හන්තාන ගවේෂණය -2025
· ගවේෂණ අංකය : Event No 01
· දිනය: 2025/07/06
· ගමන් මාර්ගය: පේරාදෙණිය ➡️ හන්තාන➡️ පේරාදෙණිය
· පිහිටීම: හන්තාන
· https://goo.gl/maps/qRRgggjE79ob6fbBA
· හැඳින්වීම:
හන්තාන කඳු වැටිය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ , මහනුවරට නිරිත දෙසින් පිහිටා ඇත . එය 2010 පෙබරවාරි මාසයේදී ජාතික පරිසර පනත යටතේ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. කඳු වැටියේ උපරිම උස මීටර් 1,200 (අඩි 3,800) කි. කඳු වැටිය කඳු මුදුන් හතකින් සමන්විත වේ. උසම කඳු මුදුන ඌරාගල කන්දයි . මෙම කඳු වැටිය ශ්‍රී ලංකාවේ කඳු නගින්නන් අතර ප්‍රියතම ගමනාන්තයකි.
Pholcus holding her egg sac
Cellar spider
සතුන්ගෙන් නම් හන්තාන කදු වලටදි වෙන්න පුලුවන් අනතුරැ අවම නමුත් වැහි කාලයේ අධික කුඩළු ප්‍රහාර වලට නම් අනිවාර්‍ය්න්ම ලක්වෙන්න පුළුවන්.ඊට අමතරව කැලැ කුළු හරක්, දිවියන් වගේ සතුන් හමුවිමි වර්තාවෙලා තියනවා, විශේෂයෙන්ම ඌරාගල ඉදන් කටුසු කන්ද දිහාවට දිවියන් හා කැලැ කුළු හරක් සිට ඇති බව වාර්තා වී ඇත
Pinus
Bruguiera gymnorrhiza
Strobilanthes kunthiana
මෙහි ඉහළ ශාක විවිධත්වයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශයට ආවේණික ශාක විශේෂ රැසක් මෙම කදුවැටි ප්‍රදේශයේ දක්නට ලැබෙන අතර එමෙන්ම වඳවී ගොස් ඇතැයි විශ්වාස කළ සුවිශේෂී “නෙළු” (Strobilanthes kunthiana) ශාක විශේෂයක් මෑතකදී යළි සොයාගන්නා ලදි. ඒ හැරුණු විට කුඩා ක්ෂිරපායින්, උරග විශේෂ, කෘමීන් ඇතුළු සත්ව විශේෂ රැසක් ද දක්නට ලැබේ.
හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය. මිලිමීටර් 2000 ක් පමණවන වාර්ෂික වර්ෂාපතනය වසර පුරා නිරිත දිග හා ඊසාන දිග මෝසම් මගින් පෝශනය ලබයි. ඒ නිසා සෙල්සියස් අංශක 23 ත් 25 අතර උෂ්ණත්වයක මෙහි පවතී.
ඉතින් නාගරික පරිසරයකට බොහොම ආසන්නව පිහිටලා තිබුනත් හන්තාන කදු පන්තිය කියන්නේ අවම කදු 7කින් සමන්නිත වෙනස්ම අත්දැකිමක් විදගන්න පුලුවන් තැනක් , මෙ කදු වලින් උසම කන්ද විදිහට ඌරා කෙටු කන්ද ( ඌරා ගල කන්ද ) අඩි 3800 සහ අවසාන වගේම අමාරැම කන්ද කටුසු කන්ද විදිහටත් හදුනාගන්න පුළුවන්.
ඌරාගල කන්ද වටා බැදුනු පුරාවෘත කිහිපයක්ම තියනවා, එකක් තමා කුවේනිය විසින් කලායැයි සැලකෙන දිවි දොසය සුවකිරිම සදහා කල කොහොබ කංකාරිය සිදුකිරිමට මලය රජ (මලේ රජ්ජුරැවෝ ) රවටාගෙන ලංකාවට පැමිණි ඌරැ වෙස්ගත් රාහු හා මලය රජු හමූවුන ස්ථානය ( මලය රජ විසින් ඌරැ වෙස්ගත් රාහුට කඩුවෙන් කෙටු ස්ථානය ) විදිහට හදුන්වනු ලැබිම වගේම කටුසු කන්දට ඒ නම වැටිල තියෙන්නේ කටුස්සෙකුගේ කොන්ද සේ පෙනෙන හැඩයකට තිබෙන ඉතා පටු කදු මුදුන නිසා.
හන්තාන කදු පන්තියට ප්‍රවෙශ මාර්ග ගණනාවක්ම තියනවා ,
�� ශ්රි ලංකා ගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය
�� උඩුවෙල හන්තාන තේ වත්ත හරහා වෑටී ඈති මාර්ගය
�� මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය
�� පේරාදෙනිය හරහා වැටී ඇති ගලහ - දෙල්තොට මාර්ගයේ දෙල්තොට නගරයෙන්ද ඈතුලුවිය හැක.
එයින් බහුලවම බාවිතා වෙන්නේ හන්තාන හතර (4 Milepost) කනුව ලගින් පටන් ගන්න සන්නිවේදන කුළුණු හාරහා යන මාර්ගය, විජෙරාම පන්සල හරහා යන මාර්ගය, අමායා හිල්ස් හෝටලය හරහා යන මාර්ගය වගේම සරසවිගම හරහා යන මාර්ගය කියන කිහිපය තමා. මේ අතරින් හොදම එක විදිහට සලකන්න පුළුවන් හන්තාන 4 කනුව හරහා මාර්ගය.
