Tuesday, January 16, 2024

දෝතළුගල ගවේෂණය - 2023

විශ්වවිද්‍යාල ගවේශකයන්ගේ සංගමයේ 2023/24 ගවේශන වාරයේ, 14 වන ගවේශනය  දෝතළුගල ගවේශනය 19/11/2023 දින සිදු කරන ලදී.


🔘 ගමන් මාර්ගය :-  පේරාදෙණිය - මහනුවර - හුන්නස්ගිරියදෝතළුගල

🔘 පිහිටීම :-

දෝතළුගල කන්ද ශ්රී ලංකාවේ මධ්යම පළාතේ නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පිහිටා ඇතහුන්නස්ගිරිය සිට මීමුරේ මාර්ගයේ කි.මී.7ක් පමණ ගමන් කළ විට හමුවන ඩීන්ස්ටන් වන සංරක්ෂණ කාර්යාලයට නුදුරින් මෙම කන්දට ප්රවේශ මාර්ගය හමුවේකන්ද තරණය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සකස් කරන ලද මංපෙතක් ඇති අතර මෙම මංපෙත තුලදී දොතලු ඇල්ල දැකගත හැකියනකල්ස් රක්ෂිතයේ නවවන උසම කන්ද වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1575ක් පමණ උස වේ.


🔘 පරිසර පද්ධතිය :  උඩරට තෙත් කලාපය

🔘 දර්ශන පථය :-

o   යහන්ගල

o   කෙහෙල්පත්දොරුව

o   තෙළඹුගල

o   ගැරඬි ඇලි දාමය

o   ඩීන්ස්ටන් කුඩාලෝකාන්තය

o   දුම්බානාගල

o   වික්ටෝරියා ජලාශය

o   වාලිබහෙල

o   අලුගල්කන්ද

o   කොබෝනිලගල

o   ස්පිනික්ස්


දෝතළුගල යනු නකල්ස් කඳුවැටියේ කඳු 34 න් එකකි. එය නකල්ස් කඳුවැටියේ දකුණු ප්රදේශයේ පිහිටා ඇත. මෙම කන්ද එහි පොහොසත් ජෛව විවිධත්වය සඳහා ප්රසිද්ධය.දොතළුගල කඳු නැගීම, කඳවුරු බැඳීම සහ කඳු නැගීම සඳහා කදිම ස්ථානයකි. නමුත් දේශීය හා විදේශීය සංචාරකයින් අතර මෙම ස්ථානය පුළුල් ලෙස ජනප්රිය නොවේ.දොතළුගල මිනි වර්ල්ඩ් අන්තයට ආසන්නව පිහිටා ඇති අතර, එම ස්ථාන දෙකම ඩීන්ස්ටන් හි නකල්ස් සංරක්ෂණ මධ්යස්ථානය මගින් පාලනය වේ.


දෝතළුගල වනාහි නකල්ස් වනයෙහි ඇති සුවිශේෂී සංචරණ මාර්ගයකි. මෙය පාරිසරික නැරඹුම් ඉසව්වක් වන අතර මෙම මාර්ගය තනා ඇත්තේ කඳු වැටියේ පිහිටි සුවිශේෂී ශාක හාජෛව විවිධත්වය අධ්යයනය කරන්නට හා පරිසරය රස විඳින්නන් වෙනුවෙන්මය. ප්රධාන මාර්ගයේ පිවිසුමේ සිට කි.මී. 4ක් පමණ අවසර සහිතව සංචාරක ජීප් රියක හෝ ඇවිද යා හැකිය. මෙම සමස්ත මාර්ගයම ස්වභාවික වන පියස තුළට නිම වූවක් හෙයින් මඟ දිගට කූඩලි ප්රහාර, දිය කඩිති ලිස්සන සුළු ස්ථාන දැක ගත හැකිය. වංගු ගැසී වන රොදට ගමන් කරන මෙම මාර්ගය එක්තරා ස්ථානයකින් අවසන් වේ. එනම් දෝතළුගල කඳවුරු භූමිය හා බංගලාව පිහිටි ස්ථානයකින් අවසන්වේ. එනම් දෝතළුගල කඳවුරු භූමිය හා බංගලාව පිහිටි ස්ථානයයි නකල්ස් හි අවසර සහිතව කඳවුරු බැඳ සිටිය හැකි එකම ස්ථානය වනුයේ මෙමදෝතලුගල වෙන් කරන ලද කඳවුරු භුමිය වන අතර ඒ සඳහා බත්තරමුල්ලේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිල අවසර ලබා ගත යුතුය.


