බඹරැල්ලෙන් කදු පහට - කදු පහෙන් අලුගල් ලෙනට
ගවේෂණ අංකය:- pilot no 01
දිනය:-
2023/08/22-23
ගමන් මාර්ගය :-
පේරාදෙණිය - නුවර - වත්තේගම - බඹරැල්ල - දවටගල මංපෙත - නකල්ස් කදු පහ - අලුගල්ලෙන - කොටගග පතන- තංගප්පුව- තෙල්දෙනිය - නුවර- පේරාදෙණිය
ගවේෂණ මට්ටම:- 6/10
කාලගුණය:- අදික සුලං සහිත කාලගුණයක්.
පරිසර පද්ධතිය :- උඩරට තෙත් කලාපීය
දැකිය හැකි වූ සතුන්,ශාක :- දුම්බර අං කටුස්සා (ආවෙනික) , මහ වදුරා, සමනල් විශේශ, කුරුලු විශේෂ, කෘමී වර්ග, ඇබුල් පේර, බෝවිටියා, හීං බෝවිටියා, එනසාල්, කුරු ශාක
Scientific name - Popillia japonica
Domain: Eukaryota Class: Insecta
Kingdom: Animalia Order: Coleoptera
Phylum: Arthropoda Family: Scarabaeidae
Genus: Popillia Species: P. japonica
Scientific name- Apis dorsata
Domain: Eukaryota Class: Insecta
Kingdom: Animalia Order:
Phylum: Arthropoda Family:
Scientific Name -
Osbeckia aspera (L.)Blume
Common Name - බෝවිටියා
ශ්‍රී ලංකාවට ආවේණික පඳුරු විශේෂයක්.
Family - Rubiaceae
තණබිම් සහ තෙත් විවෘත ප්රදේශ වල, ඉහළ කඳුකර කලාපයේ, තණබිම් සහ තෙත් විවෘත ප්රදේශවල හමුවන, ශ්රී ලංකාවට ආවේණික, බහු වාර්ෂික ඔසුවක්.
Scientific Name -
Podochilus falcatum Lindley
Common Name - මහාපත්ම
Family - Orchidaceae
ශාක කඳන් හෝ පාෂණ මතුපිට වැඩෙන ශ්රී ලංකාවට ආවේණික උඩවැඩියා වර්ගයකි. කඳුකර වැසි වනාන්තර වල දැකගත හැක.
Scientific name- Impatiens acaulis Arn
Family - Balsaminaceae
Common name - බිනර/ ගිණිහිර
බිනර
ශාකය
Genticae කුලයට
අයත්
වන
අතර
Excaum ඝනයට
අයත්
වේ.
ශ්රිලංකාව, ඉන්දියාව, අප්රිකාව, මැඩගස්කරය, ඉන්දුනීසියාව හා ආරාබියානු අර්ධද්වීපය ආශ්රිතව ව්යාප්ත වී ඇත.
ශ්රී ලංකාවේ විශේෂ අටක් හමුවන අතර ඉන් පහක් ආවේණික වේ. තෙත්, වියළි කලාපයේ හා කදුකර ප්රදේශවල වල හමුවේ.
Scientific
name - Aplinua fax
Family - Balsaminaceae
Scientific name -
Hedyotis trimenii
Family - Rubiaceae
Knuckles 5 peaks ගවේෂණ කරන්නන්ට වැඩියම නෙත ගැටෙන අලංකාර සුදු පැහැති මල් පොකුරු වලින් පිරී පවතින මේ ශාකය නකල්ස්හී බහුලවම අපට හමුවිය. මෙයද ශ්රී ලංකාවට ආවේණික ශාකයක් ලෙස හඳුනාගන්න පුළුවන්.
Scientific name- Eriocaulon brownianum Mart
Common name - කොක්මොට
Family - Eriocaulaceae
නකල්ස්හී කුඩා දිය පාරවල් අසල බහුල ලෙස දක්නට ඇත. මෙයත් ශ්‍රිී ලංකාවට ආවේණික පැලෑටියක් ලෙස හඳුනා ගන්න පුළුවන්.
Scientific name -
Christisonia calcarata Wight
Family - Orobanchaceae
මේ ශාක විශේෂය තමයි Christisonia කියන්නේ. මෙම ශාකය පත්‍ර රහිත මූල පරපෝෂිත (Leafless root parasite plant) එනම් වෙනත් ශාක වල මුල් මගින් තම පෝෂණ අවශ්යතා සපුරා ගන්නා ශාකයකි. මතුපිටින් නිරීක්ෂණය කල හැක්කේ මල් පිපෙන අවධියේදී පමණක් වීම මෙහි තවත් විශේෂත්වයක්. ඒ වගේම මෙම ශාකය අඩු ලේඛනගත සහ දුර්වලව අධ්යනය කරන ලද ශාකයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මෙම විශේෂය ශ්රී ලංකාව, ඉන්දියාව, පාකිස්තාන වැනි රටවල් වල හමුවෙනවා.
නකල්ස් ගමන යන්න අපි යොදාගෙන තිබුනේ ජූලී 22 වෙනිදාට ඉතින් එදා අපි 13 දෙනාම පාන්දර 4.55 වෙද්දි ගලහා හන්දියට සෙට් වෙලා නුවර යන්න බස් එකකට නැග්ගා. පාන්දර 5.10 වෙද්දි නුවර බැහැලා දිගන හෝල්ට් එකට ගිහින් එතනින් වත්තේගම බස් එකකට නගින්න අපිට පුලුවන් උනා. උදේ 5.30ට බස් එක පිටත් උනා. 6 වෙද්දී අපි වත්තේගම. එතනින් 6.25 ට බඹරැල්ල බස් එකේ නැගලා බඹරැල්ලට යන්න පිටත් උනා. මේ බස් එක යන්නේ ගොඩක් ලස්සන පාරක. දිය ඇලි, කදු , ස්වාභාවික පිහිටීම් ගොඩක්
දැක ගන්න පුලුවන්.
වත්තේගම බස් නැවතුම්පොළ |
|
Bambarella |
අපි 9.30 වෙද්දි නකල්ස් ඇල්ල ලගට ආවා. එතන ඉදන් අපි උයාගෙන ආව බතුයි පරිප්පුයි සීනිසම්බලුයි කෑවා හැමෝම එක්ක. 9.50 වෙද්දි කාල බීල ඉවර කරලා ආයෙ කන්ද නගින්න පටන් ගත්තා.
නකල්ස් ඇල්ල |
උදෑසන ආහාරවේල රසවිදිමින් |
10.15 විතර පොඩී රෙස්ට් එකක් අරන් ආයෙ යන්න පිටත් උනා. ඔහොම ඔහොම විනාඩි 2/3 වගේ පොඩී විවේක අරන් තංගප්පුව පාරට හැරෙන තැනට එන්න පුලුවන් උනා 11.30 වගේ වෙද්දි. එතන ඉදන් 5 peaks නගින්න පටන් ගත්තා. 11.55 වෙද්දි 5 peaks වල පලවෙනි එකට ලගා උනා. එතනට ගස් අතරින් ඈතින් අලුගල් කන්ද පෙනුනා.
1st peak එකට ගස් අතරින් පෙනෙන අලුගල් කන්ද |
12.05 වගේ වෙද්දි එතනින් පිටත්වෙලා 12.15 වෙද්දි 2nd peak එකටත් ආවා.
2nd Peak |
2nd Peak සිට පෙනෙන අලුගල් කන්ද |
2nd Peak එකට දිස්වෙන 4th & 5th peak |
2nd Peak එකට යද්දි පේන 1st peak එක 12.30 වගේ වෙද්දි 3rd peak එකටත් ආවා. එතන නම් ගහගෙන යන්න තරම් හුලග. එකපාරට හුලං නැතුව තිබිලා ගහගෙන යන තරම් හයියෙන් හුලං හමන්නෙ. එතනත් ටිකක් වෙලා ඉදලා 4th peak එකට යන පාරෙත් ටිකක් දුරට ගියා හුලං කපොල්ලක් හරහා. හුලං පාර සැර වැඩි නිසා දන ගාගෙන වගේ ගොඩක්ම පහත්වෙලා ගියේ. ගොඩක්ම හුලං සැර නිසා අපි උඩටම යන්නෙ නැතුව ආපහු හැරිලා ආවා. ඇත්තටම ඒ හුලග ගොඩක් ගොඩක් අවදානම් සමහර තැන්වලදි හුලං සැරට කට්ටිය වැටුනා. අවදානම් උනත් මාරම අත්දැකීමක් ඒක. 3rd peak
එහාපැත්තෙන් පේන ලොකු කන්ද 4th peak.
ඊටත් පස්සෙන් පේන්නෙ 5th peak. 4th peak එකයි 3rd peak එකයි අතරේ හුලං කපොල්ල ආපහු 2nd peak, 1st peak හරහා ඇවිත් තංගප්පුව පාරට හැරෙන තැනට ආවා 1.55 වෙද්දී. එතනින් චොකලට් එකකුත් කාලා එන්න පිටත් උනා. ඒ එන අතරමගදී අහම්බෙන් වගේ කටුස්සෙක් හම්බවුණ. ඒ දුම්බර වනපෙතට පමණක් ආවේණික වූ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති දුම්බර අං කටුස්සෙක්. ( Ceratophora tenentii ). තව දුරක් යද්දි තව එකෙක් හම්බුනා. ටික ටික කන්ද බැහැගෙන 2.20 වෙද්දි ටිකක් එලිමහන් ගල් තලාවක් තීයෙන තැනකට අවා. එතනට ඈතින් නකල්ස් 4th peak (1), අලුගල් කන්ද (2), සුදු වලගල (3) පෙනුනා. එතන ඉදන් අපි ගෙනාපු සීනි සම්බල් පරිප්පු එක්ක පාන් කාලා බඩවල් හොදට පුරවගෙන 2.55 වෙද්දි එතනින් ආයෙ ගමන පටන් ගත්තා. මගදි අපි අලුගල්ලෙන මංපෙතට හැරුනා. අලුගල් ලෙන පැත්තට එන පාරේ අතරමග වතුර පාරක් ගාව 3.20 ට විතර පොඩ්ඩක් විනාඩි 10 ක් වගේනතර වෙලා රෙස්ට් එකක් අරන් ආයෙම ලෙනට එන්න පිටත් උනා.
ආහාර සකසමින් දෙවෙනි දව උදේ 8 වෙද්දි පිටත් වෙන්න ඕන කියලා කෝටු අයිය රෑ කට්ටියට කිව්වා. ඉතින් ඔන්න ඒ නිසා උදේට කන්න කඩල තම්බ ගන්නත් ඕන නිසා උදේ 3 ට කෝටු අයියටයි ඇපට අයියටයි ඇහැරවන්න කිව්වා. රිදී අක්කත් උදේම එලාම් තියලා ඒ දෙන්නව ඇහැරවලා. එයාල කඩල ටිකක් ලිපේ තියලා ඇවිත් නිදාගෙන. උදේ වෙනකන් ඒ ටික තැම්බිලා ඉතින්.. අපිට උදේ ඇහැරෙද්දි 7ත් පහුවෙලා. ඊටපස්සේ හැමෝම නැගිටලා ගිහින් ඉතුරු කඩල ටිකත් තම්බ ගත්තා. ඔය අතරතුරේ කට්ටියක් කූඩාරම් ටික එහෙම අකුලගෙන යන්න ලෑස්ති උනා. රිදී අක්ක තේ හැදුවා හැමෝටම. පාඩියා සමපෝශ එකක් හදාගත්තා යන ගමන් මගදි කන්න. 9.40 වෙද්දි යන්තම් හැමෝම කාල බීලා දවල්ට කන්න කඩල ටිකකුත් ඔතාගෙන ලෙනෙන් පිටත් උනා. උදේටයි දවල්ටයි කන්න කඩල තම්බමින් මගදි කන්න සමපෝෂ සාදමින් තේ පිලියෙල කරමින් උදෑසන කෑම වේල
ඊට පස්සේ අර අපි වතුර ගනිපු වතුර පාර ලගට ඇවිත් මූන ඒම ටිකක් සෝදගෙන චොකලට් කෑල්ලක් කාලා ආයෙ යන්න පටන් ගත්තා. තව ටිකක් දුර ඇවිත් ආයෙ අපිගාව තිබුන බිස්කට් එකක් කාලා එහෙම යන්න පටන් ගත්තා. ඊයේ බැහැපු කන්ද නගින්න වගේ තමා තිබ්බේ මුල් හරියෙනම්. 11.50 වගේ වෙද්දි කොටගග පතන ලගට ආවා. 11.55 වගේ වෙද්දි කොටගග ඇලි 7 පැත්තට යන පාර හම්බ උනා. එතනින් වතුර පාර දිගේම අපි දිය ඇල්ලට යන්න පටන්ගත්තා. මාරම ලස්සන ගමනක් ඒකනම්. අපි 12.30 වෙද්දි උඩම ඇල්ල ලග. පහලට වැටෙනව බලන්න ආව දිය ඇල්ල අපිව බලන්න උඩට එනවා. ඔව් ඇත්තටම දිය ඇල්ලේ වතුර පහලට නෙවෙයි ගැලුවේ. හුලං සැර නිසා දියඇල්ලේ වතුර ඉහලට ගලනවා. ඒක ඉතා දුර්ලබ ස්වාභාවික සංසිද්දියක්. ඉතින් අපේ සෙට් එක මාරම වාසනාවන්තයි. ඉතින් හුලගයි මීදුමයි වැඩිනිසා අනිත් ඇලි නොබලාම අපි එතන ඉදලා ආපහු ඇල්ල බලන්න යන්න හැරුන තැන පාලම ලගට ආවා 1.15 වෙද්දි. එතන ඉදලා අපි හදන් ආව සමපෝෂ කාලා කන්ද බහින්න පටන් ගත්තා. ඒ එන අතරමගදී අලියවැටුනු ඇල කන්ද, කොබෝනීලගල, දුම්බානගල එහෙමත් බලාගන්න පුලුවන් උනා. කොහොම හරි 2.20 වෙද්දී තංගප්පුවට බැස්සා. අපිට යන්න තෙල්දෙනිය බස් එක එන්නේ 4 ට නිසා වෙලාවත් තිබුන නිසා පාර අයිනේ තැනක තියාගෙන තේ එකක් හදාගෙන බීලා තිබුන බිස්කට් ටිකත් කාල ඉවර කරලා දවල්ට කන්න ගෙනාපු කඩල ටිකත් කාල ඉවර කරා. 3.30 වෙද්දි බස් එක ආවා. අපි බස් එකට නැගලා හිටියා. 4 ටබස් එක පිටත් වුනා එතනින්. 4.55 ට තෙල්දෙනියෙන් බැහැලා නුවරබස් එකක නැග්ගා. ඒ බස් එක මඩවල හරහා නුවරට එන එකක්. අපි 6 වෙද්දි නුවරට ආවා. එතනින් ගම්පොල බස් එකක නැගලා කට්ටියම බෝඩිම් හොස්ටල් බලා විසිර ගියා.ජීවිතේ හොදම දවස් දෙකක් ඒ වීයට ආදරනීය සුන්දර අමරණීය මතක ගොඩාක් විදියට මතක පොතට එකතු වුනා.
නකල්ස් ගවේශනයේ අවසානය විශේෂ කරුණු:- Ø නකල්ස් ගවේශනය සදහා අවසර ලබාගත යුතුවේ. ඒ සදහා උඩවත්ත කැලේ වන සංරක්ෂණය ආයතනයෙන් හෝ දිගන වන සංරක්ෂණ ආයතනයෙන් ටිකට් පතක් මිලදී ගතයුතු වේ.
Ø කූඩැල්ලන් බහුල ප්රදෙශයක් බැවින් ලීච් ශොක්ස් පැලදීම උචිත වේ. ආදේශක වශයෙන් ගාබේජ් බැග් ලීඡ් ශොක්ස් ලෙස බාවිතා කල හැක. එමෙන්ම් ලුනු පොට්ටනි සහ ලුණු වතුර රැගෙන යා හැක. Ø වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේන් මං පෙතක් සාදා ඇති බැවින් නියමිත මංපෙත භාවිතා කිරීම මගින් පරිසර හානිය අවම කල හැක. Click here to see the full Photo Album තොරතුරු සහ සටහන :- සදුනි කාංචනා - ( Engineering 19 - මුතුබෙල්ලි ) නිමේශ් සචින්ත - ( Management 19 - සව්වා) ශාක හා සතුන් පිලිබද තොරතුරු:- එරන්දි තක්ෂිලා - ( Agri 19 - රෝලෝ ) |
No comments:
Post a Comment