- ගවේෂණ අංකය : Event No.10
- දිනය : 2024/11/24
- ගමන් මාර්ගය : පේරාදෙණිය ➡️ ගම්පොල ➡️ පුස්සැල්ලාව ➡️Peacock hill ➡️ ගම්පොල ➡️ පේරාදෙණිය
- පිහිටීම : https://maps.app.goo.gl/VtEv7GdrNPq6CQb3A
හැඳින්වීම
ඓතිහොසික වටිනාකමක් ඇති මෙම ප්‍රදේශයේ කොටකේපිටිය නම් වූ ග්‍රාමයේ දුටුගැමුණු කුමරු අවුරුදු දොළහක් පමණ පියා සමග ආරවුලක් ඇතිවී පැමිණ සැගව සිටි බවත් මොණරගල කන්ද අවට එඩේර ජීවිතයක් ගතකරමින් විසූ බවත් ජනප්‍රවාදයේ සදහන් වේ.
සමන් දෙවිදු බුදුරදුන් හට ආරාධනා කිරීම පිණිස මොණරගල කදු පෙදෙස තෝරා සිටි බවත් මොණරකුගේ කෑගැසීම නිසා එය අසුභ ලකුණක් සේ සලකා පසුව සමනළ කන්දට වැඩි බවත් ජනප්‍රවාදයේ සදහන් වන තවත් එක් කරුණකි.
පරිසර පද්ධතිය : කඳුකර ලදු කැලෑ(cloudy forest) 🌳
දැකිය හැකි සතුන් :
කොණ්ඩයො, පොල්කිච්චා, බමුණු පියාකුස්සා සහ කඳු ආශ්‍රිත පක්ෂින් විශේෂ ද සර්පයින්, කටුස්සන්, ඇතුලු උරග විශේෂද ක්රිම්සන් ක්‍රෝ, බ්ලූ මෝමර් වැනි සමනලයින් හා කෘමීන් විශේෂද, ඌරන්, මීමින්නන් වැනි ක්ෂීරපායින් ඇතුලු සතුන්
දැකිය හැකි ශාක :
කන්දේ විශාල වපසරියක් පයින් ශාක වලින් යුක්ත වන අතර අසල කැලෑ ප්‍රදේශය තුල හොනොග, හිගුරු, නියගලො, පින්න වැනි ශොක.
දර්ශන පථය :
කොත්මලේ ජලාශය, හන්තාන, බතලේගල, කබරගල, රාක්ෂාව, ලූල් කඳුර, අටබාගේ , පිදුරුතලාගල, නකල්ස් කඳු, පූනා ඔය, අම්බුලුවාව
ගවේෂණ සටහන:
2024/25 ගවේෂණ වාරයේ 10 වන ගවේෂණය ලෙස අප සංගමය තෝරාගත්තේ මොනරගල ගවේෂණයයි. නොවැම්බර් 24 වනදා පරිසරයේ යම් වැසි බර කාලගුණයක් පැවතියත් ඒ සියල්ල හමුවේ උදෑසනම විද්‍යා පීඨයට රැස් වූ අප ගවේෂකයන් , ඔවුන්ගේ ගවේෂණයට පැවති රුචිකත්වය මනා සේ පිළිඹිබු කිරීමට සමත් වූහ. පොද වැස්සක සිසිලස සමඟ ගමන ආරම්භ වූයේ එක කණ්ඩායමකට සත්තු හා ශාක ගැනත් අනෙක් කන්ඩායමට භූ විෂමතා ගැනත් ලෙස කණ්ඩායම් දෙකකට බෙදී තොරතුරු සෙවීම හා ඡායාරූප ගැනීමට උපදෙස් ලැබීමෙන් පසුවයි.
විද්‍යා පීඨයෙන් ආරම්භ වූ අප ගවේෂණයේ මාර්ගය ලෙස තෝරාගෙන තිබුණු මහනුවර නුවරඑළිය මාර්ගයේ ගමන්කර පුස්සැල්ලාව නගරයට අපි සේන්දු වුණෙමු. ගමන් මාර්ගය ලෙස තෝරාගෙන තිබූ බස් රථයකට යාම මඳක් අපහසු වූ මාර්ගය හරහා අප මොණරගල පාමුලට ළඟා වන විට උදෑසන 10.30 පමන වී තිබිණි. අතහැර දමා තිබූ පරණ කර්මාන්ත ශාලාවක් අසලදී අප බස් රථයෙන් බැස ගවේෂණය ආරම්භ කළෙමු. එළවළු වගාවන් මැදින් ගමන් කරමින් අපේ පළමු සංධිස්ථානය වූ ෆයිනස් ගස් ගොමුවක අලංකාර දර්ශන පථයක් වෙත අපි ළඟා වූයෙමු. එහිදී රැගෙන ආ බීම හා බිස්කට් ආහාරයක් ගත් අපිට එම දර්ශන පථයේ සුන්දරත්වය විඳිමින් විශාල ඡායාරූප ප්‍රමාණයක් ගැනීමේ අවස්ථාව හිමිවිය.
ඉන්පසු නැවත මොණරගල මුදුන කරා ආරම්භ කළ ගමනේදී අපිට වැලි මුවෙක් හා බමුණු උකුස්සෙක් දැකගැනීමේ දුලභ අවස්ථාවක් උදාවිය.
කූඩැල්ලන් ගහන මාර්ගයක් අවසානයේ අපිට මොණරගල මුදුනේ වූ ගල් තලාවක් සමඟ එක්වූ මනරම් දර්ශන පථයක සුන්දරත්වය විඳීමේ අවස්ථාව ලැබිණි. දහවල් ආහාරය එහිදී ගත් අපි සැවොම එම පරිසරයේ අසිරිය ඡායාරූපයට නඟා ගත්තේ ජ්‍යේෂ්ඨ ගවේෂක සහෝදර සහෝදරියන්ගේ පෙර ගවේෂණවල රසවත් මතක අතර සැරිසරමිනි.
ආ මඟෙහිම මොණරගල පහළට බැසගත් අපි කොත්මලේ ජලාශයේ සිසිලසට මුසු වූ මහවැලි මහා සෑයේ දැකුම්කළු දසුන් අතරින් නැවත විද්‍යා පීඨයට පැමිණියේ මෙම ගවේෂණ වාරයේ 10 වන ගවේෂණයේ අවසානය සනිටුහන් කරමිනි.
සියලුම ගවේෂකයන් එදින විසිර ගියේ අපූරු මතක ගොන්නක් හිතෙහි රඳවාගෙන නැවත එවැනිම සුන්දර ගවේෂණයකදී ඉක්මනින්ම හමුවීමේ බලාපොරොත්තුව සිත් හි දල්වාගෙනයි.
Photo Album :
https://www.facebook.com/share/p/1CfWEsLV3d/
සටහන:
නවෝද්‍යා ( E21 සිත්තරි )
හංසිකා ( E21 දවුලි )
ශම්මි ( E21 පුංචි පාත්ති )
තොරතුරු:
නවෝද්‍යා ( E21 සිත්තරි )
හංසිකා ( E21 දවුලි )
No comments:
Post a Comment