මෙම කඳවුරු භූමිය එතරම්ම ක්රියාකරී මට්ටමේ නොපවතින අතර කුඩාරම් අටවා කණ්ඩායම් දෙකකට සිටිය හැකි ලෙස කොන්ක්රීට් කරන ලද නිශ්චිත බිම් කඩක් ඉතා සුන්දර නැරඹුම් ඉසව්වක තනවා ඇත. ඊට අමතරව මීට නුදුරින් ගොඩනැගිල්ලක් පවතින අතර එය ද සංචාරකයින් හට වෙන් කරවා ගෙන රැය පහන් කළ හැකිය. එම ගොඩනැගිල්ල පවා මුළුමනින්ම කුඩා වැල් වර්ගයකින් වැසී පවති. මෙම ස්ථානයේම කුඩා දිය ඇල්ලක් පවති. පානීය හා ස්නානය සඳහා ජල අවශ්යතාවය එමගින් සපුරා ගත හැකිය.

                                       

මෙම කඳවුරු භූමියට වනතුරු සංචාරක ජීප් රථයකට යා හැකි මට්ටමේ කඳු මාර්ගය මෙතැනින් නිමා වේ. නමුත් මෙතැන් සිට දෝතලුගල පාරිසරික සංවරණ මාර්ගය පටන් ගන්නේ අඩි මාර්ගයක් ලෙසිනි. එය ඩීන්ස්ටන් මෙන් වලයාකාර මාර්ගයක් වන අතර දෙපසින් කෙසේ ගමන් කළත් මාර්ගය අවසානය පටන් ගත් ස්ථානයකට ළඟා වන හෙයින් අපහසුවක් නොමැත. වැසි දින වල දී මෙහි ගමන් කිරීම බොහෝ වෙහෙස කර හා දුෂ්කර වන්නේ තෙත බරිත වන පියස කූඩැල්ලන් තම ග්රහණයට නතු කර ගෙන ඇති හෙයිනි

කෙසේ හෝ අප දකුණු පසින් ගමන් ගන්නා මාර්ගයට පිවිස ගමන ඉදිරියට සම්බන්ධ වූයේ දෝතලුගල කඳු වැටියේ අසිරිය දැකීමටයි. අතීතියේ පවා මෙම ඉසව්ව එනසාල් වලින් තොරව තිබුණ මීට එහායින් ලූල්වත්ත ප්රදේශයට වන්නට බොහෝ ලෙස එනසාල් වගාව පැවතුණි.

         දෝතළුගල කන්ද මීටර් 1500 කට වඩා උස වන අතර සම්මත සංචරණ මාර්ගය කඳු මුදුනට මඳක් පහළින් වන පියස හරහා දිවයයි. ස්වභාවික මංපෙත බොහෝවිට ගස් අතු පඳුරු ආදියෙන් වැහෙන නමුත් මඟ සොයා ගැනීම අපහසු නොවෙයි. මෙම වන පෙත තුළ බොහෝ ශාක වර්ග මල් වර්ග කෘමීන් සහ සියොතුන් දැක ගත හැකිය. පාරිසරික චමත්කාරය නැරඹීම සහ අධ්යයනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය වූ මෙම මං පෙත නකල්ස් හි හදවත බඳුය.

🔘 දැකගත හැකි සතුන්

             කූඩැල්ලන් ගහනය ඉතා අධිකවන අතර ඊට අමතරව කුරුමිණි විශේෂ, දෙබරු විශේෂ, සමනල විශේෂ, දළඹු විශේෂ දැකගත හැකිය.

