Wednesday, December 20, 2023

හඳුරුක්කන්ද ගවේෂණය - 2023

 

විශ්වවිද්‍යාල ගවේශකයන්ගේ සංගමයේ 23/24 ගවේශන වාරයේ, හතරවන ගවේශනය හන්දුරුක්කන්ද ගවේශනය 09/03/2023 දින සිදු කරන ලදී.

ගමන් මාර්ගය :  පේරාදෙණිය- මහනුවර  -මාවතගම -තැම්පාන-  මාවතගම-  පේරාදෙණිය

පිහිටීම: https://goo.gl/maps/vzErnSoFeL3oAwhk7

      වයඹ පළාතේ උසින් වැඩිම කඳු අතරින් දෙවැනි තැන ගන්නා හදුරුක්කන්ද වටිනා ජෛව විවිධත්වයක් දැකගත හැකි සුන්දර රක්ෂිතයකි. මෙම කන්දේ මුහුදු මට්ටමේ සිට උස මීටර් 790ක් පමණ වේ. එමෙන්ම එක් දිනක් තුල තරණය කල හැකි අතර කුරුණෑගල නගරයේ සිට 16 KM ක් පමණ දුරකින් පිහිටා ඇත. මෙහි පැමිණෙන්නෙකුට ඒ ආසන්නවම පිහිටා ඇති තැම්පාන ජලාශයද නැරඹීමට හැකියාව ඇත.

තැම්පාන ජලාශය

     පරිසර පද්ධතිය:    පහතරට අතරමැදි කලාප

     දර්ශන පථය:  කඳු මුදුනේදී ඇතුගල, අඳාගල, මරලුවාව, බිසෝගල, නැව්ගල, සැලගම වැනි කඳු පහසුවෙන්ම දැකගත හැකි අතර අලගල්ල, හුන්නස්ගිරිය වැනි කඳුද දැක ගැනීමට හැකියාව ඇත

දැකගත හැකි සතුන්

 1) Aularches miliaris                                                                                                                

පළගැටි විශේශයට අයත් වේ. වැඩුණු සත්වයෙකු 5cm පමණ දිග වන අතර හිස සහ ස්පර්ශක කළුපැහැතිය.පූර්ව පියාපත් යුවල ලා කළු පැහැති වන අතර තද කහ පැහැති තිත් පූර්ව පියාපත් මත පිහිටයි. මෙම තිත් වල විශලත්වය වුශ්කම්බය 2-4 mmඅතර වෙනස් විය හැක.


2) Gonioctena fornicata

Gonioctena යනු Chrysomelinae උප පවුලට අයත් Chrysomelidae පවුලට අයත් පත්‍ර කුරුමිණියන්ගේ කුලයකි.


3) Junonia aphita

Junonia iphita, චොක්ලට් පැන්සි හෝ චොකලට් සොල්දාදුවා, ආසියාවේ දක්නට ලැබෙන සමනලයෙකි. පියාපත් දිග සෙන්ටිමීටර 5-6 (අඟල් 2.0-2.4) පමණ වන අතර පසුපස පියාපත් වල යටි පැත්තේ ඇති ආනත රේඛාවේ සුදු සලකුණු මගින් ගැහැණු සතා පිරිමි සතාගෙන් වෙන්ව හඳුනාගත හැකිය.



4) මීමැස්සා (Apis Mellifera)

මීමැස්සා ඉතා කුඩා කෘමි සත්වයෙකි. මීමැස්සන් රන්චු වශයෙන් සිටියි. මීමැස්සා  පරාගණයේ ප්‍රාථමික පුරුකවේ.


5) Pollenia rudis

       Pollenia rudis, පොදු පොකුරු මැස්සන්, Pollenidae පවුලේ මැස්සන් විශේෂයකි.Pollenia rudis අට්ටාල මැස්සා සහ buckwheat fly ලෙසද හැඳින්වේ.

6)
7)

8)   𝐇𝐮𝐦𝐩 - 𝐍𝐨𝐬𝐞𝐝 𝐋𝐢𝐳𝐚𝐫𝐝 / 𝐇𝐮𝐦𝐩 - 𝐒𝐧𝐨𝐮𝐭 𝐋𝐢𝐳𝐚𝐫𝐝 / 𝐋𝐲𝐫𝐞𝐬𝐡𝐞𝐚𝐝 𝐋𝐢𝐳𝐚𝐫𝐝  - කරමල් බෝදිලිමා / කඳුකර බෝදිලිමා/ ගැට හොඹු කටුස්සා

Scientific name -  𝑳𝒚𝒓𝒊𝒐𝒄𝒆𝒑𝒉𝒂𝒍𝒖𝒔 𝒔𝒄𝒖𝒕𝒂𝒕𝒖𝒔                         Family - Agamidae

ශ්‍රි ලංකාවට ආවේණික වූ අතර තෙත් කලාප වනාන්තරවල ජීවත් වේ.


