ගවේෂණ අංක : Event no.02
දිනය: 2024/09/29
ගමන් මාර්ගය : පේරාදෙණිය➡හිඳගල➡මහකන්ද➡ගලහ ➡දෙල්තොට➡පේරාදෙණිය.
පිහිටීම: ලූල් කඳුර/ කොණ්ඩගල
https://maps.google.com/?cid=370669628708038439&entry=gps
හැදින්වීම :
1867 වර්ශයේදී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් වාණිජමය ලෙස ලූල් කඳුකර වතුයාය තුල ආරම්භ කරන ලද තේ වගාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ විශාල වෙනසක් සිදුකිරීමට සමත් විය .මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයේ මෙම රමණීය වතුයාය පිහිටා තිබේ. තේ වගාවට උචිත බෑවුම් ප්‍රදේශයක් වන මෙම වතුයාය මුදුනෙහිම පිහිටා තිබෙන එක් අන්තයකින් සෘජු බෑවුමක් සහ අනිත් අන්තයෙන් දළ බෑවුමක් තිබෙන විශාල ගල් තලාව කොණ්ඩගල ලෙස හඳුන්වනු ලබයි. එහි ජේම්ස් ටේලර් මහතාගේ නටබුන් වුනු බංගලාව,ඔහුගේ නැරඹුම් ස්තානය, එහි සිටවූ පළමු තේ ගස වැනි බොහො දේ දැකගැනීමට හැකියාවක් ඇත.
මුහුදු මට්ටමේ සිට 1511m උසින් පිහිටි කොන්ඩගල මුදුනට ගිය විට 360° වපසරියක් දැක ගැනීමට හැකියාවක් ඇත.
පරිසර පද්ධතිය : කඳුකර ලඳු කැලෑ(Cloudy Forest)
දැකිය හැකි සතුන් :
මෙහිදී ලංකාවට ආවේණික වූ කුරුළු විශේෂ දක්නට ලැබේ.
ඒ අතර ලංකා සිතාසියා(Sri Lanka white-Eye),ලංකා පීතකන් කොණ්ඩයා (Sri Lanka Yellow Eared Bulbul),ලංකා අරන්ගයා(Sri Lanka whistling Thrush),ලංකා මානිලගොය(Sri Lanka Wood Pigeon ) විදශේෂ තැනක් ගනී.
තවද අං කටුස්සන් ඇතුළුව කටුසු විශේෂ රැසක් සහ උරඟ විදශේෂ ද දැකගැනීමේ හැකියාවක් ඇත. මෑත කාලීනව කොන්ඩගල ආශ්‍රිත බඹරුන්ගේ ගැවසීම ඉහල ගොස් ඇත. ලයිකන හා පාසි බැදුණු ශාක විශේෂ ද ඇත. වැසි කාලයේදී කූඩැල්ලන් බහුලව දැක ගත හැකිය.
දැකිය හැකි ශාක විශේෂ :
තේ වගාව බහුලව දැකගැනීමේ හැකියාවක් ඇති අතර ඊට අමතරව ෆයිනස් සහ මීවණ විශේෂ ,ඕකිඩ් විශේෂ සහ පාසි සහ ලයිකන බැඳුණු ශාක දැකගත හැක.මෙම ප්‍රදේශයේ ශාක වල පත්‍රවල ඝනකම වැඩි අතර උස් කඳන් සහිත විසිරුණු අතු ඇත.
Rubus rosifolius
Roseleaf bramble
Thunbergia alata
Trimezia gracilis
Ipomoea sp.
Anoectochilus regalis
දේශගුණය : මදක් වැසිබර මීදුම් සහිත කාලගුණයක් එදින පුරාවටම දක්නට ලැබුණි.
දර්ශන පථය:
මෙහි සිට 360° දර්ශන පථය යක් දැක ගැනීමට හැකියාවක් ඇත.
