මුහුදු මට්ටමේ සිට අඩි 2618ක් (මීටර් 798) උසක් ඇති බතලේගල කන්ද සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වේ.ජනප්‍රවාද වලට අනුව බතල අලයක හැඩය ඇති නිසා බතලේගල නම පටබැදුණු බවට සදහන් වේ. තවද බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී බයිබලයක හැඩයට සමාන වීම නිසා ''bible rock'' යන නාමයෙන් ද හදුන්වා ඇත. සීගිරියට සමාන හැඩයක් සහිත වීම නිසා '' පුංචි සීගිරිය ලෙස ද හදුන්වා ඇත.
අංශක 360° දර්ශන පථයක් ඇති බතලේගල කන්ද වර්තමානයේ දී භික්ෂූන් භාවනා කිරීම සදහා යොදා ගනී.වැසි කාලයේ දී අකුණු අනතුරු සුළඹව වාර්තා වන අතර මාර්ගය ලිස්සන සුලු ස්වභාවයක් ගනී. බතලේගල හුදකලා කන්දක් නිසා රජවරුන් ආරක්ෂාව සදහා මෙහි බලකොටු සාදා ගෙන ඇති බව ජනප්‍රවාද වල සදහන් වේ.
දැකිය හැකි සතුන්
කදු කර කැළෑ පරිසර පද්ධතියට හිමිකම් කියන මෙම බතලේගල කන්ද ආශ්‍රිතව රිලවා මුවා කළ වැද්දා වල් ඌරන් මුගටියන් උරුලෑවා බලල් දිවියා දඩු ලේනා කිරි වවුලා නරියා උරුමීයා ඉත්තෑවා හාවා ලේනා වැනි කක්ෂීරපායින් කහ කුරුල්ලන් බකමුණන් අලු කෑදැත්තන් කොට්ටෝරුවන් ඇටි කුකුළන් වළි කුකුළන් වැනි පක්ෂීන් ද ගැට හොඹු කටුස්සන් පිනුම් කටුස්සන් හූනන් හිකනලුන් පලා පොලොගුන් වැනි උරගයින් ද විවිධ කෘමි විශේෂ ද ජීවත් වේ.
Spotted Locust
දැකිය හැකි ශාක විශේෂ
ඇටඹ වල් දෙල් මිල්ල බලබොඩ බදුල්ල කලු මැදිරිය කිතුල් අන්කෙන්ද භූකෙන්ද වල් කුරුදු මහෝ පුස් වැල් රසකිද වැල් තෙඹු ගස් කැන්ද හවරිනුග පාන කොටකිඹුල සත්සද කොතල හිඹටු අරත්ත සහ පාසි ලයිකන වර්ග ද දැකිය හැක.
an Impatiens species
දර්ශන පථය
- දකුණු අන්තය
- සාමසර කන්ද
- අම්බුලුවාව
- උතුවන් කන්ද
- ඌරා කන්ද
- දෙවනගල කන්ද
- ශ්‍රී පාදය
- කබරගල
- රාක්ෂ ගල
- අසුපිනි ඇල්ල
- උතුරු අන්තය
- අලගල්ල
- නකල්ස් කදුවැටිය
- හන්‍තාන කදුවැටිය
- කඩුගන්නාව
ගවේෂණ සටහන
2024/25 ගවේෂණ වාරයේ විශ්ව විද්‍යාලයීය ගවේෂකයන්ගේ සංගමයේ තෙවන ගවේෂණය ලෙස බතලේගල කඳු මුදුන තරණය කිරීමට සූදානම් වූ අතර ඔක්තොම්බර් මස 6 වන ඉරු දින විද්‍යා පීඨ පරිශ්‍රයට බතලේගල ගවේෂණය සමඟ සම්බන්ධ වීමට රුචි ගවේෂකයන් රැසක් සම්බන්ධව සිටියේ ය. වියළි කාලගුණයක් පැවැති මේ මාසය තුළ අපගේ ගවේෂණය බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවීම මහත් අස්වැසිල්ලක් විය. උදෑසන 9.00 පමණ වන විට ගවේෂණයට ලක ලෑස්ති වූ 150ක්ප මණ වූ ගවේෂකයන් සමඟ අප ගමන ආරම්භ කළේ නව ගවේෂණ වාරයේ අප සංගමයේ සභාපති සහෝදරයාගේ කෙටි දැනුවත් කිරීම් වලින් පසුව වන අතර ගමන ආරම්භයට පෙර කණ්ඩායම් 04කට බෙදී කණ්ඩායම් ගත වූ අපිට සතුන්, ශාක, භූ විෂමතා, කන්දේ පිහිටීම පිළිබඳව මෙන්ම වර්තමානය වන විට විවිධ මානුෂ ක්‍රියාකාරකම් නිසා එම පරිසරයට සිදු වී ඇති බලපෑම් පිළිබඳව තොරතුරු ගවේෂණයට හා ඡායාරූප ගැනීමට උපදෙස් ලැබුණි.
විද්‍යා පීඨයෙන් පිට වූ අපි පේරාදෙණිය - මාවනැල්ල -ගැවිලිපිටිය හරහා බතලේගලට ළගා විය. ඉන් පසුව බතලේගල කදු මුදුනට ගමන් ඇරඹු අප අපගේ ගමනාන්තය වන බතලේගල ගල් පොත්තට පැමිණි පසු අංශක 360 ක දර්ශනීය දර්ශන පථයක් දැක ගැනීමට හැකි විය.පසුව ඒ අසල පන්සලක සිට දිවා ආහාරය ගත් අප ඉන් පසුව බතලේගල කන්දෙහි භූ විද්‍යාත්මක නිරීක්ෂණ රැසක් මෙන්ම එම කදු මුදුනට දිස් වන තවත් කඳු වැටි කිහිපයක තොරතුරු රැසක් එහි දී ගවේෂණය කරන ලදී. පසුව එදින අප හා ගවේෂණයට සම්බන්ධ වූ විශ්ව විද්‍යාල ගවේෂකයින්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික සහෝදර සහෝදරියන් ඔවුන්ගේ අත්දැකීම් අප සමග බෙදා ගනු ලැබූ අතර ඉන් පසු බතලේ ගල - ගැවිලිපිටිය - මාවනැල්ල - පේරාදෙණිය පසුකර පැමිණි අප නැවතත් විද්‍යා පීඨයට පැමිණියේ අපගේ තෙවන ගවේෂණය අවසානය සනිටුහන් කිරීමටයි.ඉන් පසු අප සුපුරුදු පරිදි ගීත දෙක ගායනා කර විසිර ගියේ නැවත දිනකදී නව ඉසව්වක ගවේෂණයකදී හමුවන බලාපොරොත්තුවෙනි.
සටහන: සත්‍යා (Arts 19-හිරිපොද)
No comments:
Post a Comment