මෙය විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ 24/25 ගවේෂණ වාරයේ 16 වන ගවේශෂණයයි. මෙය දෙදින ගවේෂණයක් වන අතර විශ්වවිද්‍යාලයෙන් ගමන ආරම්භ කර සීගිරිය සහ පිදුරංගල ගවේශනය අරමුණ විය.
ගවේෂණ අංකය:- 16
දිනය :- 2025/01/25 සහ 26
ගමන් මාර්ගය :- පේරාදෙණිය➡️දඹුල්ල➡️සීගිරිය➡️පිදුරංගල➡️දඹුල්ල➡️පේරාදෙණිය
සීගිරිය:
කාලගුණය:- වියළි කාලගුණයකි.
හැඳින්වීම-සීගිරී ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන කැපීපෙනෙන භූ ලක්ශන සහිත පුරාවිදයාත්මක වටිනාකමකින් යුත් ලෝක උරුමයකි. අලිගල සීගිරි පර්වතයට නැගෙනහිරින් පිහිටා ඇති ඇති අතර එහිදී කරන ලද කැනීම්වලින් වසර 5500 ක් පමන පැරණි මානව ජනාවාස හමු වී ඇත.සීගිරියේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ පළමුවන කාශයප රජුගේ (ක්‍රි.ව. 477-495) පාලන සමයේදීය. රාජයත්වය ලබා ගත් කාශයප රජු වසර 18 ක් සීගිරිය තම අගනගරය කොටගෙන රාජය කටයුතු සිදු කලහ. එය කුවේරයාගේ ආලකමන්දාව ලෙස හැදින්විය. කාශයප රජුගේ පාලන සමයෙන් පසු ක්‍රි.ව. 6-7 සියවස් වලදී සීගිරිය ආරාමයක් බවට පත් විය. මෙම අවදියේදී කටාරම්,බෝධිඝරය,දාගැබ් ආදී දාගැබ් ඉදිකෙරිනි. ඉන්පසු උඩරට රාජධානියේ යුද කදවුරක් ලෙසද භාවිත විය. ඉන්පසු බ්‍රිතානය ජාතික යුද නිලදාරියෙකු වූ මේජර් ජොනතන් ෆෝබිස්ට් නැවත සීගිරිය අපගේ ඉතිහාසයට එකි කිරීමට සමත් විය. දිගු ඉතිහාසයකින් යුතු සීගිරියේ පුරාවිද්‍යාත්මක ගවේශනය ආරම්භ කරන ලද්දේ 1894 වර්ශයේ දී එච්.සී.ජී.බෙල් මහාතා විසිනි. ඉන්පසු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා යටතේ පර්යේෂන කටයුතු සිදුවිය. එහි ප්‍රතිපලයක් ලෙස පැවති ජාත්‍යන්තර සබදතා,සීගිරි නගර සැලැස්ම,ජල කලමනාකරන තාක්ශනය,බිතු සිතුවම් සහ කැටපත් පවුරේ කුරුටු ගී සොයා ගැනිනි. සීගිරි නගරය චතුරශ්‍රාකර බිම් සැලැස්මකට අනුව නිර්මානය කර ඇති අතර බටහිර - නැගෙනහිර දිශානුගතව විහිදෙන්නකි. සංකීර්ණය වටා ප්‍රාකාර තුනක් හා දිය අගල් දෙකකි. සීගිරි පර්වත මුදුන හෙක්ටයාර් 1.5 ක බිම් ප්‍රමානයකින් යුක්ත වන අතර පිහිටි ගල කැණ සකසා ඇති ප්‍රධාන පොකුණ ඇතුලු සෙසු අංග දකුනු දෙසින් දැකිය හැකිය.එමෙන්ම සීගිරි බිතු සිතුවම් හා හාත්පස පරිසරය පිලිබදව හැගීම් මනාව කාවයයට නගා ඇති එම කුරුටු ගී ,සාහිත්‍යමය වශයෙන් හා භාශාමය වශයෙන් වැදගත් වේ. සෙනරත් පරණවිතාන මහතා විසින් කුරුටු ගී 685 ක් කියවා සටහන් කර ඇත. එමෙන්ම සරල විද්‍යාත්මක සිද්ධාන්ත භාවිත කර අපූර්ව ආකාරයට නිර්මාණය කර ඇති සීගිරි ජලමල් වලට සුවිශේෂී තැනක් හිමි වේ. ජලමල්වලට අවශ්‍ය ජලය ලැබෙනුයේ දෙපස පිහිටා ඇති ගිම්හාන මාලිගා වටා ඇති දිය අගල් මගිනි.