හන්තාන, ගම්පොළ, අලගල්ල, මහවැලි ගඟ, පිඳුරුතලාගල කඳු පන්තිය, නකල්ස්, හුන්නස්ගිරිය, කොනිකල් හිල්, මකුලුස්ස, වික්ටෝරියා සංරක්ෂිතය, single tree hill , බිත්තිගල, චැරියට්පාත්, මොණරකන්ද, ශ්‍රීපාද මළුව, පිදුරුතලාගල රක්ශිතය, දොලොස්බාග කදුපන්තිය, ඌරගල, කටුසුකොන්ද, ග්‍රේට්වෙස්ටන්
ගවේෂණ සටහන:
සැප්තැම්බර් මස 29 වන ඉරු දින විද්‍යා පීඨ පරිශ්‍රයට ගවේෂණය සමග සම්බන්ධ වීමට රුචි ගවේෂකයන් රැසක් එකතු වී සිටියේ ලූල්කඳුර -කොණ්ඩගල ගවේෂණයට සහභාගි වීමේ අරමුණෙනි. උදෑසන 8 .30 පමණ වන විට 92 ක් පමණ වූ ගවේෂකයන් සමඟ අප ගමන ආරම්භ කළේ අප සංගමයේ සභාපති සහෝදරයාගේ කෙටි දැනුවත් කිරීම් වලින් පසුව වන අතර ගමන ආරම්භයට පෙර කණ්ඩායම් 04කට බෙදී කණ්ඩායම් ගත වූ අපිට සතුන්, ශාක, භූ විෂමතා, කන්දේ පිහිටීම පිළිබඳව මෙන්ම වර්තමානය වන විට ඇතිවී ඇති වෙනස්කම්, බලපෑම් පිළිබඳව තොරතුරු සෙවීමට හා ඡායාරූප ගැනීමට උපදෙස් ලැබුණි.
විද්‍යා පීඨයෙන් පිටවූ අපි බස් රියට නැගී , පේරාදෙණිය- හිඳගල- මහකන්ද- ගලහ පසුකර දෙල්තොට බලා ගමන් කළෙමු.. ඉන් පසුව හමු වූ පටු මාන පඳුරු මැදින් රැඳි මාර්ග, කෙටි පඳුරු සහිත කැලෑ ප්‍රදේශයන් අතරින් ඉදිරියට ගමන් කළ අපට ඉහළදී රමණීය තේ වතු රැසක් හමු විය. තේ වතු පසු කර ගමනාන්තය වන කොණ්ඩගල පැමිණි පසු අංශක 360 ක දර්ශනීය දර්ශනපථයක් දැක ගැනීමට හැකි විය.බඹර වද බහුලව කොන්ඩගල දක්නට ලැබෙන නිසා ගමන් කරන අය අවධානයෙන් කමන් කළ යුතුවේ.
කොණ්ඩගල මත සිට දිවා ආහාරය ගත් අප ඉන් පසුව ගවේෂණයට සහභාගි වූ සියලු දෙනා හඳුනා ගැනීම සිදුකළ අතර, පසුව එදින සිදු කළ ගවේෂණය පිළිබඳ විස්තර සාකච්ඡා කළෙමු. මීදුම්බර කාලගුණය විඳිමින් කණ්ඩායම් සේයරුව ලබාගැනීමෙන් පසුව තේ වතු හරහා tailor's seat සහ ශ්‍රී ලංකාවේ සිටවූ පළමුවන තේ ගස ද නරඹමින් නැවත පහළට ගමන් කිරීම ආරම්භ කළෙමු.
අප සුපුරුදු පරිදි ගීත දෙක ගායනා කර විසිර ගියේ නැවත දිනකදී නව ඉසව්වක ගවේෂණයකදී හමුවන බලාපොරොත්තුවෙනි.
Photo Album : https://bit.ly/uec_24_25_event_02සටහන :
බිඟුනි ( AHS 20 අනුමාපනි )
තොරතුරු :
මෙත්තා (Agri 19-ඉලියම්)
No comments:
Post a Comment