Thursday, December 21, 2023

කබරගල ගවේෂණය - 2023



ගවේෂකයන්ගේ සංගමයේ 6වන ගවේෂණ‍ය ලෙස යොදාගෙන තිබුනේ කබරගල ගවේෂණයයි.


දිනය: 2023/09/17

ගමන් මාර්ගය : පේරාදෙණිය - නාවලපිටිය - දොලොස්බාගේ - නාවලපිටිය - පේරාදෙණිය

පිහිටීම : කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික් සීමාවේ පිහිටා ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර 1506ක පමණ උසකින් පිහිටා ඇති මෙය දොලොස්බාගේ කඳු පන්තියේ උසම කඳු මුදුනයි.

අක්ෂාංශ : 7.071955

දේශාංශ : 80.504954

පරිසර පද්දතිය : කඳුකර ලඳු කැළෑ

දර්ශන පථය : ගම්පොල, කොත්මලේ ජලාශය, මොණරගල, ශ්‍රී පාදය දෙවනගල, අම්ඹුළුවාව, නකල්ස්, හන්තාන, දොලොස්බාගේ කඳු, වවුල්ගල, කොටගල, ශ්‍රී පාදය, මොනරගල, පිදුරුතලාගල, ග්‍රේට් වෙස්ටර්න්, මහවැලි මහා සෑය




     දැක ගත හැකි වූ ශාක : 

1) ටූනා 



2) බෝවිටියා (Osbeckia aspera)

3) බඩල් හනස්ස -  Lycopodiaceae   Erect fern    (Lycopodiella cernua)

4) දිවි කදුරු (Pagiantha dichotoma)

5) Dryopteris unidentate


6) Trematobelia kaalae


දැක ගත හැකි වූ සතුන් :

1) Ceylone Lacewing Butterfly( Cethosia nietneri)


 සාමාන්යයෙන් නිවර්තන හා උපනිවර්තන කලාපවල දක්නට ලැබේ බොහෝ විට සියුම් හා     අලංකෘත සලකුණු ඇත.

2) Hawk (Buteo) කුස්සා



උකුස්සන් යනු  Accipitridae පවුලට අයත් ගොදුරු පක්ෂීන් සමූහයකි. වනාන්තර හා තෘණ බිම්වල සිට කාන්තාර සහ කඳු දක්වා පුළුල් පරාසයක පරිසරයක වාසය කරයි.

3) Millipedes (හැකරැල්ලා)

හැකරැල්ලා යනු Diplopoda පන්තියට අයත් ආත්රපෝඩාවන් වන අතර  ඔවුන් දිගු ඛණ්ඩිත සිරුරු සහ කකුල් යුගල කිහිපයකින් සංලක්ෂිත වේ.


මෙම ගවේශන චාරිකාවේදී ලබා ගත් අත්දැකීම් හා ගමන් විස්තරය පහත පරිදි වේ. 👇👇👇

සුපුරුදු පරිදි උදෑසන 7.30ට විද්‍යා පීඨය ඉදිරිපිටට එකතු වූ අප ගලහ හන්දිය දක්වා ගොස් නාවලපිටිය බසයකට නැග නාවලපිටිය නගරයෙන් දොළොස්බාගය දක්වා ගියා.

උදෑසන 11.30 පමන වන විට අප කන්ද නැගීමට පටන් ගත්තා. 

ගමන ආරම්භයේදීම අපට කෝවිලක් හමු වුනා.

 ආරම්භයේදී කොන්ක්‍රීට් මාර්ගයක් ඔස්සේ තේ වත්තක් මැද්දෙන් ටික දුරක් ගිය පසු අපට කුඩා අඩි පාරක් හමු වුනා. ටික දුරක් ගිය පසු අපි ෆයිනස් කැලයකට අවතීර්ණ වුනා. 




මෙම ගවේෂණයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ කඳු මුදුන් 2ක් තිබීමයි. පැය 1 1/2ක පමණ ගමනකින් අනතුරුව අප පළමු මුදුන වෙත ළඟා වුනා. එහි සුන්දර දර්ශන බලමින් ටික වෙලාවක් ගත කල අපි නැවත දෙවන කඳු මුදුන දක්වා ගමන ආරම්භ කළා.


පළමු කඳු මුදුනේ සිට පැයක පමණ ගමනකින් පසු අපි දෙවන කඳු මුදුනට ළඟා වුනා.

දෙවන මුදුනට ළඟා වූ පසුව මුළු ප්‍රදේශයම මීදුමින් වැසී ගියේ අප නෙත් වලට සුන්දර අත්දැකීමක් ලබා දෙමිනි. කෙසේ හෝ අප සියළු දෙනා අප ගෙනා ආහාර භුක්ති විදීමෙන් පසුව මීදුම මැකී ගොස් අවට වටපිටාව හොඳින් දැක බලා ගැනීමට හැකි වුනා.

දර්ශන පථය, භූ විශමතා ගැන කතා කිරීමෙන් අනතුරුව අපි කන්ද බැසීමට පටන් ගත්තා. පස්වරු 4.30 පමණ වන විට අප කන්ද පාමුලට ලඟා වුනා. 

ගමන පුරාවට අපිත් එක්ක එකතු වුන තවත් සාමාජිකයෙක් තමා මෙයා.


දැන ගත්ත තොරතුරු අනුව මෙයා අවුරුදු 2කට පෙරත් ගවේශකයන්ගේ සංගමයේ කණ්ඩායමක් සමඟ කබරගල තරණයට සහභාගී වෙලා තියෙනවා. 

කෙසේ හෝ පස්වරු 6.30 පමණ වන විට අපි නැවතත් විශ්ව විද්‍යාලයට පැමිණියා.

ගවේශකයන්ගේ දින පොතට තවත් පිටුවක් එකතු කරමින් 2023/24 ගවේෂණ වාරයේ කබරගල ගවේෂනණය එසේ අවසන් විය.




සටහන:- හිරුනි දුලංජා ( Engineering 20 සඳසාවි)


No comments:

Post a Comment