කටුසු විශේෂ

1) Common green forest lizard 

       වර්ණවත් හිස ප්රදේශයක් හා වයිරම් සහිත ශරීරයකින් යුතුය.ලංකාවේ සෑම ප්රදේශයකම දැකගත හැක


2) Tennent's leaf horn lizard (ටෙනන්ට්ගේ පෙති අං කටුස්සා)

       ලංකාවට ආවේණිකය.දුම්බර ප්රදේශයේ ව්යාප්ත වී ඇත.


🔘 දැකිය හැකි ශාක

1) හීන් බෝවිටියා


උද්භිද විද්යාත්මකව Osbeckia octandra ලෙස හඳුන්වන මෙම පැළෑටිය Melastomataceae කුලයට අයත් මෙරටට ආවේණික, අවුරුද්දේ සෑම කාලයකම මල් හටගන්නා, උසින් මීටර් 2 වඩා උස නොයන පඳුරකි. මෙම Osbeckia ගණයට අයත් ලංකාවෙන් ස්වභාවිකව විශේෂ 10 ක් හමුවන අතර එයින් හීන්බෝවිටියා ඇතුළුව විශේෂ 6 ක් ලංකාවට ආවේණික වෙයි. මෙහි මල් දීප්තිමත් දම් පැහැයේ සිට තද රෝස හෝ නිල් පැහැයට හුරු වර්ණ දක්වා පරිසරය අනුව පැහැය වෙනස් විය හැක.

       මෙම ශාකය දෝතළුගල ගවේෂණයේදී බොහෝ ස්ථානවල හමුවෙයි. එලෙසම මෙය ඉතා වටිනා ඔසු පැළයකි.

2) ගඳපාන/ බාලොලියා


උද්භිත විද්යාත්මක නාමය : Lantana involucrate. 

Lantanas වල රතු, තැඹිලි, කහ හෝ නිල් සහ සුදු මිශ්රණ සහිත කුඩා මල් පොකුරු (කුඩ ලෙස හැඳින්වේ) ඇත. උද්යාන විද්යාඥයින් බොහෝ දෙමුහුන් නිපදවා ඇති අතර, Lantanas යනු Verbena පවුලේ සාමාජිකයෙකි. එම පවුලේ බහු වාර්ෂික සපුෂ්ප ශාක විශේෂ 150 ක් පමණ වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට කෘමිනාශක හෝ දිලීර නාශක ගුණ ඇත. ඉතා ඉදුණු බීජ අනුභව කළ හැකිය. ආර්ථිකයට, පරිසරයට හා සමාජ ජීවිතයට අහිතකරබලපෑම් එල්ල කරනු ලබන  වෙනත් භූගෝලීය ප්රදේශවලින් පැමිණි ජීවී විශේෂ වේ.

·       3) තේ ශාකය

ලංකාවේ ප්රධාන වැවිලි බෝගයක් වන තේ වගාවද මෙම ගවේෂණයේදී අපට දැකගත හැකිය. තේ වතු මැදින් ඇති අඩිපාරවල් දිගේ මෙම ගවේෂණයේ මාර්ගය වැටී ඇත.

රාජධානිය : Plantae

(Unranked) : Angiosperms

(Unranked) : Eudicots

(Unranked) : Asterids

ගෝත්රය : Ericales

කුලය : Theaceae

ගණය : 'Camellia'

විශේෂය : C. sinensis

ද්වීපද නාමය : Camellia sinensis (L.) Kuntze


4) පාසි විශේෂ


 රාජධානිය : Plantae

 අංශය : Bryophyta

 පන්තිය : Bryopsida

 උප පන්තිය : Dicranidae

 අනුපිළිවෙල : Dicranales

 පවුල : Dicranaceae

 කුලය : Dicranum

 විශේෂ : D.Scoparium

ද්විපද නාමය : Dicranum scoparium (Hedw.)


