරණායක මාර්ගයේ ගොස් බොහෝ අය බතලේගල බලන්න යන්න භාවිතා කරන පටු මාර්‍ගය ළගට ලගා වුනා. අපි එතනට ළගා වෙනකොට උදේ 9.15 පමණ වී තිබුණා.අපි දවල්ට කන්න අරන් ගියත්,කන්ද නගිනකොට මගදී එන පුංචි බඩගින්නට කන්න බිස්කට් සහ බීම බෝතල් එතන තිබුණ කඩේකින් ගත්තා.එදා අපි කන්ද නගිනකොට තිබුණෙ සෞම්‍ය දේශගුණයක් නිසා අපේ ගමන ගොඩක් ඵලදායි වෙයි කියලා අපි හිතුවා.

මුහුදු මට්ටමේ සිට අඩි 2618ක් (798m) උසට නැගෙන මේ කන්ද බයිබලයක හැඩයට සමාන නිසා ඉංග්‍රීසි ජාතිකයින් “Bible rock” විදිහට හදුන්වලා තියනවා. ඉතින් මේ කන්දට යන පාර වැටිලා තියෙන්නේ ගම්මානයක් හරහා. කන්ද පාමුලට යනකන්ම මේ ගෙවල් දොරවල් දකින්න පුළුවන්. බොහොම සරුසාර ලෙස වැඩුණු කෝපි, කරාබුනැටි, තේ, ගොරකා, ගම්මිරිස් වැනි දේවලුත්, රබර් වතු වැනි දේවලිනුත් මේ ගම පොහොසත්. රතුම රතු පාටට දිලිසෙන ඉදුණු උගුරැස්සනම් පුංචි කුරුල්ලන්ට රජ දහනක්. 2km පමණ නැග්ග අපි කන්ද පාමුලම තියන ගෙදරින් වතුර අරන් අපේ හිස් වූ වතුර බෝතල් පුරවා ගත්තා. කන්ද නගින ගමන ආරම්භ කරපු අපිට ආයෙමත් බහිනකම් වතුර නැති වෙන්න පුළුවන් නිසා අපි වතුර පිරිමසා ගන්න අමතක කලේ නැහැ. ඉතින් කන්ද නගින අතරතුර අපිට කදුවැටි, නිම්න, මිටියාවත්, වනාන්තර, දියඇලි ආදිය චමත්කාරජනක ලෙස දිස්වුණා.



වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති හෙක්ටයාර 10ක් වන මෙම කන්ද ගහකොළ හින්දම ගොඩක් අදුරුයි. ඉර එළිය හොදට තිබුණත් ගස් වියන මතින් ඉර එළිය වැටෙන්නේ නැතිතරම්. වැසි කාලයක් නොවුණ නිසා අපට අවදානම් බවක්නම් තිබුණේ නැත. තද බෑවුමක් දිගේ නැග්ග නිසා ටිකක් මහන්සි නිවාගන්න අපි කන්ද මැද නතර උනා. එතනදී අපේ කණ්ඩායම ගෙනාපු බිස්කට්,බීම කා බී විඩාව නිවා ගත්තා.



ඉතින් නැවතත් 11.30 පමණ වෙනකොට අපි ගමන ආරම්භ කළා. කන්ද උඩට ළං වෙන්න ළං වෙන්න සුන්දරත්වය වැඩි වෙනවා. කදවුරු බදින්න හොදම තැනක් මේ කන්ද.අපි උඩට නගිනකොට පොඩි පොද වැස්සක් අපිට ආශිර්වාදයක් වුනා. ඒ මිනිත්තු 5ක් විතර. අපි කන්ද මුදුනට ළගා වෙනකොට දහවල් 12.35 විතර වුනා.

අලගල්ල කන්ද




බතලේගල Peak 2ක් දකින්න පුළුවන්. අපි කොළඹ-මහනුවර ප්‍රධාන මාර්‍ගය පෙනෙන Peak එකට තමයි පළමුවෙන්ම ළගා වුනේ. එතනදී අම්බුලුවාව, මොනරකන්ද, අලගල්ල වගේ කදු අපට දැකගන්න ලැබුණා. සීතල සුළං විදිමින් අවට සිරි නරඹමින් හිටිය අපේ කට්ටිය photo ගහන්න නම් ඉතින් අමතක කළේ නෑ.


