Ø
ගවේශණ වාරය :- 23/24
Ø ගවේශණ අංකය :- 07
Ø
දිනය :-2023/09/24
Ø ගමන් මාර්ගය :- මහනුවර සිට හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩට පැමිණ රිකිල්ලගස්කඩ- දිඹුල්කුඹුර මාර්ගය ඔස්සේ
Ø පිහිටීම :- https://maps.google.com/?cid=13508576082109900431&entry=gps
Ø පරිසර පද්ධතිය :- වියළි නිවර්තිත ලක්ෂණ සහිතය
Ø කාළගුණය :- පහළ කොටස වියළි දැඩි අවු රශ්මියෙන් යුක්ත සහ කඳු මුදුන මද වැසි සහිත
Ø
දර්ශන පථය
:- විල්පස්ස වැව, රන්දෙණිගල ජලාශය,රන්දෙණිගල පර්වතය, රන්ටැඹේ ජලාශය,
වික්ටෝරියා ජලාශය,පිදුරුතලාගල කඳුවැටිය, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ ගම්මාන,
මැදමහනුවර මෙන්ම රන්දෙනිගල ජලාශයට ඔබ්බෙන් නකල්ස් කඳුවැටියේ කඳු
මුදුන් කිහිපයක්ද ඈත සිටම දැකගත හැකි 360 0 ක දර්ශන පථයකින් යුක්තය.
පසුබිම
ශ්‍රී ලංකාවේ නුවරඑලිය සහ මහනුවර දිස්ත්‍රික්ක බෙදාවෙන්කරන මායිමක් සේ සැලකිය හැකි මේ කුකුලාගල කඳු මුදුන මීටර් 1531ක උසකින් යුක්තය. රිකිල්ලගස්කඩ නගරාසන්නයේ විල්පස්ස වැවට ඉහළ අහස සිඹින මේ කඳුපන්තිය සුවිශේෂ පරිසර පද්ධතියක පිහිටා තිබේ. මේ පරිසර පද්ධතිය ආශ්‍රිතව විශාල සත්ත්ව ප්‍රජාවක් ජීවත්වේ. විශාල පයිනස් වගාවක් මෙන්ම අතරින් පතර වෙනත් විශාල ශාක දැකිය හැක.
දැකගත හැකි වූ ශාක
1. Pupula (පුපුළ)
Scientific name :- Psiadia ceylanica Family name: ASTERACEAE
English name: Ceylon Sunflower
v
ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබේ
2. Pinus (පයින්)
Scientific name: Pinus Family: Pinaceae
Subfamily: Pinoideae Division: Pinophyta
Kingdom: Plantae
v පයින් යනු Pinaceae පවුලේ Pinus කුලයට අයත් ඕනෑම කේතුධර ගසක් හෝ පඳුරකි. Pinus යනු
Pinoideae උප පවුලෙහි එකම කුලයයි. පයින් විශේෂ 187 ක් වර්තමානයේ ඇති බව සැලකේ.
3. The Two Toothed Dendrobium
Scientific name :- Dendrobium diodon
v
Flower Size - 4" [1 cm]
v
දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ උපනිවර්තන කඳුකර වනාන්තරවල මීටර් 900 සිට 1800 දක්වා උන්නතාංශවල වර්ධනය
වේ.
v ශීත ඍතුවේ සහ වසන්තයේ පිපෙන ඕවලාකාර, තියුණු මල් වලින් යුක්ත වේ
4. Blue-flowered Glory Tree
Scientific name :- Clerodendrum serratum Ayurvedic name :- Bharangi
මෙම ශාකය මීටර් 1500 දක්වා නිවර්තන සහ උපනිවර්තන කොටස් පුරා ලඳු කැලෑවල විශේෂයෙන් බෙංගාලය, ඔඩීෂා අර්ධද්වීපයේ පැතිරී තිබේ.