5) අග මුල නැති වැල්

දෝතළුගල ගවේෂණයේදී දක්නට ලැබෙන තුරු ලතාවන් අතුරින් තවත් එක් වැදගත් ලතාවක් ලෙස අගමුල නැති වැල් හැඳීන්විය හැකිය.පරපෝෂිත ශාකයක් ලෙස හඳීන්විය හැකි අගමුල නැති වැල් ශීර්ෂ ආබාධ ඇතුළු රෝගාබාධ රාශියකට ගුණ දෙනු ලබන දේශීය වෛද් ක්රමයේ මෙන්ම ආයුර්වේද වෛද් ක්රමයේ දැක්වෙන තවත් එක් අගනා ඔසුවකි.

          පරපෝෂී කොළ රහිත දඟරමය වැල් විශේෂයක් වන අගමුල නැතිවැල් අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝග රාශියකට යෙදෙන බව පැරණි වෛද් ග්රන්ථ පරිශීලනයේදී දක්නට ලැබේ. කෙසේ වුවද මෙම වැල් වර්ග පරපෝෂිත ලතාවන් .

         අගමුල නැති වැල් වල Cuscuta නාමයෙන් හඳුන්වනු ලබන ලතාවේ කඳ කොළ පැහැයෙන්ද Cuscuta chinensis නාමයෙන් හඳුන්වන ලතාවේ කඳ කහ පැහැයෙන්ද යුක්ත වේ.

         මෙම වැල් විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන් සැලකීමේදී පොදු සිංහල නාම :- අගමුල නැති වැල් හා අක්මුල් නැතිවැල් යන නාමයන්ද වේ. ඉංග්රීසි බසින් – Dodder ලෙස යෙදේ. අගමුල නැති වැල් වල උද්භිද විද්යාත්මක නාම Cuscuta සහ Cuscuta chinensis වෙයි.

          මෙහි කුලය CONVOLVULACEAE හෙවත් තිවෘත් කුලයයි. මේ ආදී වශයෙන් විවිධ භාෂා වලින් විවිධ නාම රාශියක් මෙම වැල් සඳහා යෙදේ. මේ අතර අමරවල්ලී යන නාමය ගැන ආයුර්වේද මූල ග්රන්ථවල දක්නට නොමැති වුවද අමරවල්ලී වශයෙන් Cuscuta වර්ගයද, ආකාශ වල්ලිය වශයෙන් Cuscuta chinensis වර්ගයද ගතයුතු යැයි සමහරු කියති. මෙම වර්ග දෙකම පරපෝෂී ලතාවන්ය.

6) වෙනත් ශාක





·       🔘 ගවේශණයේදි ලබාගත හැකි අත්දැකීම්...

 දොතළුගල කඳවුරු බිම :

                      කිලෝමීටරයක් ​​පයින් ගිය පසු ඔබට මුලින්ම හමුවන්නේ දොතළුගල කඳවුරු භූමියයි. එය කඳවුරු බැඳීමට අපූරු ස්ථානයකි. අවට ප්රදේශය අතිශයින් සුන්දර වන අතර, නකල්ස් කඳුවැටියේ කැපී පෙනෙන කඳු මුදුන් කිහිපයක් ඔබට දැකගත හැකිය. නමුත් මෙහි කඳවුරු බැඳීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයෙන් අවසර ගත යුතුය. ඔබට කෙලින්ම ඩීන්ස්ටන් කාර්යාලයෙන් අවසර ලබා ගත නොහැක. පිටත කඳවුරු බැඳීමට අකමැති අයට නිවාස දෙකක් තිබේ. විවෘත කරන ලද කඳවුරු භූමිය මෙම නිවාස දෙකේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටා ඇත.

දෝතළු ඇල්ල :

                       මෙය විවෘත කඳවුරු බිම අසල පිහිටා ඇති කුඩා දිය ඇල්ලකි. එය ඇත්ත වශයෙන්ම කඳවුරුකරුවන් සඳහා ජල මූලාශ්රයකි. කුඩා තටාකය ස්නානය සඳහා සුදුසු වන අතර, එය වඩා ගැඹුරු නොවේ. මෙම ස්ථානය ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට ද සුදුසු ය. ජලය සැමවිටම ප්රබෝධමත් සහ පුනර්ජීවනය කරයි.

