Thursday, January 22, 2026

Peacock hill - 2025

ගවේෂණ අංකය : Event No 14

දිනය: 2025/10/26

ගමන් මාර්ගය : පේරාදෙණිය ➡️ගම්පොල➡️පුස්සැල්ලාව➡️peacock hill➡️ගම්පොල➡️ පේරාදෙණිය 


https://maps.app.goo.gl/gVMNYJPt1DRxPEdV7?g_st=aw




මහනුවර - නුවරඑළිය මාර්ගයේ 37km පමන ගිය විට පුස්සැල්ලාව නගරයට ආසන්නව දොරගල ගම්මානයේ peacock hill හෙවත් මොනරගල පිහිටා ඇත.එය මුහුදු මට්ටමේ සිට අඩි 4981 උසින් පිහිටා ඇත.දොරගල ගම්මානය දක්වා වූ ගමන් මග දෙපස සමන්විත වන්නේ තේ වතු වලිනි.නුවරඑළියට සමාන වූ  කාලගුණයක් මෙම ගමන තුල අත්විදීමට ලැබෙනු ඇත.

ඈත සිට බැලූ විට කදු වැටියේ ඉහල කොටස  මොනර හිසකින් ද ඊට පහලින් ඇති නෙරුම මොනර හොටක් සේ දිස්වන නිසා මෙම peacock hill යන නාමය ලැබී ඇත.කදු පාමුල සිට කදු මුදුනට යන ගමන සාමාන්‍යයෙන් පහසු හා කෙටි එකක් ලෙස සැලකේ.සුන්දර පරිසරයක් සහ පයින් වගාවන් හරහා යන මෙම ගමන දේශීය මෙන්ම විදේශීය යන දෙපාර්ශ්වයේම ප්‍රියතම ස්ථානයක් බවට පත්ව ඇත.

සංචාරක ආකර්ෂණයට ප්‍රධාන හේතුව වන්නේ කදු මුදුනේ සිට පෙනෙන අතිවිශිෂ්ට අංශක 360 ක පරිදර්ශනයයි.පැහැදිලි දිනකදී එහි පැමිණෙන්නන්ට කබරගල,පිදුරුතලාගල කදු පන්තිය , නකල්ස් ,කොත්මලේ ජලාශය ,අටබාගේ ,ගැරඩිගිනි ඇල්ල,ලූල්කදුර, හන්තාන වැනි ස්ථාන දැක බලා ගත හැකි වනු ඇත.


කදුකර ලදු කැලෑ  පරිසර පද්ධති වර්ගීකරණයට අයත් මෙම ප්‍රදේශය තුල ප්‍රධාන  ලෙස පයින් ශාක ද ඊට අමතරව මහානාග ,හිගුරු,නියගලා වැනි ශාක හමුවේ .එමෙන්ම කදු ආශ්‍රිත පක්ශීන්,උරග විශේෂ ,ක්ෂීරපායින් දැක ගත හැක.



ගවේෂණ සටහන: 2025/26 ගවේෂණ වාරයේ 14 වන තරණය ලෙස peacock hill වෙත යාමට,2025/10/26 වූ ඉරු දින ගවේෂකයෝ විදඩ්‍යා පීඨ පරිශ්‍රයට එක් රැස් වූහ.සභාපති සහෝදරයාගේ කෙටි දැනුවත් කිරීම් වලින් පසුව කණ්ඩායම් 4 කට බෙදුනු අතර ඔවුන් හට ගවේෂණය අතරතුර  ශාක ,සතුන්,භූ විෂමතා, පාරිසරික හානි ගැන සෙවීම භාර දෙන ලදී.

උදෑසන 8.30 ට පමන ගමන පිටත් වූ අතර නාවලපිටිය - මහනුවර බස් රථයකින් ගම්පොළ නගරයට ලගා වීමු.අනතුරුව උදෑසන 9.40 පමන දොරගල-ගම්පොල බස් රථයෙන් ගමන් ඇරඹීමු.

දොරගල ගම්මානයට ලගා වූ අප කදු පාමුල දක්වා වූ ගමන් මාර්ගයේ ගමන ආරම්භ කලෙමු.විනාඩි 40ක පමණ ගමනකින් පසු කදු පාමුලට ලගා වූ අපි මදක් විවේක ගෙන කන්ද නැගීම ආරම්භ කලෙමු.



විනාඩි 30 ක පමන කාලයකින් කදු මුදුනට ලගා වූයෙමු.දිවා ආහාරය ලබා ගත් පසු කදු මුදුන අවට භූ විෂමතාව  ආදිය විස්තර කර දුන් අතර අනතුරුව  කණ්ඩායමේ සාමාජික / සාමාජිකාවන් තම තමන්ව හදුන්වා දුන්හ.

ජායාරූප ලබා  ගැනීමෙන් අනතුරුව දහවල්  1.10 ට පමණ පිටත් වීම ආරම්භ කල අප හවස 3.20 ට පමන දොරගල සිට ගම්පොල දක්වා ගමන් කරන බස් රථයට ගොඩවීමු.ගම්පොළ නගරයට පැමිණි අපි එතැන් සිට සරසවි උයන දුම්රිය නැවතුම්පොළ  දක්වා දුම්රියෙන් පැමිනියෙමු.සවස 5.40 ට පමන, ගමන ආරම්භ කල ස්ථානයට  නැවත පැමිනි අපි ගීත දෙක ගායනා කිරීමෙන් හා ෆිට් එක දැමීමෙන් පසු විසිර ගියෙමු.


Album - 

සටහන: ඉමායා ජයරත්න.

No comments:

Post a Comment