විල්ශයර් ගවේෂණය 25/26
ගවේෂණ අංකය-13
දිනය-2025.10.12
ගමන් මාර්ගය:
පේරාදෙණි විශ්ව විද්‍යාලය> මහනුවර> කටුගස්තොට> මාතලේ> විල්ශයර්> කටුගස්තොට> මහනුවර >පේරාදෙණි විශ්ව විද්‍යාලය.
පිහිටීම:
හැඳින්වීම:
විල්ශයර් යනු මාතලේ නගරයේ සිට කිලෝ මීටර් 3.5 පමණ දුරකින් පිහිටා ඇති නකස් කඳු වැටියට අයත් කන්දකි.මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1200ක් පමණ උස සාරවත් හරිත පරිසරයකින් යුක්ත වේ. මෙයට විල්ශයර් යන නම තබා ඇත්තේ බ්‍රිතාන්‍යයන් විසිනි .බ්‍රිතාන්‍යයන් විසින් මෙම කන්ද"මැටෙල්" යන නමින්ද හඳුන්වා ඇත. අලු විහාරයේ කන්ද ,ඇටිගලකන්ද කන්ද ලෙස හඳුන්වන්නේද මෙම කන්දයි. විල්ශය තරණය සඳහා විවිධ මාර්ග ඇත. අතීතයේදී විල්ශය කන්ද මධ්‍යයේ බංගලාවක් තිබී ඇති අතර වාහන යාම සඳහා මාර්ගයක් ද තිබී ඇත .මෙම කන්ද තරණයේ දී "අව්ව" නම් ගල්තලාව අසලට මාතලේ නගරය හොඳින් දර්ශනය වේ. විල්ශය කන්දට එහාපසින් බ්‍රැන්ඩිගල කන්ද සඳහා මාර්ගයක් ඇත.
දැකිය හැකි ශාක:
කඳු මුදුන ආරම්භයේදී ශාක වල වියන් ස්තරය, උපවියන් ස්තරය හා බිම් ස්තරය යන හොඳින් වෙන්කර හඳුනාගතත හැකි ශාක ස්තරායනයක් දැක ගත හැකිය. කඳු මුදුනට වත්ම ෆයිනස් ශාක බහුල වශයෙන්ද ,ඊට අමතරව ලයිකන, පාසි, කැලෑ රෝස විශේශයක්,ඕකිඩ් විශේෂ, බැඳුණු ඇඹරුණු ශාක විශේෂ හා මානාවර්ග ගවේෂණයේ දී දැකගත හැකිය.
දැකිය හැකි සතුන්:
අරංගයා,ශ්‍රී ලංකා කොල පරවියා,Hanging parrot,Layard’s parakeet,Wood pigeon වැනි පක්ෂි විශේෂ,knuckels bent-toed gecko වැනි හූනන්,Knuckels lizards,leaf-nosed pygmy lizards,Shrub frogs,සර්ප විශේෂ වැනි උරගයින්,බඹරුන්,මීමැසසන් වැනි කෘමීන් විශේෂ,Purplefacedlangur(මහවදුරා),වැලිමුවන්,ලේනුන් ,මී මින්නන්,නිල්ලු මීයා වැනි ක්ෂීරපායින්,කූඩැල්ලන් වැනි සත්ව විශේෂ ගණනාවක් දැකගත් හැකිය.
මානව ක්‍රියාකාරකම්:කඳු පාමුල තෙක්ම ඉදිකිරීම් හා වගාවන් සඳහා භූමිය භාවිතා කර ඇති බව දැකගත හැකිය.කන්ද මධ්‍යයේ කලකට පෙර ඉදිකර තිබූ බංගලාවක නටබුන් දැකගත හැකි විය. නමුත් වර්තමානය වන විට, කන්දේ ඉහළට යත්ම ,මිනිස් ග්‍රහණයෙන් ඈත් වී ඇති බවක් දැක ගතහැකිය.