දොතළුගල ස්වභාවික මංපෙත :


             ස්වභාවික මාවත ආරම්භ වන්නේ ඇතුල්වීමේ දොරටුවෙනි. ආරම්භයේදී අඩිපාර වඩා පුළුල් ය. ඔබේ ගමන අතරතුර, ඔබට සුන්දර නකල්ස් කඳුකරය දැක ගත හැකිය. ඔබට දුම්බරගල, ගෙරණ්ඩිගල, යහන්ගල, කෙහෙල්පත්දොරුව, කොබෝනීලාගල, Spinix 2, ලකේගල, නකල්ස් පහේ කඳු මුදුන්, අලුගල් කන්ද සහ අලියා වැටුණු ඇල කන්ද වැනි ජනප්රිය කඳු මුදුන් කිහිපයක් නැරඹිය හැකිය.

            දොතළුගල කන්දේ අවසාන දර්ශනයට කිලෝමීටර් 4ක් පමණ දුර ගමනක්. ඔබ පිවිසුමේ සිට කිලෝමීටර 1 ක් පමණ ගිය පසු ඔබට තුන්මං හන්දියක් හමුවනු ඇත. පහළට යන මාර්ගය දෝතළු ඇල්ලට සහ දොතළුගල කඳවුරු බිමට යයි. නමුත් අනෙක් මාර්ග දෙකක් දොතළුගල කඳු මුදුනට යනවා. එම මාර්ග දෙක අවසාන දර්ශන ස්ථානයේදී එකට හමුවෙයිඔබේ අභිමතය පරිදි ඔබට ඕනෑම මාර්ගයක් තෝරා ගත හැකිය.ඔබේ කඳු නැගීමේදී, ඔබට කුඩා ඇළ දොළ, ශාක, සතුන් සහ විශාල ගල් හමුවනු ඇතගමනේ පසු කොටස වඩාත් දුෂ්කර ය. කෙසේ වෙතත්, ඔබ කඳු මුදුනට පැමිණි පසු ඔබට සියලු වෙහෙස මහන්සි වී වැඩ අමතක වනු ඇත. ඔබට මහියංගන-සොරබොර සහ වික්ටෝරියා ජලාශය දෙසට ස්ථාන නිරීක්ෂණය කළ හැකකඳු මුදුනේ උස මීටර් 1407 කි.


මෙම ගවේශන චරිකාවේදී ලබා ගත් අත්දැකීම් සහ ගමන් විස්තර...

එක් දින ගවේශනය...

ගවේශකයන්ගේ සංගමයේ 2023/24 වාරයේ 14වන ගවේෂණය වූ දෝතලුගල ගවේෂණය සඳහා පිටත් වීම 2023 නොවැම්බර් මස 19වන දින පේරාදෙණිය විශ්වවිද්යාලයේ විද්යා පීඨයෙන් ආරම්භ කරන ලදී. මේ සඳහා ගවේශකයන් 40ක් පමණ සහභාගී විය. උදෑසන 8.30ට පමණ බස් රථයට නැගී අපි මහනුවර දක්වා ගමන් කර පසුව හුන්නස්ගිරිය බලා ගමන් කළෙමු.ඒකාකාරී ගමනක යෙදුන අපි පැය එක හමාරකින් පමණ හුන්නස්ගිරියට පැමිණියෙමු. බසයෙන් බැස ඩින්ස්ටන් කුඩා ලෝකාන්තය වෙත ගමන් කළ අතර එතැන මදක් නැවතී කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට හැකි පරිදි සූදානම් වූ අප අනතුරුව ඉදිරියෙන් ඇති මාර්ගය දිගේ ගමන් කළා. ඩින්ස්ටන් කුඩා ලෝකාන්තයේ සිට මීටර් 100ක් පමණ ඇවිද ගිය පසු දොතලුගලට පිවිසෙන මාර්ගය දිස්වේ.එහි විශාල පුවරුවක් ප්රදර්ශනය කර ඇති නිසා මාර්ගය සොයා ගැනීම අපහසු නැත.



