Thursday, January 22, 2026

Elgin falls Pilot - 2025


 පේරාදෙණියෙ ගවේෂකයන් ඇල්ජින් කොමළිය සොයා







2025 අගෝස්තු මස 29 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ සාමාජිකයන් දහ දෙනෙකු වන අප විසින් විද්‍යා පීඨ පොදු කාමරයට එකතු වී ඉන් පසුව පේරාදෙණිය දුම්රිය ස්ථානයට ගොස් බදුල්ල බලා පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය මගින් ඇල්ජින් ඇල්ල නියමු ගවේෂණය ආරම්භ කරන ලදී.  ඉන්පසු එනම් 2025 අගෝස්තු 30 වන දින උදේ 4.37 පමණ වන විට අපට අඹේ වෙල දුම්රිය ස්ථානයට ලඟා වීමට හැකි විය. අඹේ වෙල දුම්රිය ස්ථානයේ සිට අපගේ ගිමන් මහන්සිය නිවා එදිනම  උදේ 7.16 පමණ වන විට අප අපගේ ඇල්ජින් නියමු ගවේෂණය චාරිකාව ආරම්භ කරන ලදී.

ඉතාමත් අලංකාර වෘක්ෂලතා වලින් සමන්විත වූ පරිසරයක ඇල්ජින් ඇල්ල පිහිටා ඇත. ඇල්ජින් ඇල්ල පිහිටා තිබෙන්නේ නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 18 ක් පමණ ඈතට වන්නට වන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 1900ක් පමණ උසකින් පිහිටා ඇත මෙම අලංකාර දිය ඇල්ල නානුඔය හා අඹේ වෙල දුම්රිය ස්ථාන දෙක අතර ගමන් කරන්නෙකුගේ නෙත ගැටෙන ඉතාමත් අලංකාර දිය ඇල්ලකි. සාමාන්‍යයෙන් මෙම දිය  ඇල්ලෙහි උස මීටර් 25ක් පමණ වේ. 

මෙම ඇල්ජින් ඇල්ල වෙත ළඟාවීමට මාර්ග කිහිපයක් ඇති බව අපට දැනගන්නට ලැබුණු අතර අපට ගමන් කිරීමට සිදු වූයේ බොහෝ කටුපඳුරු වලින් හෙබි ඉතාමත් ප්‍රබල උන්නතාංශයක් සහිත වූ මාර්ගයකින් වූ අතර එම මාර්ගය තුළදී අපට ඉතාමත් අලංකාර ජෛව විවිධත්වයකින් යුතු ශාක හා සතුන් රැසක් දැක ගන්නට ලැබුණි. එම අලංකාර වූ පරිසරයේ පහස ලබමින්  අප සියලු දෙනා ඉතාමත් සුන්දර වූත් කිසිදා අමතක නොවෙන අත්දැකීම් රැසක් ලබා ගනිමින් විටින් විට ඇදහැලුණු හැදෑරෙන වර්ෂාවත් සමඟම අපගේ ගමනාන්තය වෙත ළඟා ළඟා විය.

එනම් එදින උදේ 11.57 පමණ වන විට අපිට අපට  ඇල්ජින් ඇල්ජින් කොමළිය අසලට යෑමට හැකි විය. ඒ කොතරම් අලංකාර දැයි කිවහොත් එය අසලට ගිය විට අපගේ මහන්සිය මුළුමනින්ම තුරන් වී ගියේය ඉන්පසු අප සියලු දෙනා ඇල්ජින් කොමළියේ සුන්දරත්වය විඳ  ඉන්පසු අපගේ දවල් ආහාරය ද එතැන් සිටම රැගෙන ඉතාමත් අලංකාර වූ ඡායාරූප රැසක් රැසක් ලබාගෙන අපගේ ගමනාරම්භක ස්ථානය වෙත ළඟා වීමට කටයුතු කරන ලදී. මෙලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ  සංගමයේ අප විසින්  අපගේ ඇල්ජින් නියම ගවේෂණය අවසන් කරන ලදී.


Album - 

Caption By-Manjulaa Ranasinghe(Marmite)

Written By-Manjulaa Ranasinghe(Marmite) and Sandakini Athukorala(Rankethi)

No comments:

Post a Comment