දෙවන දිනය..
පුරාවිද්‍යාත්මක වටිනාකම
1.පිදුරංගල පර්වතය හා රජමහා විහාරය
පිදුරංගල යනු සීගිරි පර්වතයේ සිට කිලෝමීටර් 1ක් පමණ දුරින් පිහිටි ශේෂ කන්දකි. පළමුවන කාශ්‍යප රජු විසින් සීගිරි බලකොටුව සෑදීමට තෝරාගත් ස්ථානයේ වැඩසිටි ස්වාමීන් වහන්සේලා හට පිදුරංගල රාජකීය විහාරය ඉදිකොට පූජා කල බව ඉතිහාසයේ සඳහන් වේ. කඳු පාමුල කාශ්‍යප රජුගේ ආදාහන ස්ථානය ලෙස සැලකෙන විනාශ වූ දාගැබක් පිහිටා ඇත. පියගැටපෙළක් කඳු මුදුනට ගමන් කරන අතර ගමන් මාර්ගයේ අතරමගදී හමුවන දුගු ගුහාවක ගඩොල් සහ ගල්කැට වලින් සෑදූ විශාල සැතපෙන බුදු පිළිමයකි. වර්තමානයේ මෙය දේශීය මෙන්ම විදේශිකයන්ගේද ආකර්ෂණය දිනාගත් සංචාරක කේන්ද්‍රස්ථානයකි.
2.ඉබ්බන්කටුව වැව
දඹුලු ඔය ජලාශය ලෙසද හඳුන්වන මෙම ජලාශය දඹුල්ල නගරය නගරයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් දඹුල්ල- කුරුණෑගල ප්‍රධාන මාර්ගයට වැටෙන මාර්ගයක පිහිටා ඇත. ජලාශය මැද ඇති "සතුටු දූපත" නිසා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇත. දූපත වෙත ළඟා වීම සඳහා බෝට්ටු සේවාවක්ද ක්‍රියාත්මක වේ.
3.ඉබ්බන්කටුව මහාශිලා සුසානය
කුරුණෑගල- දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල නගරයට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි මෙම භූමිය පහසුවෙන් සොයාගත හැකිවන පරිදි පුවරු ප්‍රදර්ශනය කොට ඇත. අක්කර 2ක පමණ භූමියක් පුරා විහිදෙන මෙහි දැනට සිස්ට් සොහොන් 10ක් පමණ මතුකොට ගෙන ඇත. සෑම සොහොනක්ම ගල් පුවරු 4කින් වෙන් කර මුදුනේ තවත් ගල් පතුරකින් ආවරණය කොට ඇත. මෙම සුසාන භූමිය ක්‍රි.පූ. 600 සිට 450 දක්වා පූර්ව ශිලා සංක්‍රාන්ත යුගයට අයත් යැයි සැලකෙන අතර මියගිය ඇත්තවුන් ආදාහනය කොට දේහයන් සහ පෞද්ගලික පබළු සහ මාල ආදී සොහොන් භාණ්ඩ අඩංගු ටෙරාකොටා බඳුන් මෙහි තැන්පත් කොට තිබී සොයාගෙන ඇත.
4. දඹුල්ල රජමහා විහාරය
වළගම්බා රජතුමා විසින් සාදන ලද මෙය ශ්‍රී ලංකාවේ විශාලතම සහ වැදගත්ම
ලෙන් විහාරයයි. ක්‍රි.පූ. 3 වන සියවසේ දී මෙහි භික්ෂුන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිටි බව සඳහන් වේ. විහාරස්ථාන පහකින් සමන්විත ලෙන් සංකීර්ණය මුහුදු මට්ටමේ සිට අඩි 1118ක් පමණ උසැති දැවැන්ත පර්වතයක් මත දර්ශනීය පසුබිමක් ඇති අතර කුරුණෑගල තැනිතලාවෙන්ද, සීගිරි පර්වතයෙන්ද, රිටිගල කන්දෙන්ද වටවී ඇත. ලෙන් සංකීර්ණය විශාල ලෙන් ප්‍රතිමාවන් සහ බිතුසිතුවම් දහස් ගණනකින් පිරී ඇති අතර සතර මහා දෙවිවරුන්ගේ, රජවරුන්ගේ පිළිමවලින් සමන්විත මහා කලාගාරයකි. වර්තමානයේ දක්නට ලැබෙන්නේ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දෙවරගම්ල නමැති ශිල්පියා විසින් අඳින ලද චිත්‍රය. 1991 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.