දවල් 1.15 විතර දවල් කෑම ගන්න අපි පටන් ගත්තා. ඉතින් අපේ කට්ටිය බෝඩිංවලින්, හොස්ටල්වල කැන්ටින්වලින් ගෙනාපු කෑම බෙදාගෙන කන්න අපිට බතලේගල මුදුනෙදී පුළුවන් වුනා. අපේ ගමනට බොහෝ අය එකතු උන නිසා අපි හැමෝම ගල උඩ වාඩිවෙලා එකිනෙකා අදුරගන්න පොඩි සාකච්ඡාවක් දැම්මා. දැං වෙලාව 1.45යි. ඉතින් මේ කතාබහේදී මී මැස්සි අක්කා අපිට බතලේගල view එක ගැන විස්තරයක් කළා. අක්කාගේ අත්දැකීම් දැනගන්නත් අපිට පුළුවන් වුනා.




2.15ට අපි පන්සල පැත්තේ 2nd  peak එකට ළගා වුනේ තවත් පොටෝ ටිකක් ගහගෙන. එතනදී අපේ වැඩිපුරම අවදානයට ලක්වුනේ සාමසර කන්ද තමයි. හෙල්මළු ක්‍රමයට වගා කළ කුඹුරු චමත්කාර ලෙස කදු මුදුනට පෙනෙනවා.

බතලේගල පන්සල

බතලේගල මුදුනේ වතුර ගන්න තියන උල්පතක් මෙහි තිබෙන ගල්ලෙන ළග පිහිටා තියනවා. අපි එතනට එනකොට වෙලාව දහවල් 2.28යි. ගල්ලෙනත් බැලුව අපි නැවත කන්ද බහින්න සූදානම් වුනා. බතලේගල බහින අතරතුර ගල් මුදුනේ තිබෙන පන්සලට එන්න හදන ගල්  පඩිපෙළ හදන්න මැටල් අදින්නත් අපේ ගවේෂකයෝ උදව් වුනා.







ඉතින් අපි කන්ද බහින්න භාවිතා කළේ හත්ගම්පල පැත්තට වැටෙන මාර්‍ගය. කන්ද බැහැලා කන්ද පාමුල වාඩි වුන අපි ඉතිරි වුන බිස්කට්, බීම කාලා බීලා ගම්මානය පහුකරලා එන්න පටන් ගත්තා. 2.5kmක් පමණ පැමිණි අපි අපේ බස් රථයට 4.30ට පමණ නැග එන්න පටන් ගත්තා. මගදී බස් රථය නවතා පොඩි කඩයකින් අයිස් පැකට් ගත්ත අපිට ඒ මොහොතේ පාසල් කාලයේදී ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්න ජවය දුන්න අයිස් පැකට් එක මතක් කළා.


ඉතින් 6.15 විතර වෙනකොට ගැවිලිපිටිය-මාවනැල්ල හරහා ඇවිත් පේරාදෙණියට ළගාවුනා. අපේ ගමනාන්තය වුනෙත් විද්‍යා පීඨයම තමයි. ඉතින් අපි ඒ දවස ඇතුළත ආදරණීය මතක ගොඩක් එකතු කරගෙන හොස්ටල්, බෝඩිං බලා පිටත් වුනා. ඒ දවස ගොඩක් සුන්දර වගේම අමරණීය මතක රැසක් අපේ ජීවිතවලට එකතු කරපු දවසක් වුනා.





සටහන : 
දුලංජලී මහේශිකා ( Art  20 - ඉරු කිරණි )
තෙහාරා කස්තුරිරත්න ( Engineering 20 - බත්කූරි )

තොරතුරු :
ඩිල්ශානි (Engineering 11 - මී මැස්සි )
තක්ශිලා දිසානායක ( Science 19 - සෝමාලියා)



1 comment: