Sunday, December 10, 2023

ලූල්කඳුර (කොණ්ඩගල) ගවේෂණය - 2023

      ලංකාවේ පළමුවන තේ වත්ත සොයා කොණ්ඩගල මුදුනට...

විශ්වවිද්‍යාලය ගවේෂකයන්ගේ සංගමයේ 23/24 ගවේෂණ  වාරයේ ,තෙවන ගවේෂණය වන ලුල්කඳුර (Loolecondera Estate: Kondagala  )ගවේෂණය 2023/08/27 දින සිදු කරන ලදි.

ගවේෂණ අංකය :  Event No 03

දිනය : 2023 / 08 / 27

ගමන් මාර්ගය :  පේරාදෙණිය -හිඳගල-මහකන්ද-ගලහ-දෙල්තොට-පේරදෙණීය

පිහිටීම: https://maps.app.goo.gl/6eMELbApU4UPJ2Ut6

      මුහුදු මට්ට්මේ සිට මීටර 1450 උසින් පිහිටා ඇති අතර මද ආනතියකින් යුක්ත වූ ගල් තලාවකින් යුක්ත වේ. එසේම අංශක 360ක දර්ශන පතයකින් ද යුක්ත වේ.

     පරිසර පද්ධතිය:    කදුකර ලදු කැළැ (cloud forest)

     දර්ශන පථය: හන්තාන, ගම්පොළ, අලගල්ල, මහවැලි ගඟ, පිඳුරුතලාගල කඳු පන්තිය, නකල්ස්, හුන්නස්ගිරිය, කොනිකල් හිල්, මකුලුස්ස, වික්ටෝරියා සං‍රක්ෂිතය, single tree hill , බිත්තිගල, චැරියට්පාත්, මොණරකන්ද, ශ්‍රීපාද මළුව, පිදුරුතලාගල රක්ශිතය, දොලොස්බාග කදුපන්තිය, ඌරගල, කටුසුකොන්ද, ග්‍රේට්වෙස්ටන් 

      දැකගත හැකි ලංකාාවට ආ‌වේණික වූ කුරුළු විශේෂ :      ලංකා සිතාසියා(Sri Lanka white-Eye),ලංකා පීතකන් කොණ්ඩයා(Sri LankaYellow Eared Bulbul),ලංකා අරන්ගයා(Sri Lanka whistling Thrush),ලංකා මානිලගොය(Sri Lanka Wood Pigeon )

      මීට අමතරව කටුසු විශේෂ(අං කටුස්සා), උරඟ විශේෂ, කෘමීන් විශේෂ(බඹරු), ලයිකන හා පාසි බැදුණු ශාක විශේෂ ද ඇත. වැසි කාලයේදී කූඩැල්ලන් බහුලව දැක ගත හැකිය.

      හැදින්වීම : 

             ශ්‍රී ලංකාවෙ ආර්ථිකයේ හැරවුම් ලක්ශයක් ලෙස තේ වගාව හදුනාගැනීමට අපිට හැකියාවක් ඇත. ඒ අනුව 1824 වර්ශයේදී වාණිජයම නොවන අන්දමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුල එය ආරම්භ කරන ලදී. නමුදු එය වාණිජමය ආකාරයෙන් ආරම්භ කරනු ලැබුවේ 1867 වර්ශයේදී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් ලූල් කඳුකර වතුයාය තුලයි. මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයේ  මෙම රමණීය වතුයාය පිහිටා තිබේ. තේ වගාවට උචිත බෑවුම් ප්‍රදේශයක් වන මෙම වතුයාය මුදුනෙහිම පිහිටා තිබෙන එක් අන්තයකින් සෘජු බෑවුමක් සහ අනිත් අන්තයෙන් දළ බෑවුමක් තිබෙන විශාල ගල් තලාව කොණ්ඩගල ලෙස හඳුන්වනු ලබයි.කොණ්ඩගල යන සියලු දෙනාටම නැරඹීමට බොහෝ දේ සහ ආරක්ශාකිරීමට බොහෝ දේ එහි තිබේ. එනම් ජේම්ස් ටේලර් මහතාගේ නටබුන් වුනු  බංගලාව,ඔහුගේ නැරඹුම් ස්තානය, එහි සිටවූ පළමු තේ ගස වැනි බොහො දේ දැකගැනීමට හැකියාවක් ඇත.


            ලූල් කඳුකර පාමුල ෆයිනස් ශාක දැක ගැනීමට හැකියාවක් පවතින අතර මැද කොටසේදී තෘණ ශාක බහුලව දැක ගැනීමට හැකියාවක් පවතී.ඒවගේම තේ වගාවක් බහුලව දැකගැනීමට හැකියාවක් පවතී.කදු මුදුනේ කඳුකර ශාක බහුලව දැක ගැනීමට හැකියාවක් ඇත.ඒවගේම අපි ශාක,පාසි ශාක බහුලව දැක ගැනීමට හැකියාවක් ඇත.

         බඹර වද බහුලව කොන්ඩගල දක්නට ලැබෙන නිසා ගමන් කරන අය අවධානයෙන් කමන් කළ යුතුවේ. ඒවගේම පට්ටරමලේ සිට හවස් වන විට කොටි  කොන්ඩගල කදු මුදුනට ඇදී එයි. එම  නිසා ගම්වාසින් හවස් කාලයේ කොන්ඩගල තරණයට ඉඩ ලබා නොදේ.





සටහන : 
ගඟනි කාව්‍යා ( Art  19 - කළිඟු)
තනූජ ( Agri 20 - Blata )



No comments:

Post a Comment