ගවේශණ අත්දැකීම
කුකුලාගල ගවේශණය සඳහා සැප්තැම්බර් 24 වෙනිදා සුපුරුදු විදිහටම උදේ 7.30 වෙද්දි විද්‍යා පීඨයට එකතු වීමට සිටියත් ගමන ටිකක් ප්‍රමාද වීමට සිදු උනා. කොහොම උනත් එදා වැඩි පිරිසක් හිටියෙ නැති නිසා කණ්ඩායම් විදිහට නොබෙදී යන්න අපි තීරණය කළා. කට්ටිය එකතු උන ගමන්ම අපි රිකිල්ලගස්කඩ නගරයට යෑමට බසයකට ගොඩ වීමට බෝගම්බර බස් නැවතුමට ගියා.
රිකිල්ලගස්කඩින් බැසගත් අපි පාර අද්දර කඩයකින් කණ්ඩායමට මගදී කෑම බීම විදිහට බිස්කට් හා බීමත් මිලදීගත්තා. ඒ ගමන්ම වගේ රිකිල්ලගස්කඩ-දිඹුල්කුඹුර බස් රථය පිටත් වෙන්න හදපු නිසා අපිත් බස් රථයට ගොඩ උනා. සැලකිය යුතු දුරක් යද්දි අපිට තේරුනා බස් රථය ඉදිරියට ඇදෙන්නේ ලේසි පහසු මාර්ගයක නොවන බව. මොකද දළ බෑවුම් හා පටු වංගු පහු කරගෙන හෙමින් හෙමින් බස් රථය ඉහළට ඇදුනා. ඒ වගේම තමා ඉහළට යද්දි පාර දෙපස පේන දර්ශණයත් හුගක් ලස්සනයි.
බස් රථයෙන් බැස්ස අපි ඊළඟට විල්පස්ස ගම හරහා කන්ද නගින්න පටන් ගත්තා. දැඩි අවු රශ්මියක් හා වියළි කාලගුණයක් තිබ්බ නිසා අපි ගම්වාසීන්ගෙන් අහලා බැලුවා මේ කාලයේ කාලගුණ තත්වය ගැන. මොකද ඒ වෙනකොටත් පේරාදෙණිය ඇතුලු මද්‍යම කඳුකරයටම වැසි ඇදහැලෙමින් තිබ්බ කාලයක් නිසා. නමුත් දවස් ගණනාවකින් ඒ ප්‍රදේශයට වැස්සක් වැටුනෙ නෑ කියලා තමා ගම්වාසීන් නම් කිව්වේ.
ගමේ ගැමියන් ඉතාම සුහදශීලී සුන්දර මිනිසුන් කොට්ඨාශයක් කියලා කියන්න පුලුවන්. අපිට විඩා නිවාගන්න බීමට ජලය වගේම ඉදුණු ජම්බෝල ගෙඩි කීපයකුත් දීලා අපේ ගමනට එයාලා දීපු සහයෝගය නම් අමතක කරන්න බෑ.
ගමනේදී හමුවන පළවෙනි සන්ධිස්ථානය තමා විල්පස්ස වැව.ගමේ වැඩ වලට වතුර ගන්නෙ මේ වැව් ජලයෙන් නිසා සංචාරකයොන්ට මේ වැවේ නාන එක අනුමත කරන්නේ නෑ. වියළි කාලගුණය නිසා වැවේ වතුර මදක් බොර පැහැ වී මෙන්ම දරුණු ලෙස සිඳී තිබුණා.
ඉන් පසු ෆයිනස් කැලය මැදින් වැටී ඇති අඩිපාර දිගේ ඉහලට ගමන් කල යුතුය.මේ ෆයිනස් කැලය මැදින් වැටී ඇති මාර්ගය සීග්‍ර නැග්මක් සහිත ලිස්සනසුලු සහ කුඩා ප්‍රමාණයේ ගැලවී යන ගල්සහිත තරමක් දුශ්කර මාර්ගයක් වේ.
මේ ප්‍රදේශය වියලි ස්වභාවයක් ගත්තත් කූඩැල්ලන්ගෙන් නම් අඩුවක් තිබ්බේ නෑ.
පයින් වන වගාව පසුකර ඉදිරියට ඇදුනු අපිට මුණගැසෙන්නේ කුකුලාගල කඳු මුදුනයි. ගැමි ජනප්‍රවාද වලට අනුව කුකුලෙක් පැමිණ හැඬලූ නිසා මෙම පර්වතය කුකුලාගල ලෙස හඳුන්වන බවයි ගැමි මතය වන්නේ.