ගවේශන සටහන:
ජනවාරි මස 25 වන දින සීගිරිය සහ පිදුරංගල පුරාවිද්‍යාත්මක ගවේශනය ආරම්භ කිරීම සදහා අප විද්‍යා පීඨය අසලට රැස්ව සිටියෙමු.ගමන ආරම්භ වූයේ උදෑසන 9 ට පමණය. මෙම ගවේශනයේ සියලු දැනුම ලබා දුන් බඹරා බස් රථයට ගොඩ වූයේ කටුගන්ස්තොටින්ය. තවද ටිකිරි අක්කා ,රත්මල් අක්කා අතරමගදී ගමනට එකතු විය. සින්දු කියමින් විනෝද වූ අප දවල් වන විට දඹුල්ල නගරයට ලගා විය. දින දෙක ගත කිරීම සදහා අවශ්‍ය වූ ද්‍රව්‍ය එහිදී මිලදී ගත් අතර දහවල් 11.30 පමන වන විට අප සීගිරිය කරා ලගා වීමු. බසයෙන් බැස ගත් අප බඹරාගෙන් සීගිරිය පිලිබද බොහෝ කරුන උගත්තෙමු.
දිවා ආහරය එහිදී ලබගත් අතර වදුරු රංචු අප වට කර සිටියහ. සීගිරි කෞතුකාගාරය නැරඹූ අප ඉන්පසු සීගිරිය මග දෙපස ඇති ජල මල්,චන්ද්‍ර පාෂානවලින් සාදන ලද පඩිපෙල්, මතින් සීගිරි ගල මුදුනට ලගා විමු. මද වර්ශාපතනයක් පතිත වුවද එය සියල්ලන්ගේම විඩාව සෝදා හරින්නට මග පෑදීය. ඉන්පසු සීගිරි බිතුසිතුවම්ද නැරඹූ අප සෙමෙන් දවසේ නිමාව කර ලගා විය. රත්මල් අක්කාට සමු දුන් අප සියලු දෙනා නැවත බස් රථයට ගොඩ වීමු. සවස 7 පමන වන විට පිදුරංගල පන්සලට ලගා වූ අප කඩිනමින් රාත්‍රී ආහාරය පිසගත්තේ කන්ඩායම් තුනකට බෙදීය. රැම්බො අයියා,චුකා,පොහොට්ටු අක්කාගේ උදව් උපකාර ඇතිව රාත්‍රී ආහාර වේල පිලියල විය. ඇග පත සෝදා ගත් අප සියලු දේනා ඉන්පසු රාත්‍රී ආහාර වේල ලබා ගත්තෙමු. ශාලාව අස්පස් කර සියලු දෙනා වට වී තොරාතුරු කතා කරන්නටා විය. කීටයා අයියාට අනුව අප කෑම පිසිම බොහෝම ඉක්මනින් ඉවර කර තිබූ බැවින් ආගිය තොරතුරු කතා කිරීමට වැඩි වේලාවක් ඉතිරි වී තිබිනි. ඉන්පසු අප රාත්‍රී 11.30 ට පමන දවස නිමා කර නින්දට ගියේය.
අලුයම 2ට පමණ අවදි වූ අප එදින උදෑසන සහ දිවා ආහාර වේල සඳහා බත් සමඟ පරිප්පු සහ සෝයා ව්‍යාංජන පිළියෙළ කොට ගතිමු. චුකාගේ ( චූටි කපුටි) රසවත් කිරි තේ වේලකින් ප්‍රබෝධමත් වූ සියලු දෙනා යුහුසුලුව සූදානම් වී උදෑසන ආහාර වේල ගෙන ශාලාව අස්පස් කොට නැවත භාරදී පාන්දර 5.30ට පමණ පිදුරංගල පර්වතය නැගීමට විහාරස්ථානයෙන් ආරම්භ කළෙමු.
