දොළොස්භාගේ කඳු වැටියේ උසම කඳු මුදුන සොයා...........
කබරගල
සබරගමුව පළාතේ පිහිටා ඇති කබරගල දොළොස්බාගේ කඳුවැටියේ පිහිටා ඇති උසම කන්ද වේ. මෙය මුහුදු මට්ටමේ සිට මීටර 1506 ක් උසින් පිහිටා ඇත. කබරයෙකුගේ හැඩයට මෙම කන්ද පිහිටා ඇති නිසා මෙයට කබරගල යන නම ලැබී ඇත.
මෙහි දේශීය ශාක හා සත්ව විශේෂ ගණනාවක් දැක ගත හැකිය.
සත්ව විශේෂ ලෙස කටුස්සන්, සමනලුන්, උකුස්සන්,
ගෙම්බන්, හාවුන්, රිලවුන්
වැනි සතුන් ද ශාක ලෙස කදුරු, මානා, පයිනස්, හීන්
බෝවිටියා, කහට, කිතුල් වැනි ශාක විශේෂද දැකිය හැකිය
කබරගල පිළිබඳ ඇති ජනප්‍රවාද ලෙස බුදුරජාණන් වහන්සේ සමනල
කන්දට වැඩම කිරීමට පෙර මෙහි වැඩම කළ නමුත් කබරයෙකුලේ කෑගැසීම නිසා ආපසු වැඩි බවත්
සැලකේ. අනෙක් ජනප්‍රවාදය ලෙස මෙය රාවණා යුගය දක්වා දිව යයි. කබරගලට යාබදව තොලබෝවල
පතන නමින් ජනපදයක් ඇති බවත් රාවණා රජු සීතා කුමරිය විවාහ කරගැනීමට තොලබෝ පැළයක්
මෙහි රෝපණය කළ බවත් දැක්වේ. තවද රාවණා රජුගේ යකඩ කම්හල ලෙස හැඳින්වෙන රාස්සගල මෙම
අසල පිහිටා ඇත.
දැකිය හැකි සතුන්
Sri Lanka white eye
Sri Lanka scimitar – babbler
අං කටුස්සන්
සර්පයන්
ඔ්ලු මුවන්
කුළු හරක්
දිවියන්
බඹරුන් හා මී මැස්සන්
කදුරු
මානා
පයිනස්
හීන් බෝවිටියා
කහට
කිතුල්
Rhodomyrtus tomentosa Barberis ceylonica
සීත පේර
ගවේශන සටහන
උදෑසන 8.45ට පමණ අපි සියලු දෙනා විද්‍යා පීඨයේ සිට බස් රථයකින් කබරගල බලා ගමන් ආරම්භ කළෙමු. ගම්පොළ නගරයට පැමිණි පසු අම්බුළුවාව පසෙකින් අපට දැක ගැනීමට හැකි විය. ඉන්පසු නාවලපිටිය හරහා රාක්ෂගල තේ කර්මාන්තශාලාව අසලින් අප කබරගල නැගීමට ආරම්භ කරන ස්ථානයට පැමිණියෙමු. ඉන්පසු සියළු දෙනා කෙටි කාපට් පාරක් දිගේ ඉදිරියට ගමන් කළෙමු. මාර්ගය දෙපස කදුරු කිතුල් ගල් ගොරකා සපු බෝවිටියා වැනි ශාක විශේෂ තිබුණි. ටික දුරක් යන විට තේ වත්තක් හමුවූ අතර වම් පසින් මහවැලි මහා සෑය හා කොත්මලේ ජලාශයත් දකින්නට ලැබුණි. තේ වත්ත අවසානයේදී කන්ද නැගීම ආරම්භ විය. ටික දුරක් යන විට වර්ෂාව ආරම්භ වූවත් සියළු දෙනා පරිස්සමින් ගමන් කළෙමු. ඈත සිටම කබරගල හඳුනාගැනීමට හැකි සේ පිහිටන පයිනස් ගස් කීහිපයද තිබූ අතර ඒ අසලට ලංවන විට වර්ෂාව වැඩි කළ නිසා සියළු දෙනා එම පයිනස් ගස් යට වර්ෂාව අඩුවන තෙක් රැදී සිටියෙමු. පසුව 12 වන විට අප කඳු මුදුනේ දෙවන මුදුන එක වෙත ළඟා වූවෙමු. අපගේ බලාපොරොත්තුව වූවේ පළමු කඳු මුදුන වෙත යාමට වුවත් වර්ෂාව ඊට බාධා කළේය.
කබරගල කඳු මුදුනේ සිට බලන විට දර්ශන පථය ලෙස සමනල කන්ද, වටවල, පිදුරුතලාගල, ග්‍රේට් වෙස්ටන් එක් පසෙකින් ද අනෙක් පසින් අම්බුළුවාව, මොනරගල, හන්තාන, නකල්ස් පෙනුනත් වැස්ස නිසා පැවති මීදුම නිසා එම කඳු වැසී පැවතිණි. ටිකකින් මීදුම අඩු වූ විට කුඩා ධානිගල පමණක් යන්තමින් පෙණුනි. පසුව අපි සියළු දෙනා එකිනෙකා හඳුනාගෙන ඡායාරූපද ගෙන නැවත පහළට බැසීමට සූදානම් වුණෙමු.ඒ වන විට වර්ෂාව අවසන් වූවත් මාර්ගය ලිස්සන සූළු වූ නිසා
සියළු දෙනා පරිස්සමින් පහළට බැස්සෙමු. අතරමඟදී හමුවූ තේවත්තේදී නැවත ඡායාරූප ගෙන
අප ගෙන ආ අමතර ආහාර ගත්තෙමු. එතන සිට පහළට එන විට බතලේගල කන්ද පසෙකින් දිස්වුණි.
එනඅතරමඟදී කුඩා දිය ඇල්ලක්ද පසෙකින් තිබුණි. පසුව අතරමඟදී හමුවූ පන්සලක දිවා ආහාරය
ගෙන නැවත බසය බලා ආවෙමු. සවස 3.30ට පමණ අපි එතැනින් පිටත් වූ අතර අතරමඟදී කබරගල
කඳු වැටියේ බෑවුම ප්‍රදේශය දිස්වුණි.
පැය එකහමාරක පමණ
ගමනකින් පසු 5 වන විට අප සියළු දෙනා විද්‍යා පීඨය වෙත පැමිණි අතර පසුව
සියළු දෙනා සතුටින් විසිර ගියෙමු.
දර්ශන පථය
- අම්බුළුවාව
- නකල්ස්
- හන්තාන
- රාක්ෂගල
- වවුලගල
- ශ්‍රී පාදය
- ග්‍රේට් වෙස්ටන්
- කොටගල
- පිදුරුතලාගල
- දෙවනගල
- මොනරගල
- මහවැලි මහා සෑය
- කොත්මලේ ජලාශය
No comments:
Post a Comment