9) දළඹුවා

10)


11)


දැකිය හැකි ශාක

1) Clerodendrum paniculatum


Clerodendrum paniculatum, පැගෝඩා මල, Clerodendrum සහ පවුලේ Limacine කුලයට අයත් සපුෂ්ප ශාක විශේෂයකි. එය නිවර්තන ආසියාව සහ පැපුඒෂියාව (තායිවානය, ඉන්දුචීනය, බංග්ලාදේශය, ශ්රීලංකාව, අන්දමන් සහ නිකොබාර් දූපත්, බෝර්නියෝ, සුලවේසි, සුමාත්රා, පිලිපීනය, බිස්මාර්ක් දූපත් සමූහය), ෆීජි සහ ප්රංශ පොලිනීසියාව ඇතුළු දකුණු චීනයට නිජබිම වේ.

2) Harlequin glorybower (clerodendrum trichotomum)


මීටර් 3-6 (අඩි 10-20) උසකින් වැඩෙන විශාල පතනශීලී පඳුරකි. පත්‍ර අණ්ඩාකාර, සෙන්ටිමීටර 12 (අඟල් 5) දක්වා දිග, මෘදු සහ පහත් හෝ ලෝම සහිත, තලා දැමූ විට රටකජු සුවඳක් ඇති කරයි. සුවඳැති මල් හටගන්නේ අතු රිකිලි මත ය. ඔවුන් සතුව සුදු පැහැති පෙති ඇති අතර, පලතුරු ඉදවීමත් සමඟ රතු පැහැයට හැරෙන හරිත පුෂ්ප මංජරිය තුළ රඳවා ඇත. පළතුරු (ඩ්‍රප්ස්) සුදු පැහැයෙන් යුක්ත වන අතර දීප්තිමත් නිල් පැහැයට වෙනස් වන අතර පරිණත වූ විට අවසානයේ තද නිල් පැහැයට හැරේ.ඒවායේ නව නිල් වර්ණක ට්‍රයිකොටොමින් අඩංගු වේ.


3) Mimosa pudica(නිදිකුම්බා)


4) Dandelions(taraxacology)

Asteraceae පවුලේ විශාල සපුෂ්ප ශාක වර්ගයක් වන අතර එය පොදුවේ dandelions ලෙස හඳුන්වන විශේෂ වලින් සමන්විත වේ. කුලය පිළිබඳ විද්යාත්මක හා විනෝදාංශ අධ්යයනය taraxacology ලෙස හැඳින්වේ.] මෙම කුලයට නිජබිම වන්නේ යුරේසියාව සහ උතුරු ඇමරිකාව, නමුත් ලොව පුරා බහුලව දක්නට ලැබෙන විශේෂ දෙක වන T. Officinale (පොදු යාපහුව බලකොටුව) සහ T. erythrospermum (රතු බීජ සහිත යාපහුව බලකොටුව) යුරෝපයේ සිට උතුරු ඇමරිකාවට හඳුන්වා දෙන ලද අතර ඒවා දැන් ප්රචාරණය


5) Hyphum cupressiforme

Hypnum Cupressiforme, සයිප්රස්-පත් සහිත plaitmoss හෝ hypnum moss, යනු Hypnum කුලයට අයත් සුලභ සහ පුලුල්ව පැතිරුනු පාසි විශේෂයකි.   විවිධ වාසස්ථාන සහ දේශගුණික කලාපවල දක්නට ලැබේ. එය සාමාන්යයෙන් ගස් , බිත්ති, පාෂාණ සහ අනෙකුත් පෘෂ්ඨයන් මත වර්ධනය වේ. එය ආම්ලික පරිසරයට වැඩි කැමැත්තක් දක්වන අතර දූෂණයට තරමක් ඉවසා සිටියි.


6) හීන් බෝවිටියා


7) කිතුල (caryota urens)



8) තේ(Camellia sinensis foliage)




9)


මෙම ගවේශන චරිකාවේදී ලබා ගත් අත්දැකීම් සහ ගමන් විස්තර පහත පරිදි වේ.👇👇

එක් දින ගවේශනය

හන්දුරුක්කන්ද යන ගමන අපි යොදාගෙන තිබුනේ සැප්තැම්බර් 3 වෙනිදට. අපි විද්‍යාපීඨය අසලින් උදේ 7.30ට පමණ ගමන ආරම්භ කිරීමට පටන් ගතිමු. එදින වැසිබර කාළගුණයක් උදෑසන පටන් පැවති බැවින් මේ සදහා සාමාජිකයන් 45කට ආසන්න ප්‍රමානයක් තමා එකතු වුනේ .