මුල් අදියර මාර්ගය දෙපස ආලෝකමත් වීම සහ පඩිපෙළ නිසා මාර්ගය අපහසු නොවූවද සැතපෙන බුදු පිළිමය පසු වනවාත් සමඟ මාර්ගය තරමක් අභියෝගාත්මක විය. හෝරා අඩකට ආසන්න කාලයකින් පර්වතය තරණය කොට අපි මුදුනට ළඟා වීමු.
විදේශීය සංචාරකයන් රැසක්ද අපත් සමඟ පර්වතය තරණය කළේ ඉර සේවය නැරඹීමට මහත් අපේක්ෂාවෙන් විය යුතුය.
ඝන මීදුමකින් මුළු ප්‍රදේශයම වැසී තිබූ අතර අපි සියල්ලම පර්වතය මත හිඳ සිටියේ උදෑසන 6.27ට යෙදී තිබූ සූර්ය උදාව නැරඹීමට හැකිවේදැයි සැකමුසු බැල්මෙනි. නමුත් දසතින් හමා ආ සීතල සුළඟ සහ ඝන මීදුම සිතට ඇතිකළේ ප්‍රබෝධයකි. උදෑසන 8 වන තුරුත් අපට දැකගත හැකි වූයේ හිරුගේ මන්දාලෝකය පමණක් වුවද සීත කාළගුණය අප තුළ ඇති කලේ වෙනස්ම අත්දැකීමකි. හෝරා දෙකකට ආසන්න කාලයක් පර්වතය මත රැඳී සිට චායාරූපකරණයේද නිරත වී නැවත පහළට බැසීමට පටන් ගතිමු.
උදෑසන 8.30 පමණ වන විට කඳු තරණය නිමා කළ අප බසයට නැඟී පිටත් වූයේ ඉබ්බන්කටුව ජලාශය නැරැඹීමටයි.
අඩ හෝරාවකට ආසන්න කාලයක් එහි රැඳී සිට චායාරූපකරණයේ යෙදී නැවත බසයට නැඟියේ ඉබ්බන්කටුව මහාශිලා සුසානය නරඹනු අපේක්ෂාවෙනි.
'17 ටුල්ලා අයියා' අපව මුණ ගැසී සුහද පිළිසඳරක නිරත වූ අතර ඔහු අපට මාළු බනිස් සහ කිරි පැකට් සංග්‍රහයක් කිරීමටද අමතක නොකළේය. බඹරා අපට සැකෙවින් ගෙනහැර දැක්වූයේ මෙම ශිලා සුසානයේ ඓතිහාසික වැදගත්කමයි. නමුත් අපි සුසාන භූමිය තුළට ප්‍රවේශයක් ලබා නොගත්තෙමු.
ඉක්බිතිව, අප පිටත් වූයේ රංගිරි දඹුලු රජමහා විහාරය වැඳපුදා ගැනීමටයි. වඳුරු ගහනය ඉතා බාධාකාරී වූ බැවින් දිවා ආහාරය ප්‍රමාද කිරීමට අපට සිදුවිය. මධ්‍යහ්න 12ට ආසන්න වුවද වෙහෙස නොබලා දඹුලු ගල තරණය කල අප බඹරාගේ මග පෙන්වීම ඇතිව ලෙන් විහාර නැරඹුවෙමු. හෝරා දෙකකට ආසන්න කාලයක් එහි රැඳී සිට නැවත අප බස් රථයට ගොඩ වූයේ දිවා ආහාරය ගැනීම සඳහා සුදුසු ස්ථානයක් සෙවීමේ අටියෙනි. මගදී දිවා ආහාරය ලබාගත් අප නැවත විශ්ව විද්‍යාල විද්‍යා පීඨය අසලට පැමිණ විසිර ගියෙමු.
සටහන : අචිනි දිල්මිනි ( Agri 20 උදැල්ලි )
නිර්මාණි ( Dental 18 ටිකිරි )
No comments:
Post a Comment