පැය කිහිපයක ගමනකින් පස්සෙ අපි කුකුලාගල පර්වත මුදුනට ළඟා උනා. අපි කඳු මුදුනට නැගගත්ත ගමන් සිහින් පොද වැස්සක් වැටෙන්න ගත්තා. නමුත් ඒ වැස්ස වැඩි වෙලාවක් තිබුනේ නෑ. පැය බාගයකින් පමණ පස්සෙ වැස්ස නැති වෙලා ගියා. දවල් කෑම වෙලාව නිසා අපි හැමෝමඑකතු වෙලා ගෙනැල්ලා තිබ්බ කෑම කෑවා. කාලා ටික වෙලාවක් අපි එකිනෙකා අඳුරගන්න කතා කරගත්තා.ඒ වෙලාවේ මකුණා අයියා වටේ තියෙන කඳු පන්ති ගැන වටින පැහැදිලි කිරීමක් කරා.
ඊළඟට වටපිටාවෙ පරිසරේ පින්තූර එහෙම අරගෙන අපි කට්ටිය පල්ලෙහාට බහින්න පටන් ගත්තා. ආපහු පයිනස් යාය පහු කරගෙන පහළට බැස්ස අපි තරමක දුර ගමනකින් පස්සෙ රිකිල්ලගස්කඩ - දිඹුල්කුඹුර ප්‍රධාන මාර්ගයට ළඟා උනා. මේ වෙලවට නම් පාරෙ බස් නැති නිසා අපි රිකිල්ලගස්කඩ නගරය වෙනකන් පයින් ගියා. ප්‍රධාන මාර්ගයෙදි කොළඹ බසයක නැගගත්ත අපි ආපහු පේරාදෙණියට එන්න පිටත් උනා. කොහොම උනත් අපේ ගමනාරම්භය වූ විද්‍යා පීඨයට ආපසු අපි ළඟා උනේ රෑ 8 ට පමණ. ඉතින් සුන්දර මතක රැසක් එක් කරගත් තවත් සුන්දර ගමනක් ඒ විදිහට නිමා උනා. කුකුලාගල පිළිබඳ විශේෂ කරුණු කීපයක් 👉කුකුලාගල කන්ද කඳු නගින ආධුනිකයෙක්ට තම පළමු කඳු නැගීම සඳහා තෝරා ගත හැකි, තරණය කිරීම එතරම් අපහසු නොවන කන්දකි. නමුත් එවැන්නෙක් නිසි මගපෙන්වන්නෙක් ඇතුව යාම නුවණට හුරුය. 👉මෙම පරිසර පද්ධතිය තුළ සතුන් විශාල සංඛ්‍යාවක් ජීවත් වේ. මේ අතරින් දළ ඌරන්, මීයන් මෙන්ම කඳුකර කොටියා සහ ශ්‍රී ලංකාවට ආවේණික වූ කොටියාද එම ප්‍රදේශයේ වාසය කරන බවට ගම්වාසීන්ගෙන් තොරතුරු ලැබී තිබේ. 👉නොවැම්බර් සිට පෙබරවාරි දක්වා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ වර්ෂාපතන කාලය ලෙස සැලකේ. කෙසේ වෙතත්, වසරේ අනෙකුත් මාසවලදී ඔබට හදිසි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකිය. 👉කුකුලාගල කඳුවැටිය මුදුනට පැමිණි පසු ඔබට වඩාත් සීතල දේශගුණයක් දැනේවි. වැසි සහිත දිනවලදී මීදුම හෝ මීදුම සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැක. එසේම, වැසි දිනවල කඳු නැගීම ඇත්තෙන්ම දුෂ්කර බව ඔබ සැලකිල්ලට ගත යුතුය. Click here to see the full Photo Album තොරතුරු සහ සටහන :- සෙල්ලමා (Science 20) ශාක පිළිබඳ තොරතුරු :- රෝලෝ (Agriculture 19) |
No comments:
Post a Comment