කණ්ඩායම් 4කට බෙදිලා අපි අපේ ගමන ආරම්භ කිරීමට බස්‍ රථයට ගොඩ වුනෙමු. එහිදී අපි පේරාදෙණිය, මහනුවර, මාවතගම ,තැම්පාන මාර්ග පසු කරමින් හන්දුරුක්කන්ද වෙත ළගා වුනෙමු. ඒවන විට උදේ 11.38 පමණ වී තිබුනි.


ඉතින් අපි කන්ද පාමුල ගෙදරකින් අපේ හිස් වතුර බෝතලුත් පුරවන් අපේ ගමන ආරම්භ කිරීමට ප්‍රථම වැහිකබා , තොප්පි පැළදීමට මෙන්ම අපේ දුරකතන වැනි දේවල් ආරක්ශිතව තබා ගැනීමට අමතක කලෙත් නෑ.

මද වැසි තත්වයක් බලාපොරොත්තු උනත් හිතුවට වඩා ඇදහැලුනු වර්ෂාවට අපි නැවතුනෙත් නෑ. අපි මීදුම මැදින් ඉදිරියටම ගමන් කලේ කූඩැල්ලන්ගේ ප්‍රහාරයන්ද නොතකමින් .

ගමන අතරතුර අපට තේවතු, ගම්, තැනිතලා මෙන්ම උඩුවියන් යටිවියන් ස්ථර වලින් සමන්විත   වනයද තරණය කිරීමට සිදු වුණා. අපි මගින් නැවතී ගිමන් හරින අතරතුර අප මිලදී ගත් බිස්කට් සහ බීම වල රස විදීමටද අමතක කලේ නෑ. ඒ වගේම වර්ෂාව නිසා ලෙස්සන සුළු ස්වභාවයක් වගේම අපි දෙනෙක් තුන්දෙනෙක් වැටුනා කිව්වොත් මන් වැරදි නෑ. 



අපි දවල් 1.10 ට පමණ වන විට peak එකට ලංවුනා. Peak එකේදි හරි view එකක් බලා ගන්න බැරි උනා. මොකද ගොඩක් මීදුම නිසා. මීදුම පොඩ්ඩක් අඩු වෙනකන් අනිත් අය සමග සුහදතාව වර්දනය කර ගනිමින් එකිනෙකා අදුරා ගත්තා. තවත් කිව්වොත් චායාරූප ගත්තා. විනෝදයෙන් ඉන්න අතරතුර view එක ටිකක් බලා ගන්න අපිට පුලුවන් වුනා. පසුව අපි 1.35 ට වගේ කදුමුදුනෙන් පල්ලම් බහින්න තීරණය කලා.


දිවා ආහාරය ගැනීමට ප්‍රමාණවත් ඉඩක් peak එකේ නොතිබූ බැවින් අපි කන්ද මදක් බැස අසල තිබූ මඩුවක අපි අපේ දිවා ආහාරය ගතිමු. අපිට සවස 3.30 පමණ වන විට කන්ද බැස ගැනීමට හැකි වුනා. අපට අපේ ගමන නිම කිරීමට අප බලාපොරොත්තු වුනාට වඩා අඩු වෙලාවක් තමා ගතවුනේ. ඉතින් අපි තීරණය කරා වෙලාවත් ඉතුරු නිසා ඒ ළගම තියන තැම්පාන ජලාශය නැරඹීමට.

තැම්පාන රක්ෂිතය ආශ්‍රිත බම්බා ලෙන් විහාරය පිලිබද ගවේශනයක් කිරීමටද අපි උත්සුක වූයෙමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදුල්ගොඩ ග්‍රාමසේවා වසමේ කුරුණෑගල නගර සභාවට අයත් තැම්පාන රක්ෂිතය තුල මෙම ලෙන් විහාරය පිහිටා ඇත. තැම්පාන රක්ෂිතය ජලාශයට අයත්ව පිහිටීම නිසා අදටත් සශ්‍රීක භූමියක් ලෙස වටිනාකමක් උරුමකර තිබේ. ජනප්‍රවාද වලට අනුව මෙය වලගම්භා රජු සැගව සිටි ස්ථානයකි.





අනතුරුව අප නැවත සවස 5 ට පමණ අපේ ගමනාන්තය සනිටුහන් කිරීමට තීරණය කලෙමු. නැවතත් අපි අපේ බස්‍ රථයට ගොඩ වී මාවතගම , පේරාද්ණිය පසුකර 7 වගේ වෙද්දි අපේ ගමනාන්තය වන විද්‍යාපීඨයට ලගා වුනා.

ඉතින් අපි එ දවස අපේ මතක පොතේ ලස්සන දවසක් විදිහට දෙවරක් නොහිතාම එකතු කර ගත්ත ආදරණීය දවසක්.




සටහන:
K.N.C. සෙව්මිණි Art 20 මදුවි )
ශාක හා සතුන් පිළිබඳ තොරතුරු :- එරන්දි තක්ශිලා (Agri 19 Rollo) 

No comments:

Post a Comment