එම මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළ අපිට යහන්ගල, කෙහෙල්පත්දොරුව, ලේදිරිය කඳු, ගැරඬි ඇල්ල දැකගත හැකි විය.එදින පැවති සෞම්ය කාලගුණය නිසා සමහර අවස්ථාවලදී පරිසරය මීදුමෙන් වැසී තිබුණි. උඩු වියන් වලින් වැසුන මාර්ගය දිගේ ඉදිරියට යෑම වෙහෙසකර නොවීය.හිරු රශ්මිය හෝ වර්ෂාව නොතිබූ නිසා ගමන් මහන්සියක් හෝ අපහසුවක් නොදැනිනි.පරිසරය මද ඇදුරු ස්වාභායක් ගත් අතර එයට හේතුව උඩු වියන් ස්ථර විය.

           කූඩැල්ලන් ඉවත් කරමින් ඉදිරියට ඇදුන අප කි.මී.1 හමාරක් පමණ පැමිණි පසු මාර්ගය 3ට බෙදෙයි.පහලින් ඇති මාර්ගය දෝතලු ඇල්ල දෙසට ගමන් කරන අතර පඩි පෙළ සමඟ ඇති පාරෙන් හෝ අනෙක් පාරෙන් දෝතලුගලට යා හැකිය.



රැගෙන ආ කෙටි කෑම වර්ග සහ අතරමගදී දිවා ආහාරය ගෙන ගිමන් හරිමින් අපි ඉදිරියට ගමන් කළෙමු.පිරිසිදු ජලය සැම තැනකම ඇති නිසා ජල හිගයක් නොවීය.පැය 1 හමාරකින් පමණ අපි දෝතලුගල මුදුනට පැමිණියෙමු.එහිදී ඡායාරූප ගෙන එතැන මදක් රැඳී නැවත පහළට බැසීමට පටන් ගත්තේය.



නැවත පැය 2කින් පමණ ඩින්ස්ටන් කුඩා ලෝකාන්තය කාර්යාලයට පැමිණි අතර අනතුරුව බස් රථයට නැග සවස 5.00 - 5.30ට පමණ විශ්වවිද්යාලයට පැමිණීමට ගමන් ආරම්භ කරන ලදී.පැය 1 හමාරක පමණ ගමනකින් පසු නැවත විශ්ව විද්යාලයට පැමිණි අප රාත්රී 7.15ට පමණ අපගේ එක් දින ගවේෂණය නිමා කළේය.



🔘 විශේෂ කරුණු :-

 👉  කූඩැල්ලන් බහුලව සිටින නිසා ඒ සදහා ක්‍රමවේද අනුගමනය කල යුතුය.( ලීච් ශොක්ස් පැලදීම උචිත වේ)

👉 ලෙස්සන පසක් පවතින නිසා වැසි දින වල ප්‍රවේසමෙන් ගමන් කල යුතුය.

👉  දොතළුගල ස්වභාවික මාවත සඳහා සුදුසුම කාලය පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා වේ.


අපගේ කැමරා ඇසට හසු වූ සුන්දර දෝතලුගල...






අවසානයේ ලියමි...✍🏻

               දෝතළුගල ජෛව විවිධත්වය අතින් පොහොසත් ස්ථානයක් බව ඔබ මතක තබා ගත යුතුයසංචාරකයින් සඳහා සතුන්ට හානි කිරීම හෝ ශාක වලට හානි කිරීම තහනම්ය. ඔබේ දෝතළුගලස්වභාවික අත්හදා බැලීම සඳහා කැමරාවක් සහ ප්රමාණවත් තරම් ජලය රැගෙන යාමට අමතක නොකරන්න. ඔබ රැගෙන යන සියලු දෑ නැවත ගෙනයන්න.පා සටහන් පමණක් තබා යන්න.

 


  Click here to see the full Photo Album 


තොරතුරු සටහන : ඩෙල්මා (ශාස්ත්ර පීඨය 20 වන වසර)




No comments:

Post a Comment