පළවෙනි කදු මුදුන ආශිතව ඒ වගේම පළවෙනි කදුමුදුන පහුකරනාවත් එක්කම වික්ටොරියා ජලාශය දක්වා විශිෂ්ට අංශක 3600 භූමි දර්ශනයක් දැකගන්නත් පුළුවන්.
පළවෙනි කදු මුදුනෙ ඉඳන්ම පැහැදිලි අඩි පාරක් හා මාර්ග සළකුනු 3 වන කදු මුදුන දක්වාම වගේ දකින්න හැකි නමුත් එතැන් සිට බොහො දුරට පැහැදිලි මාර්ගයක් දකින්න ලැබෙන්නේ නෑ. එම නිසා ඌරාගල ඉදන් කටුසු කන්ද දක්වා ගමන් කිරිම යම් තරමකට අසීරු විය හැක.
අතරමං වීමට අවම අවදානමක් තිබෙන නිසා ආධුනික කදු නගින්නන් බොහොමයකට ලෙසියෙන්ම යන්න පුළුවන් කඳු කිහිපයෙන් එකක් විදිහටත් සලකන්න පුළුවන් හන්තාන කදු පන්තිය වර්ෂා කාලයේදි වේගවත් සුළං හා ඝන මිදුම හින්දා යම් තරමක අතරමන් විමේ අවදානමකුත් නැතුවාම නොවේ, ඊට අමතරව අධික සුළං තත්ව නිසා වියලි කාලයේදි හන්තාන බොහො ලැව් ගිනි තත්ව වලට සුලබව මුහුණ දෙනවා.
ගවේෂණ සටහන :
2025/26 නව ගවේෂණ වාරයේ ආරම්භය ලෙස සුපුරුදු පරිදි විශ්ව විද්‍යාලයීය ගවේෂකයන්ගේ සංගමයේ අපි, අපේ පළමු ගවේෂණය ලෙස හන්තාන කඳු මුදුන තරණය කිරීමට සූදානම් වූ අතර ජූලී මස 6 වන ඉරු දින විද්‍යා පීඨ පරිශ්‍රයට ගවේෂණය සමඟ සම්බන්ධ වීමූ. තරමක් වැහිබර කාලගුණයක් පැවැති මේ මාසය තුළ අපගේ ගවේෂණය බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවීම මහත් අස්වැසිල්ලක් විය. උදෑසන 8.30 පමණ වන විට හන්තාන ගවේෂණයට ලක ලෑස්ති වූ 98 ක් පමණ වූ ගවේෂකයන් සමඟ අප ගමන ආරම්භ කළේ නව ගවේෂණ වාරයේ අප සංගමයේ සභාපති සහෝදරයාගේ කෙටි දැනුවත් කිරීම් වලින් පසුව වන අතර ගමන ආරම්භයට පෙර කණ්ඩායම් 04කට බෙදී කණ්ඩායම් ගත වූ අපිට සතුන්, ශාක, භූ විෂමතා, කන්දේ පිහිටීම පිළිබඳව මෙන්ම වර්තමානය වන විට ඇතිවී ඇති වෙනස්කම්, බලපෑම් පිළිබඳව තොරතුරු සෙවීමට හා ඡායාරූප ගැනීමට උපදෙස් ලැබුණි.
විද්‍යා පීඨයෙන් පිටවූ අපි රජවත්ත, බෝවලවත්ත මාර්ගය ඔස්සේ ගොස් ආරණ්‍ය සේනාසනය අසලට 10.30 පමණ වන විට පැමිනි අතර ඒ හරහා හන්තාන තරණය ආරම්භ කළෙමු. දහවල් 12.00 පමණ වන විට අපි අපේක්ෂිත “ගල්පොත්ත” මුදුන කරා පැමිණි අතර ලණු මාර්ගයෙන් ඒ ගල්පොත්ත තරණය අපට නවමු අත්දැකීමක් විය. ගල්පොත්ත මතදී දිවා ආහාරය ගත් අප ඉන් පසුව ගවේෂණයට සහභාගි වූ සියලු දෙනා හඳුනා ගැනීම සිදුකළ අතර, පසුව එදින අප හා ගවේෂණයට සම්බන්ධවූ විශ්ව විද්‍යාල ගවේෂකයින්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික සහෝදර සහෝදරියන් ඔවුන්ගේ අත්දැකීම් අප සමග බෙදා ගත්හ.
ඉන්පසුව සුළං කපොල්ල, CP2 තේ වත්ත, මාන කැලෑ අතරින් ෆයිනස් කැලේ පසුකර ඉහළ හන්තාන නිකේතනය අසලට ප.ව 4.45 වනවිට පැමිණි අප උඩ පේරාදෙණිය පාර ඔස්සේ නැවතත් ප.ව 6.00 ට පමණ විද්‍යා පීඨයට පැමිණියේ අපගේ පළමු ගවේෂණය අවසානය සනිටුහන් කිරීමටයි .
අපි නැවතත් පැමිණෙන විට රසවත් බීම කෝප්පයක් හා බිස්කට් අප වෙනුවෙන් සකස් කර තැබීමට ගවේෂකයන්ගේ සංගමයේ සහෝදර සහෝදරියන් වෙහෙස වී තිබූ අතර ඉන් විඩා නිවාගත් අප සුපුරුදු පරිදි ගීත දෙක ගායනා කිරීමෙන් හා ෆිට් එක දැමීමෙන් පසු විසිර ගියෙමු.
Photo Album:
https://www.facebook.com/share/p/1CgztQKVnn/?mibextid=wwXIfr
සටහන : රිවිතිළිණි පහළගල්ලත් ( Agri 21 උදැල්ලි )
No comments:
Post a Comment