ගවේෂණ සටහන:
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය විසින් 5/26 ගවේෂණය වාරයේ 07 ගවේෂණය ලෙස, විල්ශය ගවේෂණය සිදු කරන ලදී. උදෑසන 7.30 පමණ වන විට ගවේෂකයන් පනහකට ආසන්න සංඛ්‍යාවක් විද්‍යා පීඨය වෙත එක් රැස් විය. සුපුරුදු පරිදි ගවේශණය ආරම්භ කිරීමට පෙර කණ්ඩායම් හතරකට බෙදී එක් එක් කණ්ඩායම් එක් එක් මාතෘකා යටතේ ගවේෂණය කිරීමට වග බලා ගන්නා ලදී. ඉන් පසුව 8.30 පමණ විශ්ව විද්‍යාලයෙන් ගමන ආරම්භ කර සරසවි උයන දුම්රිය ස්ථානයෙන් නුවර දක්වා දුම්රියෙන්ද ,නුවර සිට මාතලේ දක්වා බස් රථයකින්ද ගමන් කර,අපගේ ගවේෂණය ආරම්භක ස්ථානය වන මාතලේ නගරයට පෙ.ව 10 වන විට ලඟා විය.
මාතලේ නගරයේ සිට පාගමනින් ගවේෂණය ආරම්භ කළ අතර, ජනාකීර්ණ ප්‍රදේශයකින් පසුව වගා බිම් හා හුදෙකලා නිවෙස් සහිත ගම්මානයක් පසුකර විල්ශය කඳු පාමුල වෙත ළඟා වුණෙමු.
ශාක විවිධත්වය හා සත්ත්ව විවිධත්වයෙන් අනූන පාරිසරික වටිනාකම් රැසක් සපිරි විල්ශය තරණය පැහැදිලි ගමන් මාර්ගයක් නොතිබුණු නිසා තරමත් දුෂ්කර විය.එක් අවස්ථාවක අපහට මාර්ගය වැරදුනු අතර නැවත නිවැරදි මාර්ගය සොයා ගැනීම සඳහා යම් කාලයක් වැය විය. කෙසේ වෙතත් මද වේලාවකින් පසුව නැවත නිවැරදි මාර්ගය සොයා ගැනීමට හැකි විය.මාර්ගයේ තිබූ අපැහැදිලි බවත් ,තරණයේ තිබූ දුෂ්කර බවත් නිසා දිවා ආහාර ලබා ගන්නා විට ප.ව 2 පමණ විය. දිවා ආහාරය ලබාගත් ස්ථානයේ සිට කඳු මුදුන වෙත තවත් මීටර් 750 ක පමණ දුරක් තිබූ අතර කාලය අප හට එරෙහි විය. මග පෙන්වීම සිදුකළ සහෝදරයන් විසින් කඳු මුදුනට ඇති දුර හා නැවත විශ්වවිද්‍යාල වෙත ගමන් කිරීමට ගතවන කාලය පිළිබඳව පැහැදිලි කළ අතර, සියලු දෙනාගේම ඒකමතික තීරණය මත නැවත විශ්ව විද්‍යාල කරා යාමට එකඟ විය.
අපහට විල්ශය ඉහළ මුදුනත දක්වා තරණය කළ නොහැකි වුවත්, මෙම ගවේෂණය අතරතුරදී, බොහෝ අත්දැකීම් හා මිත්‍රත්වයන් වර්ධනය විය.
නැවත පැමිණීමේදී කඳු මුදුන ආරම්භ වන ස්ථානය ආසන්නයේ දි මාතලේ නගරය හා ඒ දර්ශන පථය පිළිබඳ සහෝදරවරු විසින් පැහැදිලි කල අතර ,එම ස්ථානයේදීම සියලු දෙනා හඳුනා ගන්නා ලදී.
මාතලේ දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා දිවෙන දුම්රියකින් අප සරසවි උයන දුම්රිය ස්ථානයට ළඟා වුනෙමු. ඉතා දුෂ්කර ගමනාන්තයකින් පසුව සවස 7.30 පමණ වන විට නැවත විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය ළඟා වීමට හැකි විය. ඉන් පසු ගවේෂකයන් සියලු දෙනා සතුටින් විසිර ගියහ.
Album-
Written by - Bihani hansika (Arts 22 rosi)
No comments:
Post a Comment